ශ්‍රී ලංකා භූමිය ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස භාවිත කිරීමට ඉඩ නොදෙන බව ජනපති අනුර ඉන්දීය විදේශ ඇමැතිට පොරොන්දු වෙයි... 13 සංශෝධනය ක්‍රියාත්මක කරන ආකාරය ගැනත් සාකච්ඡා කරයි
ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් ඉන්දියාවේ ආරක්‍ෂක අවශ්‍යතාවලට අහිතකර ලෙස භාවිත කිරීමට ඉඩනොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබේ.
එම නිවේදනයේ දැක්වුණේ, ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා සමග පැවති හමුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර ඇති බවය.
එමෙන්ම ජනවාර්ගික ප්‍රශ්නය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවධානය යොමුකළ ජයිශංකර් මහතා ශ්‍රී ලංකාවේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය පවත්වා ගනිමින් සමානාත්මතාවය, යුක්තිය, ගෞරවය, සාමය සඳහා දෙමළ ජනතාව ඇතුළු සියලුම ප්‍රජාවන්ගේ අභිලාෂයන් සඳහා ඉන්දියාවේ සහාය අවධාරණය කර තිබේ.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය පූර්ණ හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහ පළාත් සභා මැතිවරණ කඩිනමින් පැවැත්වීම මෙම අරමුණු සඳහා පහසුකම් සපයනු ඇති බවය.
නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා එරට ගුවන් හමුදාවට අයත් විශේෂිත ගුවන් යානයකින් ඊයේ පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූයේ ජනාධිපති කාර්යාලයේදීය.
එහිදී ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ මෙන්ම ආයෝජන, විදුලිබල හා බලශක්ති සහ දියර කිරි කර්මාන්තය යන ක්ෂේත්‍ර සඳහා සහාය වීමට ඉන්දියාව දක්වන උනන්දුව පිළිබඳ කරුණු පැහැදිළි කළ ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාව් ආර්ථික පුනර්ජීවනය සඳහා ඉන්දියාවේ පූර්ණ සහයයෝගය ලබාදෙන බවට ද සහතික වී තිබේ.
මූලාශ - අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති