
හොරු අල්ලන්න වසන්ත සමරසිංහ මහජන සහාය පතයි
රට තුළ පසුගිය රජයන් යටතේ සිදුකර ඇති දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් තොරතුරු පවතී නම් දූෂණ විරෝධී හඬ සංවිධානයට ලබාදෙන ලෙස එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී. ජාතික ජන බලවේගය හොරු සමග ඔට්ටු සෙල්ලම් නොකරන බවද ඔහු පවසයි.
අනුර කුමාර දිසානායක මහතා පසුගිය මස 23 වැනිදා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී 24 වැනිදා කුඩාම කැබිනට් මණ්ඩලය පත්කර මූල්‍ය අක්‍රමිකතා සිදුකළ පිරිස්වලට එරෙහිව ජනතාව බලාපොරොත්තු වූ පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමට පටන්ගෙන තිබෙන බවත් සමරසිංහ මහතා පැවසීය.
නව රජයට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මහජනතාව ලබාදෙන තොරතුරු ද ඉතා වැදගත් බවත් එම තොරතුරු සමග මූල්‍ය අක්‍රමිකතා සහ නීති විරෝධී වැඩ කළ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීම අධිකරණයන් හරහා සිදුවන ආකාරය මහජනතාවට දැකබලා ගත හැකි බවත් සමරසිංහ මහතා කීය.
චෝදනා එල්ල වී ඇති අයම තමන්ට එරෙහිව නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවත් එය කඩිමුඩියේ නොව සාක්ෂි සහිතව තොරතුරු ලබාගෙන කළ යුතු නිසා ක්‍රමානුකූලව සිදුකිරීමට යම් කාලයක් ගතවන බවත් ඒ මහතා කියාසිටියේය.
– Divaina
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි
එක්සත් ජනපදය පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමට කරන සාකච්ඡා සම්බන්ධයෙන් අනුර කුමාරගේ ආණ්ඩුව බොරු කියනවාද? රනිල් ප්‍රශ්න කරයි
යුරෝප සංගමය තාක්ෂණික පරීක්ෂණ මත පිහිටා ඇපල් සහ මෙටා සමාගම් වලට දඩ නියම කරයි.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
