මහ මැතිවරණය ඉලක්ක කර ලයිකා මොබයිල් 'අලිරාජා' ගෙන් දේශපාලන පක්ෂයක්
සුප්‍රසිද්ධ ලයිකා (Lyca) සමාගමේ නිර්මාතෘ අල්ලිරාජා සුභාෂ්කරන්ගේ මූලිකත්වයෙන් මෙරට තුළ දේශපාලන පක්ෂයක් පිහිටුවමින් දේශපාලනයට පිවිසීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි.
එළැඹෙන මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් මෙම නව පක්ෂය පිහිටුවීම සැලසුම වී තිබේ. එහිදී උතුර සහ නැගෙනහිර පළාත් සහ මධ්‍යම පළාතේ දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ ඡන්ද අපේක්ෂාවෙන් මෙම පක්ෂය ආරම්භ කිරීම සැලසුම වී තිබේ.
මාධ්‍ය වාර්තා අනුව ‘Arunalu People’s Alliance’ නම් පක්ෂයක් ඔහු විසින් මේ සඳහා සම්බන්ධ කර ගෙන ඇතැයිද සඳහන් වෙයි.
එසේම ලයිකා නව දේශපාලන පක්ෂය දෙමළ පොදු අපේක්ෂකයා ලෙස පසුගිය ජනාධිපතිවරණයේදී තරග කළ ආරියනේත්‍රන්ගේ පක්ෂයට සම්බන්ධ ‘හක්ගෙඩිය’ සළකුණින් හෝ ආනන්දසංගරීට අයත් තමිලර් විදුතලෙයි කූටනි (TVK) ලකුණ සමඟ ඉදිරියේදී කටයුතු කරනු ඇතැයිද, නව පක්ෂයට නායකත්වය දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් තෝරාගනු ඇතැයිද අනාවැකි පළවේ.
පසුගිය සති කිහිපයේදී අල්ලිරාජා සුභාෂ්කරන් ප්‍රමුඛ ලයිකා මොබයිල් සමාගමේ ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් මෙම පක්ෂයේ කටයුතු පිළිබඳව සාකච්ඡා කෙරී තිබේ.
එසේම නව පක්ෂය සඳහා මෙරට දේශපාලනයේ ප්‍රධාන චරිත රැසක්ම සම්බන්ධ කරගැනීමටද ලයිකා සමාගම පියවර ගෙන ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති