
ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි
ලෝක ළමා හා වැඩිහිටි දිනය අදට (ඔක්තෝබර් 01) යෙදී තිබේ.
ළමා පරපුර සහ වැඩිහිටියන් වෙනුවෙන් පවත්වන අන්තර්ජාතික ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය සඳහා මෙවර තේමා වී ඇත්තේ “සෙනෙහසේ දෑත් දිගු කර රකිමු වැඩිහිටි ළමා පරපුර” යන්නයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ලෝක ළමා දිනය පළමුවරට පවත්වා ඇත්තේ 1954 නොවැම්බර් මස 20 වෙනිදාය.
අන්තර්ජාතික විශ්වය ළමා දිනය යෙදී ඇත්තේ ද නොවැම්බර් 20 වෙනිදාට වන අතර ළමුන්ගේ සුබසාධනය වර්ධනය කිරීමේ අභිලාසය ඇතිව සියලු රටවල් වාර්ෂිකව ළමා දිනය සැමරීමට දිනයක් වෙන් කර ගන්නා ලදී.
ඒ අනුව 1959දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ළමා අයිතිවාසිකම් ප්‍රකාශය පිළිගැන්වීමට ද 1989 ළමා අයිතිවාසිකම් සම්මුතිය පිළිගැනීමත් සමග නොවැම්බර් මස 20 වැනිදා විශ්වය ළමා දිනය සැමරීමට කටයුතු කර ඇත.
ඒ අනුව ඉතිහාසයේ පටන් ශ්‍රී ලංකාව සෑම වසරකම ඔක්තෝබර් මස පළමුවැනිදා ලෝක ළමා දිනය සමරයි.
මේ අතර, ඉකුත් වර්ෂයේදී (2023) ළමුන්ට එරෙහි බාල අපරාධ 3119ක් වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කොට ඇති වාර්ෂික කාර්ය සාධන වාර්තාවේ සඳහන් වේ.
ඉකුත් වසරේ ළමුන් සම්බන්ධයෙන් බරපතළ ලිංගික අපයෝජන සිද්ධීන් 605ක්, මිනීමැරුම් 16ක්, වයස අවුරුදු 1 6ට අඩු කැමැත්ත ඇතිව සිදුකළ දූෂණ 1262ක්, කැමැත්ත නොමැතිව සිදුකළ ස්ත්‍රී දූෂණ 320ක්, ළමුන්ට කෲර ලෙස සැලකීම සම්බන්ධ සිද්ධීන් 97ක් අපහරණය සම්බන්ධයෙන් සිද්ධීන් 561ක්, බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සිද්ධීන් 57ක් වාර්තා වී තිබූ බවද මෙම වාර්තාවේ සඳහන් වේ.
ළමුන්ට එරෙහි බාල අපරාධ කාණ්ඩ 15ක් යටතේ මෙම සිද්ධීන් පොලිසියට වාර්තා වී තිබුණි. මෙම බාල අපරාධවලින් 3103ක් හෙවත් සියයට 99 ක් පොලිසිය මගින් විසඳා ඇති බවද එම කාර්යසාධන වාර්තාවේ සඳහන් වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
රට වෙනස් කරන්නට පැමිණි ආණ්ඩුව JR යුගයටත් පෙර පැවති නරක තැනකට... පක්ෂයේ කාඩර්වරුන්ට රැකියා දෙන්න අමුතු වැඩක් - රවි කුමුදේශ්
කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි
එක්සත් ජනපදය පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමට කරන සාකච්ඡා සම්බන්ධයෙන් අනුර කුමාරගේ ආණ්ඩුව බොරු කියනවාද? රනිල් ප්‍රශ්න කරයි
යුරෝප සංගමය තාක්ෂණික පරීක්ෂණ මත පිහිටා ඇපල් සහ මෙටා සමාගම් වලට දඩ නියම කරයි.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
