කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යුරියා පොහොර හොරු සහ කොමිස් මගඩි ගැන හෙළිදරව් කරමින් ජනපති අනුරට ලිපියක්
පොහොර සහනාධාරය ලෙස රු. 25,000ක මුදලක් ගොවීන්ගේ බැංකු ගිණුම් වලට බැරකළ ද එමගින් දුෂිත පොහොර වෙළදුන්ට සහ දූෂිත රාජ්‍ය නිලධාරීන් එය වාසියක් කරගන්නා බව පෙන්වා දෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
අදාළ ලිපිය පහළින්...
ගරු. අනුර කුමාර දිසානායක,
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ,
ජනාධිපති,
ජනාධිපති කාර්යාලය,
කොළඹ 1.
ගරු. ජනාධිපති තුමණි,
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යුරියා පොහොර හොරු සහ කොමිස් මගඩි
මේ අවස්ථාවේ, රජයේ ප්‍රදානයක් සහ මැතිවරණ පොරොන්දුවක් හැටියට වී ගොවින් හට ලබා දීමට අනුමැතිය දුන් පොහොර සහනාධාරය සඳහා රු. 25,000 ක මුදල වී ගොවීන්ගේ බැංකු ගිණුම් වලට බැරකිරිම වුවත්, මේ මුදලෙන් දුෂිත පොහොර වෙළදුන්ට සහ දූෂිත රාජ්‍ය නිලධාරීන්ට වාසියක් මිස, මේ මගින් රජයට හෝ ගොවියාට කිසිදු වාසියක් නොවන බව කණගාටුවකින් වුවද, පැවසිය යුතු වේ.
පසුගිය 2022 අවුරුද්දේ මුල් කාර්තුවේ එවකට පැවති රජයට අප අවධානය කලේ යුරියා N46% පොහොර මෙට්‍රික් ටොන් එකක් රුසියාවෙන් ගෙන්වීමට ඩොලර් 320.00 ක මිල හැකියාවක් තිබියදී, පසුගිය සමයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ රජයේ පොහොර සමාගම්වල දූෂිත නිලධාරී ත්‍රන්තය ක්‍රම වේද, දුෂිත වංචා, අධික ලෙස කොමිස් ගැනීම් නිසා එදා මිලදී ගත්තේ මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 650 කට වැනි අධික මිලකටය.
එක මෙට්‍රික් ටොන් එකකින් ඩොලර් 300කට අධික මුදලක් කොමිස් ලෙස ගසා කා ඇත.
එදා, සිට අද දක්වා අපේ රටේ පොහොර මිල අධික බැවින් එමගින් ගොවියාත් රටේ සමස්ත ජනතාවත් පැවති රජයනුත් විශාල ආර්ථික හා විශාල අර්බුදයකට මුහුණ පා ඇත.
ඉතා සුළු පිරිසක් අතර කොමිස් මුදල් ගොස් රටේ සමස්තයටම එය බලපා ඇත.
එම කාලයේ පවා යුරියා පොහොර කිලෝ 50 මිටියක් කොළඹ වාරය දක්වා රැගෙන විත් දීමට වැය වන්නේ රු. 4,000.00 සිට උපරිමය රු. 5,500.00 මුදලක් පමණ වියදමක් පමණි.
එසේ තිබියදිත්, අපගේ දුෂිත පාලකයින් විසින් මේ රටට යුරියා මිලදී ගත්තේ මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 650.00 ක් වැනි අධික මිලකට වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පොහොර මිලදී ගැනීම් ක්‍රියාවලිය අතිශයෙන් දුෂිත වී ඇත. අද දවසේත් , රුපියල් 4000/= ත් 5,000/= ත් අතර මිලකට කිලෝ පනහක පොහොර මිටියක් ගෙන්වා බෙදා හැරීමට හැකියාවක් තිබියදීත් යුරියා සහ DAP පොහොර කිලෝ 50ක මිටියක් අද වෙළද පොලේ ඇත්තේ අධික කොමිස් සමග මිල රු. 9,500ක් පමණ වේ.
මේ අනුව එක හෙක්ටයාරකට පොහොර සහනාධාරය වන රු. 25,000/= මුදල අනුව රජයට වැය වෙන සම්පුර්ණ මුදල රුපියල් බිලියන 20කට අධික වේ.එම මුදල ජනතාව අතට ලබා දුන්නද එම මුදලින් හරි අඩකටත් වඩා නැවත හොර දූෂිත කල්ලි අතට පත්වීම වැළැක්විය නොහැක.
මේ මුදලෙන් හරි අඩකටත් වඩා පෝෂණය වන්නේ, දූෂිත රාජ්‍ය නිලධාරී තන්ත්‍රය සහ හොර පොහොර මාෆියාව විශාල වී මෝල් හිමියන් මිස, ගොවියා සහ ජනතාවට මේ මගින් කිසිදු සහනයක් නොවේ.
එම නිසා, මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ එයට අනුබද්ධ රාජ්‍ය පොහොර සමාගම් මගින් ගෙනයනු ලබන දුෂිත ක්‍රමවේදය, කොමිස් ගැනීම් නැවතීම මගින් සහ රටේ වෙලදපොලේ නිසි ප්‍රමිතියට මේ පොහොර ගෙන්වීමට නිසි ක්‍රම වේදයක් සැලසුවොත් හෝ රජය මගින් නිසි ප්‍රමිතියකට හෝ නිසි ක්‍රම වේදයකට ගෙන්වීමට හැකියාවක් ඇති කළහොත්, අනිවාර්යෙන්ම අපගේ රට ඉදිරියට යනු ඇත.
විශේෂයෙන් යුරිය N46% හෝ DAP පොහොර කිලෝ 50 මිටියක් මේ රටේ කෘෂිකර්මාන්තයේ නියලී සිටින සියලුම බෝග වග කරුවන් ගොවීන් වන වී , පොල්, තේ, බඩ ඉගුරු, එළවලු, මල් සහ සියලුම බෝගයන් වෙනුවෙන් පොහොර කිලෝ 50ක මිටියක් රු. 5,500.00 කට අඩු මිලකට ලබා දීමට හැකියාව ඇත.
මෙමගින් රටේ කෘෂිකර්මාන්තය දියුණු වනවා පමණක් නොව මේ රටේ පාරිභෝගිකයාටද ඉන් මහා සෙතක් සැලසෙනු ඇත. එපමණක් නොව අල ලූණු විදේශ විනිමය වැය කරමින් ඉන්දියානු සහ පාකිස්තානු ගොවීන් පොහොසත් කිරීමට ද සිදු නොවනු ඇත.
අපගේ අත්දැකීම් අනුව, පසුගිය සමයේ එනම් 2022 අවුරුද්දේ ඔක්තෝබර් මස, මේ රටේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අප විසින් ඉදිරිපත් කල මෙට්‍රික් ටොන් එකක් කොළඹ වරාය දක්වා ගෙන්වීමට යන මිල වන ඩොලර් 320.00 මුදල ඉදිරිපත් කල වෙලාවේ, එවකට මේ අමාත්‍යංශයේ සිට පුද්ගලයින් විසින් අප ඉදිරිපත් කල ඩොලර් 320.00 මිල, මෙට්‍රික් ටොන් එකකට මිල ඩොලර් 650.00 කොට ගෙන එනමෙන් ඉල්ලා සිටියද, අප විසින් එය අසාධාරණ මුදල් වැඩි කිරීමක් නිසා සහ කිසිදු විටක ජාත්‍යන්තරයේ සැපයුම් කරුවන් එවැනි මුදලකට අනුමත නොකිරීම සහ එම ක්‍රියාවලිය මගින් මේ රටට ඇතිවිය හැකි අපකීර්තියක් වීමට හැකි නිසා, අප විසින් එය ප්‍රතික්ෂේප කළෙමු.
මේ රටට අවශ්‍ය සියලුම පොහොර ගෙන්වීම, නිසි ප්‍රමිතියට ගුණාත්මක බීජ වර්ග නිසි වෙලාවට ලබා දීම මගින් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිසි සැලසුමකට, නිසි කලට මේ ගොවි තැනට අවශ්‍ය සැලසුම් සහ නිසි දැනුවත් කිරීමට සැලසීම මගින් රටේ කෘෂි කර්මාන්තයේ නිෂ්පාදන විදේශ විනිමය ඉපයීමේ ක්‍රම වේදයක් සැලසිය යුතුවේ.
මේ රට ඉදිරියට යාමට නම් රට තුළ සිදුවන සියලු දූෂණ වංචා හොරකම් නැවැත්වීමට කටයුතු කළ යුතුව ඇත.
මෙම පොහොර වංචාව පමණක් නැවැත්වීම මගින් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය කඩිනම් වන අතර ගොවියාට මෙන්ම පාරිභෝගිකයාට ද මහත් ඉමහත් සෙතක් සැලසෙනු ඇත.
ජීවන වියදම අඩුවීම හේතුවෙන් කඩිනමින් වැටුප් වැඩි කිරීමටද අවශ්‍ය නොවනු ඇත.
එසේම ගොවියාට සහනාධාර දීම සඳහා අද දවසේ රුපියල් බිලියන 20ක් වැය වූවත් දූෂණය නැවැත්වීම මගින් එය රුපියල් බිලියන 10 දක්වා අඩුවනු ඇත.
එසේම අද වන විට එම පොහොර ටොන් එකක මිල ඩොලර් 260 ක් දක්වා අඩු මිලකට පහත බැස ඇත.
ලෝක වෙළඳපළේ මිල අඩු වුවත් අපේ රටේ ගොවියන්ට එවැනි වාසි ලැබෙන්නේ නැත.
කඩිනමින් මෙම දූෂිත ක්‍රමවේදය නැවැත්විය යුතුව ඇත.
එබැවින් මේ සඳහා ඔබතුමාට අපගේ සහයෝගය අවශ්‍ය නම්, ඕනෑම වෙලාවක ඔබ තුමාව මුණ ගැසී මෙයට අවශ්‍ය අදහස් ඉදිරිපත් කිරීම සහ රටට අවශ්‍ය යුරියා සහ DAP පොහොර අඩු මිලකට රුසියාවෙන්, කසකස්තානයෙන්, ඕමාන රටෙන් ගෙන්වා දීමට හැකියාවක් ඇත.
මෙයට,
ඒකීය රටක් වෙනුවෙන්,
රටට ආදරේ කරන,
ජයන්ත වෙදසිංහ,
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති