
අසල්වැසියාට පළමු තැන දෙන්න ඉන්දීය විදේශ ඇමැති ජයිශංකර් ජනපති අනුර හමුවන්න අනිද්දා එයි
ඉන්දීය විදේශ කටයුතු ඇමති සුබ්‍රමනියම් ජයිශංකර් මහතා දෙදින නිල සංචාරයක් සඳහා එළැඹෙන 4 වන දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ වාර්තා කර ඇත.
එසේ ම, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා අතර ද්විපාර්ශ්වීය සංවර්ධනය වෙනුවෙන් විදේශ ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා සිදුකෙරෙනු ඇති බව එම මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ අනුව, අභිනව ජනාධිපතිවරයා තනතුරට පත්වීමෙන් පසු මෙරටට පැමිණෙන පළමු රාජ්‍යතාන්ත්‍රිකයා වන්නේ ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයශංකර් මහතා ය.
‘අසල්වැසියා පළමුව’ යන රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ ඉන්දීය රජය ශ්‍රී ලංකාව සමග මිත්‍රශීලීව කටයුතු කිරීමට යොමුවනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
ජනාධිපතිවරයා චීනය සම්බන්ධව අනුගමනය කරන ප්‍රතිපත්තිය හා ශ්‍රී ලංකාව අදානි සමාගම සමග සිදුකරන සුළං බල විදුලි ව්‍යාපෘතිය පිළිබඳ දරන ස්ථාවරය ඉන්දීය විදේශ කටයුතු ඇමති හා ජනපති අතර මෙම සාකච්ඡාවලදී මතුවනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
- මව්බිම
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
රට වෙනස් කරන්නට පැමිණි ආණ්ඩුව JR යුගයටත් පෙර පැවති නරක තැනකට... පක්ෂයේ කාඩර්වරුන්ට රැකියා දෙන්න අමුතු වැඩක් - රවි කුමුදේශ්
කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි
එක්සත් ජනපදය පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමට කරන සාකච්ඡා සම්බන්ධයෙන් අනුර කුමාරගේ ආණ්ඩුව බොරු කියනවාද? රනිල් ප්‍රශ්න කරයි
යුරෝප සංගමය තාක්ෂණික පරීක්ෂණ මත පිහිටා ඇපල් සහ මෙටා සමාගම් වලට දඩ නියම කරයි.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
