
හිටපු ඇමැති කංචන විදුලිබල මණ්ඩලය දේශපාලනීයකරණය කළා... මණ්ඩලයේ නව සභාපති හොඳයි - ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය කියයි
ලංකා විදුලිබල මණ්ඩලයේ නායකත්වයේ සහ කළමනාකාරීත්වයේ මෑත කාලීන වෙනස්කම් 2026-2027 දී මතුවන විදුලි අර්බුදය වළක්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය පදනමක් වනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.
පසුගිය වසර දෙකහමාරක කාලය තුළ, හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා යටතේ, ලංකා විදුලිබල මණ්ඩලය දේශපාලනීකරණය වූ බව එම සංගමය අවධාරණය කරයි.
සාමාන්‍යයෙන් ජ්‍යෙෂ්ඨත්වය මත පුරප්පාඩු සපුරාලන ලද සාමාන්‍යාධිකාරී ඇතුළු ප්‍රධාන කළමනාකරණ තනතුරු දේශපාලනිකව පත්කරන ලද අතර එය මණ්ඩලයේ ක්‍රියාකාරිත්වයට විශාල පසුබෑමක් ඇති කළ බව ද ඔවුහු පෙන්වාදෙති.
කොළඹ පැවති ජනමාධ්‍ය හමුවකදී අදහස් පළකරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති සහ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ පෙන්වා දුන්නේ මෙම දේශපාලන පත්වීම් මූලික වශයෙන් ව්‍යාපාරික අවශ්‍යතා ඉදිරියට ගෙනයෑම ඉලක්ක කරගෙන සිදුකෙරුණු බවයි.
මතභේදයට තුඩු දී ඇති ද්‍රව ස්වාභාවික වායු (LNG) ටෙන්ඩරය ඇතුළු අනවශ්‍ය බලශක්ති ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම සහ පරිසරවේදීන්ගේ හා ප්‍රදේශවාසීන්ගේ විරෝධයට මුහුණ දී ඇති උතුරේ අදානි ව්‍යාපාර වැනි මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ඒ සඳහා උදාහරණ ලෙස ඔහු පෙන්වා දුන්නේය.
2023-2042 දිගුකාලීන ජනන ව්‍යාප්ති සැලැස්ම (LTGEP) කෙටුම්පතේ යෝජනා කර ඇති පරිදි පසුගිය වසර දෙකහමාර තුළ කිසිදු මහා පරිමාණ විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වූ බව ද ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති සහ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ එහිදී පැවසුවේය.
ඒ වෙනුවට, මිල අධික, අනවශ්‍ය පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කිහිපයක් පමණක් ඉදිරිපත් කරන ලද අතර, ඒ කිසිවක් විවිධ ගැටළු හේතුවෙන් සාර්ථක වී නොමැති බව ද ඔහු පැවසීය.
මෙම ප්‍රවණතා දිගටම පැවතුනහොත් 2026-2027 කාලය තුළ රට විදුලි අර්බුදයකට මුහුණ දිය හැකි බවට ඔහු අනතුරු ඇඟවීය.
කෙසේවෙතත් විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය පත්කිරීමට රජය ගත් තීරණය ඔහුගේ පැසසුමට ලක්විය.
බුද්ධිය සහ ප්‍රවීණත්වය මත පදනම්ව සිදු කරන ලද මෙම පත්වීම් මගින් පසුගිය වසර කිහිපය තුළ නායකත්ව දෝෂ නිවැරදි කිරීමට, විශේෂයෙන් විදුලි අර්බුදය මඟහරවා ගැනීමට උපකාරී වනු ඇතැයි ද ඔහු විශ්වාසය පළකළේය.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි
එක්සත් ජනපදය පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමට කරන සාකච්ඡා සම්බන්ධයෙන් අනුර කුමාරගේ ආණ්ඩුව බොරු කියනවාද? රනිල් ප්‍රශ්න කරයි
යුරෝප සංගමය තාක්ෂණික පරීක්ෂණ මත පිහිටා ඇපල් සහ මෙටා සමාගම් වලට දඩ නියම කරයි.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
