සර්වජන බලයේ ප්‍රතිපත්ති ප්‍රකාශය විපක්ෂයේ භූමිකාව ගැනයි... මහ මැතිවරණයට එන්නේ තරුවෙන් නොවෙයි, පදක්කමෙන් - ගම්මන්පිල කියයි
ඉදිරි මහ මැතිවරණයේදී සර්වජන බලය පක්ෂය මැතිවරණ දිස්ත්‍රික් විසිදෙකටම පදක්කම ලකුණ යටතේ තරග කරන බවත් ආණ්ඩු බලය නොව විපක්ෂයේ බලය ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (4 දා) පැවසීය.
මේ පිළිබඳව අදහස් දැක්වූ ඒ මහතා,
"සර්වජන බලයේ අපි ජනාධිපතිවරණයට කොමියුනිස්ට් පක්ෂයේ තරුව ලකුණෙන් තරග කළාට මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ අපේ පක්ෂයේ පදක්කම ලකුණෙන්. අනිත් හැම පක්ෂයක්ම අගමැති ධුරය අපේක්ෂාවෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වුණත් අපි ඉදිරිපත් වන්නේ ප්‍රධාන විපක්ෂයේ බලය අපේක්ෂාවෙන්. මොකද ජනාධිපති මාලිමාවෙන් ඉඳලා වෙන පක්ෂයකින් අගමැති බිහි වුණොත් රට අස්ථාවර වෙනවා. අපි කියන්නේ ආණ්ඩුව මාලිමාවටම දීලා විපක්ෂය අපිට දෙන්න කියලායි. ඒ නිසා මහ මැතිවරණය වෙනුවෙන් නිකුත් කරන අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ රට පාලනය කරන හැටි ගැන නෑ. තියෙන්නේ විපක්ෂයේ කාර්යභාරය ඉටු කරන ආකරය ගැනයි. ඒ සඳහා පාර්ලිමේන්තු කමිටු යොදා ගැනීම ආදී කරුණු කාරණා ගැනයි. ජාතිකවාදී හා වාමවාදී ජනතාවට මේ මහ මැතිවරණයේදී එකතු විය හැකි එකම පක්ෂය අපේ සර්වජන බලයයි. දක්ෂ පිරිසිදු කණ්ඩායමකට අපි නාමයෝජනා දෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති