
පැන්ඩෝරා ලියවිලි වල නම් සඳහන් ශ්‍රී ලාංකිකයන් අල්ලන්න පරීක්ෂණ අඛණ්ඩව සිදු කරනවා - විජිත හේරත්
අයථා ලෙස ඩොලර් බිලියන ගණනක වත්කම් ඉපැයූ බව කියන පැන්ඩෝරා ලියවිලි වල නම් සඳහන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පැවැසීය.
පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් කරුණු සම්බන්ධයෙන් හා එම ලේඛනය තුළ චෝදනා එල්ල කර ඇති මෙරට පුරවැසියන් හා දේශපාලනඥයන් සම්බන්ධයෙන් එහිදී විමර්ශන සිදු කරන බවද ඔහු සඳහන් කළේය.
නව රජය යටතේ අනිවාර්යයෙන්ම මෙම පරීක්ෂණ කටයුතු ශක්තිමත්ව ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන බවද ඔහු පැවැසීය.
මේ අතර පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් බදු පැහැර හරින ලද ශ්‍රී ලාංකේය සමාගම් සහ පුද්ගලයන් සම්බන්ධව විශේෂ විමර්ශනයක් කිරීමට රජය අණ ලබාදී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය මේ පිළිබඳ සිදුකළ විමසීමකදී පැවැසීය.
එම විමර්ශනය මේ වන විට ආරම්භ කර ඇති බවත් එය තවමත් පර්යේෂණ මට්ටමේ ඇති බවත් ඇය කීවාය.
ජාත්‍යන්තර ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ එකමුතු (ICIJ) සිදු කළ විශේෂ අනාවරණයට අනුව බදු පැහැර හැරීම් හා වංචා මූල්‍ය වාර්තා මිලියන 11.9ක් එම පැන්ඩෝරා ලේඛන තුළ අඩංගු වන බවට හෙළිදරවු කර තිබේ.
බදු පැහැර හැරීමේ සහ මූල්‍ය වංචා සිදුකළ පුද්ගලයන් අතර ශ්‍රී ලාංකිකයන්ගේ නම්ද ඇතුළත් විය.
පසුගිය 2021 ඔක්තෝබර් 3දා ජාත්‍යන්තර ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ එකමුතුව මෙම ‘ පැන්ඩෝරා පත්‍රිකා’ හෙළිදරවු කිරීම සිදු කළහ.
රටවල් 117ක මාධ්‍යවේදීන් 600ක් එම විමර්ශනය සඳහා එකතු වී තිබිණි.
ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය ප්‍රකාශයට පත්කරන ලද පැන්ඩෝරා ලියවිලිවල සඳහන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැවැරී ඇති බලතල අනුව විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීනීයක් 2021 ඔක්තෝබර් 13 වැනිදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.
ඒ අනුව පැන්ඩෝරා ලියවිලිවල අන්තර්ගත ශ්‍රී ලාංකිකයන්ගේ බදු ගෙවීම් වලට අදාළ ලිපිගොනු පරීක්ෂා කිරීමක් හා බදු පැහැරහැරීම් වී තිබේදැයි මෙහිදී විමර්ශනයට ලක්වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කර තිබිණි.
අධිකරණයෙන් ඊට අදාළ වාර්තා කැඳවීමක් වුවහොත් ඒවා ලබාදීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව බැදී සිටින්නේ යැයිද දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීනීයක වැඩිදුරටත් සඳහන් කර තිබිණි.
– මිතුන් ජයවර්ධන, සචිත‍්‍ර පෙරේරා
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි
එක්සත් ජනපදය පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමට කරන සාකච්ඡා සම්බන්ධයෙන් අනුර කුමාරගේ ආණ්ඩුව බොරු කියනවාද? රනිල් ප්‍රශ්න කරයි
යුරෝප සංගමය තාක්ෂණික පරීක්ෂණ මත පිහිටා ඇපල් සහ මෙටා සමාගම් වලට දඩ නියම කරයි.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
