පැන්ඩෝරා ලියවිලි වල නම් සඳහන් ශ්‍රී ලාංකිකයන් අල්ලන්න පරීක්ෂණ අඛණ්ඩව සිදු කරනවා - විජිත හේරත්
අයථා ලෙස ඩොලර් බිලියන ගණනක වත්කම් ඉපැයූ බව කියන පැන්ඩෝරා ලියවිලි වල නම් සඳහන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පැවැසීය.
පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් කරුණු සම්බන්ධයෙන් හා එම ලේඛනය තුළ චෝදනා එල්ල කර ඇති මෙරට පුරවැසියන් හා දේශපාලනඥයන් සම්බන්ධයෙන් එහිදී විමර්ශන සිදු කරන බවද ඔහු සඳහන් කළේය.
නව රජය යටතේ අනිවාර්යයෙන්ම මෙම පරීක්ෂණ කටයුතු ශක්තිමත්ව ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන බවද ඔහු පැවැසීය.
මේ අතර පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් බදු පැහැර හරින ලද ශ්‍රී ලාංකේය සමාගම් සහ පුද්ගලයන් සම්බන්ධව විශේෂ විමර්ශනයක් කිරීමට රජය අණ ලබාදී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය මේ පිළිබඳ සිදුකළ විමසීමකදී පැවැසීය.
එම විමර්ශනය මේ වන විට ආරම්භ කර ඇති බවත් එය තවමත් පර්යේෂණ මට්ටමේ ඇති බවත් ඇය කීවාය.
ජාත්‍යන්තර ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ එකමුතු (ICIJ) සිදු කළ විශේෂ අනාවරණයට අනුව බදු පැහැර හැරීම් හා වංචා මූල්‍ය වාර්තා මිලියන 11.9ක් එම පැන්ඩෝරා ලේඛන තුළ අඩංගු වන බවට හෙළිදරවු කර තිබේ.
බදු පැහැර හැරීමේ සහ මූල්‍ය වංචා සිදුකළ පුද්ගලයන් අතර ශ්‍රී ලාංකිකයන්ගේ නම්ද ඇතුළත් විය.
පසුගිය 2021 ඔක්තෝබර් 3දා ජාත්‍යන්තර ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ එකමුතුව මෙම ‘ පැන්ඩෝරා පත්‍රිකා’ හෙළිදරවු කිරීම සිදු කළහ.
රටවල් 117ක මාධ්‍යවේදීන් 600ක් එම විමර්ශනය සඳහා එකතු වී තිබිණි.
ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය ප්‍රකාශයට පත්කරන ලද පැන්ඩෝරා ලියවිලිවල සඳහන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැවැරී ඇති බලතල අනුව විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීනීයක් 2021 ඔක්තෝබර් 13 වැනිදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.
ඒ අනුව පැන්ඩෝරා ලියවිලිවල අන්තර්ගත ශ්‍රී ලාංකිකයන්ගේ බදු ගෙවීම් වලට අදාළ ලිපිගොනු පරීක්ෂා කිරීමක් හා බදු පැහැරහැරීම් වී තිබේදැයි මෙහිදී විමර්ශනයට ලක්වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කර තිබිණි.
අධිකරණයෙන් ඊට අදාළ වාර්තා කැඳවීමක් වුවහොත් ඒවා ලබාදීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව බැදී සිටින්නේ යැයිද දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීනීයක වැඩිදුරටත් සඳහන් කර තිබිණි.
– මිතුන් ජයවර්ධන, සචිත‍්‍ර පෙරේරා
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති