
ශ්‍රී ලංකා භූමිය ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස භාවිත කිරීමට ඉඩ නොදෙන බව ජනපති අනුර ඉන්දීය විදේශ ඇමැතිට පොරොන්දු වෙයි... 13 සංශෝධනය ක්‍රියාත්මක කරන ආකාරය ගැනත් සාකච්ඡා කරයි
ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් ඉන්දියාවේ ආරක්‍ෂක අවශ්‍යතාවලට අහිතකර ලෙස භාවිත කිරීමට ඉඩනොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබේ.
එම නිවේදනයේ දැක්වුණේ, ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා සමග පැවති හමුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර ඇති බවය.
එමෙන්ම ජනවාර්ගික ප්‍රශ්නය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවධානය යොමුකළ ජයිශංකර් මහතා ශ්‍රී ලංකාවේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය පවත්වා ගනිමින් සමානාත්මතාවය, යුක්තිය, ගෞරවය, සාමය සඳහා දෙමළ ජනතාව ඇතුළු සියලුම ප්‍රජාවන්ගේ අභිලාෂයන් සඳහා ඉන්දියාවේ සහාය අවධාරණය කර තිබේ.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය පූර්ණ හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහ පළාත් සභා මැතිවරණ කඩිනමින් පැවැත්වීම මෙම අරමුණු සඳහා පහසුකම් සපයනු ඇති බවය.
නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා එරට ගුවන් හමුදාවට අයත් විශේෂිත ගුවන් යානයකින් ඊයේ පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූයේ ජනාධිපති කාර්යාලයේදීය.
එහිදී ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ මෙන්ම ආයෝජන, විදුලිබල හා බලශක්ති සහ දියර කිරි කර්මාන්තය යන ක්ෂේත්‍ර සඳහා සහාය වීමට ඉන්දියාව දක්වන උනන්දුව පිළිබඳ කරුණු පැහැදිළි කළ ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාව් ආර්ථික පුනර්ජීවනය සඳහා ඉන්දියාවේ පූර්ණ සහයයෝගය ලබාදෙන බවට ද සහතික වී තිබේ.
මූලාශ - අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි
එක්සත් ජනපදය පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමට කරන සාකච්ඡා සම්බන්ධයෙන් අනුර කුමාරගේ ආණ්ඩුව බොරු කියනවාද? රනිල් ප්‍රශ්න කරයි
යුරෝප සංගමය තාක්ෂණික පරීක්ෂණ මත පිහිටා ඇපල් සහ මෙටා සමාගම් වලට දඩ නියම කරයි.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
