හිටපු ඇමැති කංචන විදුලිබල මණ්ඩලය දේශපාලනීයකරණය කළා... මණ්ඩලයේ නව සභාපති හොඳයි - ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය කියයි
ලංකා විදුලිබල මණ්ඩලයේ නායකත්වයේ සහ කළමනාකාරීත්වයේ මෑත කාලීන වෙනස්කම් 2026-2027 දී මතුවන විදුලි අර්බුදය වළක්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය පදනමක් වනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.
පසුගිය වසර දෙකහමාරක කාලය තුළ, හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා යටතේ, ලංකා විදුලිබල මණ්ඩලය දේශපාලනීකරණය වූ බව එම සංගමය අවධාරණය කරයි.
සාමාන්‍යයෙන් ජ්‍යෙෂ්ඨත්වය මත පුරප්පාඩු සපුරාලන ලද සාමාන්‍යාධිකාරී ඇතුළු ප්‍රධාන කළමනාකරණ තනතුරු දේශපාලනිකව පත්කරන ලද අතර එය මණ්ඩලයේ ක්‍රියාකාරිත්වයට විශාල පසුබෑමක් ඇති කළ බව ද ඔවුහු පෙන්වාදෙති.
කොළඹ පැවති ජනමාධ්‍ය හමුවකදී අදහස් පළකරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති සහ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ පෙන්වා දුන්නේ මෙම දේශපාලන පත්වීම් මූලික වශයෙන් ව්‍යාපාරික අවශ්‍යතා ඉදිරියට ගෙනයෑම ඉලක්ක කරගෙන සිදුකෙරුණු බවයි.
මතභේදයට තුඩු දී ඇති ද්‍රව ස්වාභාවික වායු (LNG) ටෙන්ඩරය ඇතුළු අනවශ්‍ය බලශක්ති ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම සහ පරිසරවේදීන්ගේ හා ප්‍රදේශවාසීන්ගේ විරෝධයට මුහුණ දී ඇති උතුරේ අදානි ව්‍යාපාර වැනි මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ඒ සඳහා උදාහරණ ලෙස ඔහු පෙන්වා දුන්නේය.
2023-2042 දිගුකාලීන ජනන ව්‍යාප්ති සැලැස්ම (LTGEP) කෙටුම්පතේ යෝජනා කර ඇති පරිදි පසුගිය වසර දෙකහමාර තුළ කිසිදු මහා පරිමාණ විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වූ බව ද ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති සහ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ එහිදී පැවසුවේය.
ඒ වෙනුවට, මිල අධික, අනවශ්‍ය පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කිහිපයක් පමණක් ඉදිරිපත් කරන ලද අතර, ඒ කිසිවක් විවිධ ගැටළු හේතුවෙන් සාර්ථක වී නොමැති බව ද ඔහු පැවසීය.
මෙම ප්‍රවණතා දිගටම පැවතුනහොත් 2026-2027 කාලය තුළ රට විදුලි අර්බුදයකට මුහුණ දිය හැකි බවට ඔහු අනතුරු ඇඟවීය.
කෙසේවෙතත් විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය පත්කිරීමට රජය ගත් තීරණය ඔහුගේ පැසසුමට ලක්විය.
බුද්ධිය සහ ප්‍රවීණත්වය මත පදනම්ව සිදු කරන ලද මෙම පත්වීම් මගින් පසුගිය වසර කිහිපය තුළ නායකත්ව දෝෂ නිවැරදි කිරීමට, විශේෂයෙන් විදුලි අර්බුදය මඟහරවා ගැනීමට උපකාරී වනු ඇතැයි ද ඔහු විශ්වාසය පළකළේය.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති