රෝසිට දුන්නෙ පරණ පුස්කාපු වාහනයක්ලු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශක ලෙස කටයුතු කරන සමයේ තමාට ලබා දුන් පෝර්ෂේ වර්ගයේ මෝටර් රථය කිසිසේත්ම තමන්ගේ ඉල්ලීමෙන් ලැබුණු වාහනයක් නොවන බවත් එය රාජකාරි කටයුතු සදහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාදුන් රථයක් පමණක් බවත් කොළඹ, හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක පවසයි.
මෙම පෝර්ෂේ රථය මෙරටට ගෙන්වා ඇත්තේ මිට වසර ගණනකට පෙර බවත් අදාළ රථය ගෙන්වුයේ කවුරුන්ද සහ කාගේ වුවමනාවට ද යන්න පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඇය පැවැසුවාය.
ඊයේ (02 වැනිදා) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී රෝසි සේනානායක මේ පිළිබඳව කියා සිටියාය.
ඇය කියා සිටින්නේ මේ දිනවල වාහනයක් අදාළ කරගෙන තමන්ට මඩ ප්‍රහාර එල්ල කිරීමට මාධ්‍ය ඇතුළු පිරිසක් කටයුතු කරන බවත් දේශපාලනයේ යෙදෙන කාන්තාවන්ව මෙෙලස අපහසුතාවට පත්කරමින් අගෞරවයට පත්වන ආකාරයට කටයුතු නොකරන ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බවත්ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි රෝසි සේනානායක මෙසේද පැවැසුවාය.
''දැන් කතිකාවක් පටන් අරගෙන තියෙනවා මම සැප විඳින්න වාහන අරගෙන තියනවා කියල. මට ජනාධිපති උපදේශක ලැබුණේ ගිය වසරේ මැයි මායේ. මම එය භාරගත්තේ ජුනි මාසේ. එවිට මගේ රාජකාරි කටයුතු සඳහා මට නිසාන් වර්ගයේ ජීප් රථයක් දුන්න. ඒ වාහනය අක්‍රිය වුණා. නැවත වාහන දුන්න කිහිප වරක් ඒවත් අක්‍රිය වුණා. ආයේ වාහන ලැබුණා. මගේ අන්තිම වාහනේ කැඩුනම මට පරණ වෙච්ච පුස්කාපු වාහනයක් දුන්න ඒක තමයි මේ පෝර්ෂේ එක. ඒ වාහනේ ඩිකිය අරින්නත් බැහැ දොරවල් අරින්නත් අමාරුයි වහිනකොට රියැදුරාගේ පැත්තේ දොරෙන් ඉස්සරහ පැත්තේ දොරෙන් වතුර ගලනවා. මේක හරියට මේන්ටේන් කරපු වාහනයක් නෙමේ. මම ඒ නිසා භාරදුන්න ඒ වාහනය. එයින් පස්සේ මම වාහන ඉල්ලුවේ නැහැ ආයෙම. මගේ පුද්ගලික වාහනයක් මම භාවිත කළේ රාජකාරී කටයුතුවලට. මේ වාහනේ මම පුද්ගලිකව ඉල්ලලා ලැබුණ එකක් නෙමේ ඔවුන් දුන්න එකක්. ජනාධිපති කාර්යාලය ඒ ගැන දන්නවා හොඳට. වාහන ගත්ත අය ඕන තරම් ඉන්නවා නමුත් කාන්තාවන් ගත්ත වාහන ගැන විතරයි කතා කරන්නේ, මේ කරන්න හදන්නේ කාන්තාවන් ඉලක්ක කරගෙන මඩ ගහන එක. මේ වාහනේ අද විකුනන්නවත් බැරි තත්ත්වයක තියෙන්නේ මට දුන්නෙත් හොදඳටම අබලන් වුණ එකක්. ඒකයි මම මේක දුන්නේ.
ගෝල්ෆේස් එකට ගිහින් මම මේ වාහනය ගාල් කරලා ආවේ නැහැ. ඒ වාහනය එතනට ගියේ කොහොමද කියල මම දන්නේ නැහැ. මොකද ඔය වාහනය මම මේ අවුරුද්දෙ මුල් කාලේ භාරදුන්න. ඉන් පස්සේ එයට මොකක් වුණාද මන් දන්නේ නැහැ. මම කවදාවත් සතපහක් අරගෙන නැහැ ජනතාවගෙන්. පුළුවන් තරම් ජනතාව වෙනුවෙන් මම වැඩ කළේ. මේ වාහනය කාගේ වුවමනාවටද මොකටද මොන රටෙන් ද කියල හොයන්න පුළුවන්නේ. මැතිවරණයක් ළංවෙලා තමයි මේ කතා ඇදගෙන මට මඩ ගහන්නේ. කාන්තාවන්ට දේශපාලනය එපා කරවන්න තමයි මේ කතා හදන්නේ. මම මේ කියන දේවල්වල ඇත්ත හොයන්න පුළුවන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඕනෑම කෙනෙක්ට."
- අරුණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති