පසුගිය ආණ්ඩුවේ තීන්දුව වැරදි වුවත් විද්‍යුත් පාස්පෝට් ඇණැවුම අවලංගු කරන්නෑ..- විජිත හේරත්
විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩරය නිසි පරිදි කළමනාකරණය නොකිරීම හේතුවෙන් මතුව ඇති විදේශ ගමන් බලපත්‍ර හිඟයට විසඳුමක් ලෙස එම ටෙන්ඩරය හිමිකර ගත් තේල්ස් සමාගමට සහ එහි ශ්‍රී ලංකා නියෝජිතයා වන ජස්ට් ඉන් ටයිම් ටෙක්නොලොජිස් සමාගමට පසුගිය රජය දුන් විද්‍යුත් චිපය රහිත විදේශ ගමන් බලපත්‍ර 750,000 ක ඇණවුම අවලංගු නොකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
එම ඇණවුම තේල්ස් සමාගමට සහ එහි ශ්‍රී ලංකා නියෝජිතයා වන ජස්ට් ඉන් ටයිම් ටෙක් නොලොජීස් සමාගමට ලබාදීමට පසුගිය රජය ගත් තීරණය වැරැදි වුවත් නිවැරැදි වුවත් එම ඇණවුම අවලංගු නොකරන බවත් එම ඇණවුම අවලංගු කළහොත් විදේශ ගමන් බලපත්‍ර හිඟයක් ඇති වනු ඇති බවත් නව රජය එම ඇණවුම අවලංගු නොකිරීමට ගත් තීරණය පිළිබඳව අදහස් අමාත්‍යවරයා පැවැසුවේය.
තේල්ස් සමාගම 47.500 ක විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර තොගයේ පළමු කොටස එළැඹෙන 15 වැනිදා සිට 20 වැනිදා අතර දිනයකදී මෙරටට ලැබීමට නියමිතව තිබූ බවද ඔහු ප්‍රකාශ කළේය.
විද්‍යුත් චිපය රහිත විදේශ ගමන් බලපත්‍ර ඇණවුමේ දෙවැනි තොගය ලෙස විදේශ ගමන් බලපත්‍ර 100,000 ක ප්‍රමාණයක් නොවැම්බර් මස අවසානයේදී ලැබීමට නියමිත බවද අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසුවේය.
කෙසේ වෙතත්, තේල්ස් තවමත් නව විදේශ ගමන් බලපත්‍රයේ සාම්පල ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ලබා දී නොමැති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
රටක් නව විදේශ ගමන් බලපත්‍රයක් හඳුන්වාදීමට පෙර එහි පිටපත් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය වෙත කල්තියා අනුමැතිය සඳහා යැවීය යුතු බවද අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසුවේය.
එම නිසා පසුගිය රජය ඇණවුම් ලබාදී ඇති ආකාරයට විද්‍යුත් විපය රහිත විදේශ ගමන් බලපත්‍ර 750,000 ක ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 3.7 ක මුදලකට නව රජය මිලදි ගනු ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
– සන්ඩේ ටයිම්ස්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති