News Category
From Date
To Date
Maximum Number of Result

රෝසිට දුන්නෙ පරණ පුස්කාපු වාහනයක්ලු

Oct 3, 2024 at 08:28 AM
|

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශක ලෙස කටයුතු කරන සමයේ තමාට ලබා දුන් පෝර්ෂේ වර්ගයේ මෝටර් රථය කිසිසේත්ම තමන්ගේ ඉල්ලීමෙන් ලැබුණු වාහනයක් නොවන බවත් එය රාජකාරි කටයුතු සදහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාදුන් රථයක් පමණක් බවත් කොළඹ, හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක පවසයි.

මෙම පෝර්ෂේ රථය මෙරටට ගෙන්වා ඇත්තේ මිට වසර ගණනකට පෙර බවත් අදාළ රථය ගෙන්වුයේ කවුරුන්ද සහ කාගේ වුවමනාවට ද යන්න පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඇය පැවැසුවාය.

ඊයේ (02 වැනිදා) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී රෝසි සේනානායක මේ පිළිබඳව කියා සිටියාය.

ඇය කියා සිටින්නේ මේ දිනවල වාහනයක් අදාළ කරගෙන තමන්ට මඩ ප්‍රහාර එල්ල කිරීමට මාධ්‍ය ඇතුළු පිරිසක් කටයුතු කරන බවත් දේශපාලනයේ යෙදෙන කාන්තාවන්ව මෙ‌ෙලස අපහසුතාවට පත්කරමින් අගෞරවයට පත්වන ආකාරයට කටයුතු නොකරන ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බවත්ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි රෝසි සේනානායක මෙසේද පැවැසුවාය.

''දැන් කතිකාවක් පටන් අරගෙන තියෙනවා මම සැප විඳින්න වාහන අරගෙන තියනවා කියල. මට ජනාධිපති උපදේශක ලැබුණේ ගිය වසරේ මැයි මායේ. මම එය භාරගත්තේ ජුනි මාසේ. එවිට මගේ රාජකාරි කටයුතු සඳහා මට නිසාන් වර්ගයේ ජීප් රථයක් දුන්න. ඒ වාහනය අක්‍රිය වුණා. නැවත වාහන දුන්න කිහිප වරක් ඒවත් අක්‍රිය වුණා. ආයේ වාහන ලැබුණා. මගේ අන්තිම වාහනේ කැඩුනම මට පරණ වෙච්ච පුස්කාපු වාහනයක් දුන්න ඒක තමයි මේ පෝර්ෂේ එක. ඒ වාහනේ ඩිකිය අරින්නත් බැහැ දොරවල් අරින්නත් අමාරුයි වහිනකොට රියැදුරාගේ පැත්තේ දොරෙන් ඉස්සරහ පැත්තේ දොරෙන් වතුර ගලනවා. මේක හරියට මේන්ටේන් කරපු වාහනයක් නෙමේ. මම ඒ නිසා භාරදුන්න ඒ වාහනය. එයින් පස්සේ මම වාහන ඉල්ලුවේ නැහැ ආයෙම. මගේ පුද්ගලික වාහනයක් මම භාවිත කළේ රාජකාරී කටයුතුවලට. මේ වාහනේ මම පුද්ගලිකව ඉල්ලලා ලැබුණ එකක් නෙමේ ඔවුන් දුන්න එකක්. ජනාධිපති කාර්යාලය ඒ ගැන දන්නවා හොඳට. වාහන ගත්ත අය ඕන තරම් ඉන්නවා නමුත් කාන්තාවන් ගත්ත වාහන ගැන විතරයි කතා කරන්නේ, මේ කරන්න හදන්නේ කාන්තාවන් ඉලක්ක කරගෙන මඩ ගහන එක. මේ වාහනේ අද විකුනන්නවත් බැරි තත්ත්වයක තියෙන්නේ මට දුන්නෙත් හොදඳටම අබලන් වුණ එකක්. ඒකයි මම මේක දුන්නේ.

ගෝල්ෆේස් එකට ගිහින් මම මේ වාහනය ගාල් කරලා ආවේ නැහැ. ඒ වාහනය එතනට ගියේ කොහොමද කියල මම දන්නේ නැහැ. මොකද ඔය වාහනය මම මේ අවුරුද්දෙ මුල් කාලේ භාරදුන්න. ඉන් පස්සේ එයට මොකක් වුණාද මන් දන්නේ නැහැ. මම කවදාවත් සතපහක් අරගෙන නැහැ ජනතාවගෙන්. පුළුවන් තරම් ජනතාව වෙනුවෙන් මම වැඩ කළේ. මේ වාහනය කාගේ වුවමනාවටද මොකටද මොන රටෙන් ද කියල හොයන්න පුළුවන්නේ. මැතිවරණයක් ළංවෙලා තමයි මේ කතා ඇදගෙන මට මඩ ගහන්නේ. කාන්තාවන්ට දේශපාලනය එපා කරවන්න තමයි මේ කතා හදන්නේ. මම මේ කියන දේවල්වල ඇත්ත හොයන්න පුළුවන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඕනෑම කෙනෙක්ට."

- අරුණ


සම්බන්ධිත පුවත් | Related News

කාශ්මීරයේ මාරාන්තික සටන්කාමී ප්‍රහාරයකින් පසු න්‍යෂ්ටික සන්නද්ධ ප්‍රතිවාදීන් අතර සබඳතා පහත වැටීමත් සමඟ ඉස්ලාමාබාද් සමඟ සබඳතා පහත හෙලීමට පියවර ගන්නා බව ඉන්දියාව නිවේදනය කිරීමෙන් දිනකට පසු බ්‍රහස්පතින්දා ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.
මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ දී රාජ්‍ය බලය හා රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීමේ සිද්ධීන් 30ක් වාර්තා වී ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
ආනයන සඳහා අන්‍යෝන්‍ය තීරුබදු සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සමඟ සාර්ථක සාකච්ඡාවක් කිරීම පිළිබඳව රජය කළ ප්‍රකාශය පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අදහස් දැක්වීය.
ඊයේ(23) ඇපල් සමාගම AAPL.O නම් නව ටැබ් උපකරණයක් හඳුන්වා දීමේදී යුරෝ මිලියන 500 (ඩොලර් මිලියන 570) ක දඩයක් නියම කරන ලද අතර අළුතින් හඳුන්වා දුන් මෙටා සමාගමේ META.O නව උපකරණයට යූරෝ මිලියන 200ක දඩයක් නියම කළේය.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තා අනුව පුද්ගලයෙකුට මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මසකට අවශ්‍ය කෙරෙන අවම මුදල රුපියල් 16,318ක් ලෙස සඳහන් කර තිබෙනවා.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (24) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
ආරක්ෂිත හිස් වැසුම් පැළද සැකකටයුතු ලෙස හැසිරෙන පුද්ගලයින් සම්බන්ධයෙන් පරික්ෂා කිරීම සිදුකළ යුතු බවට දන්වා පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් නිලධාරින්ට සඳහා උපදෙස් ලබා දී ඇත.

ප්‍රධාන පුවත්

කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි

කාශ්මීරයේ මාරාන්තික සටන්කාමී ප්‍රහාරයකින් පසු න්‍යෂ්ටික සන්නද්ධ ප්‍රතිවාදීන් අතර සබඳතා පහත වැටීමත් සමඟ ඉස්ලාමාබාද් සමඟ සබඳතා පහත හෙලීමට පියවර ගන්නා බව ඉන්දියාව නිවේදනය කිරීමෙන් දිනකට පසු බ්‍රහස්පතින්දා ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.

එක්සත් ජනපදය පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමට කරන සාකච්ඡා සම්බන්ධයෙන් අනුර කුමාරගේ ආණ්ඩුව බොරු කියනවාද? රනිල් ප්‍රශ්න කරයි

ආනයන සඳහා අන්‍යෝන්‍ය තීරුබදු සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සමඟ සාර්ථක සාකච්ඡාවක් කිරීම පිළිබඳව රජය කළ ප්‍රකාශය පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අදහස් දැක්වීය.

යුරෝප සංගමය තාක්ෂණික පරීක්ෂණ මත පිහිටා ඇපල් සහ මෙටා සමාගම් වලට දඩ නියම කරයි.

ඊයේ(23) ඇපල් සමාගම AAPL.O නම් නව ටැබ් උපකරණයක් හඳුන්වා දීමේදී යුරෝ මිලියන 500 (ඩොලර් මිලියන 570) ක දඩයක් නියම කරන ලද අතර අළුතින් හඳුන්වා දුන් මෙටා සමාගමේ META.O නව උපකරණයට යූරෝ මිලියන 200ක දඩයක් නියම කළේය.

දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි

ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය වන්දනා මාන කිරීම වෙනුවෙන් යොදවා තිබූ විශේෂ දුම්රිය සේවාව නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ, දරිද්‍රතා මට්ටමේ හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක පවතින බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසයි.

දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය (SLCAC ), බ්‍රැම්ප්ටන් හි ශ්‍රී ලංකා කැනඩා සංගමය (SLCAB) සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ කේන්ද්‍රීය රජය දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත අභියෝගයට ලක් කරමින් ඔන්ටාරියෝ ඉහළ උසාවියේදී නඩුවක් ගොනු කළ අතර, ඔන්ටේරියානුවන් ඒ සම්බන්ධයෙන් හැදෑරිය යුතුය. මෙම කාරණය සම්බන්ධයෙන් ආචාර්ය නෙවිල් හේවගේ මහතාද වෙනම නඩුවක් ගොනු කළේය.

ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

පළාත් පාලන ඡන්දයේදී ජාතික ජන බලවේගය නොදිනන ආයතනවලට රාජ්‍ය මූල්‍ය වෙන් නොකරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන වහා රටට පැහැදිලි කිරීමක් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී ඇත.

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.