
පසුගිය ආණ්ඩුවේ තීන්දුව වැරදි වුවත් විද්‍යුත් පාස්පෝට් ඇණැවුම අවලංගු කරන්නෑ..- විජිත හේරත්
විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩරය නිසි පරිදි කළමනාකරණය නොකිරීම හේතුවෙන් මතුව ඇති විදේශ ගමන් බලපත්‍ර හිඟයට විසඳුමක් ලෙස එම ටෙන්ඩරය හිමිකර ගත් තේල්ස් සමාගමට සහ එහි ශ්‍රී ලංකා නියෝජිතයා වන ජස්ට් ඉන් ටයිම් ටෙක්නොලොජිස් සමාගමට පසුගිය රජය දුන් විද්‍යුත් චිපය රහිත විදේශ ගමන් බලපත්‍ර 750,000 ක ඇණවුම අවලංගු නොකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
එම ඇණවුම තේල්ස් සමාගමට සහ එහි ශ්‍රී ලංකා නියෝජිතයා වන ජස්ට් ඉන් ටයිම් ටෙක් නොලොජීස් සමාගමට ලබාදීමට පසුගිය රජය ගත් තීරණය වැරැදි වුවත් නිවැරැදි වුවත් එම ඇණවුම අවලංගු නොකරන බවත් එම ඇණවුම අවලංගු කළහොත් විදේශ ගමන් බලපත්‍ර හිඟයක් ඇති වනු ඇති බවත් නව රජය එම ඇණවුම අවලංගු නොකිරීමට ගත් තීරණය පිළිබඳව අදහස් අමාත්‍යවරයා පැවැසුවේය.
තේල්ස් සමාගම 47.500 ක විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර තොගයේ පළමු කොටස එළැඹෙන 15 වැනිදා සිට 20 වැනිදා අතර දිනයකදී මෙරටට ලැබීමට නියමිතව තිබූ බවද ඔහු ප්‍රකාශ කළේය.
විද්‍යුත් චිපය රහිත විදේශ ගමන් බලපත්‍ර ඇණවුමේ දෙවැනි තොගය ලෙස විදේශ ගමන් බලපත්‍ර 100,000 ක ප්‍රමාණයක් නොවැම්බර් මස අවසානයේදී ලැබීමට නියමිත බවද අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසුවේය.
කෙසේ වෙතත්, තේල්ස් තවමත් නව විදේශ ගමන් බලපත්‍රයේ සාම්පල ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ලබා දී නොමැති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
රටක් නව විදේශ ගමන් බලපත්‍රයක් හඳුන්වාදීමට පෙර එහි පිටපත් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය වෙත කල්තියා අනුමැතිය සඳහා යැවීය යුතු බවද අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසුවේය.
එම නිසා පසුගිය රජය ඇණවුම් ලබාදී ඇති ආකාරයට විද්‍යුත් විපය රහිත විදේශ ගමන් බලපත්‍ර 750,000 ක ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 3.7 ක මුදලකට නව රජය මිලදි ගනු ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
– සන්ඩේ ටයිම්ස්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි
එක්සත් ජනපදය පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමට කරන සාකච්ඡා සම්බන්ධයෙන් අනුර කුමාරගේ ආණ්ඩුව බොරු කියනවාද? රනිල් ප්‍රශ්න කරයි
යුරෝප සංගමය තාක්ෂණික පරීක්ෂණ මත පිහිටා ඇපල් සහ මෙටා සමාගම් වලට දඩ නියම කරයි.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
