
යුක්තිය නවතී.... පාතාලය – මත් ජාවාරම් මර්දනයට විශේෂ මෙහෙයුම්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ආරම්භ කළ ‘යුක්තිය’ මෙහෙයුම නතර කර ඒ සඳහා අනුයුක්ත කර සිටි නිලධාරීන් එම රාජකාරිවලින් ඉවත් කර මින් ඉදිරියට එක් එක් පළාත්, දිස්ත්‍රික්, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පූර්ණ බලතල මත පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර තිබේ.
පොලිස් ස්ථානාධිපතිවරුන් කැඳවා ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීමට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීමට ප්‍රියන්ත වීරසූරිය මහතා කටයුතු කර ඇත.
යුක්තිය මෙහෙයුම මගින් සාර්ථක ප්‍රතිඵල නෙළා ගත්තද එහි අඩු පාඩු රැසක් දක්නට ලැබෙන නිසා එම මෙහෙයුම මෙසේ නතර කිරීමට කටයුතු කළ බවද වැඩබලන පොලිස්පතිවරයා පවසයි.
යුක්තිය මෙහෙයුම යටතේ ඇතැම් නිලධාරීන් ඉතාම අසාධාරණ ආකාරයේ අත්අඩංගුවට ගැනීම් සහ වැටලීම් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවද ඒ මහතා පවසයි. එවැනි ආකාරයේ නීත්‍යනුකූල නොවන ක්‍රියාවන් කළ නිලධාරීන්ට එරෙහිව විමර්ශන ආරම්භ කරන බවද ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
යුක්තිය මෙහෙයුම නතර කිරීමෙන් පසු පොලිස් ස්ථානවලට සහ කොට්ඨාසවලට අනුයුක්ත කර සිටි විශේෂ රාජකාරි රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලුම නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම විශේෂ රාජකාරිවලින් මුදාහැරීමට කටයුතු කර ඇත.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
රට වෙනස් කරන්නට පැමිණි ආණ්ඩුව JR යුගයටත් පෙර පැවති නරක තැනකට... පක්ෂයේ කාඩර්වරුන්ට රැකියා දෙන්න අමුතු වැඩක් - රවි කුමුදේශ්
කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි
එක්සත් ජනපදය පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමට කරන සාකච්ඡා සම්බන්ධයෙන් අනුර කුමාරගේ ආණ්ඩුව බොරු කියනවාද? රනිල් ප්‍රශ්න කරයි
යුරෝප සංගමය තාක්ෂණික පරීක්ෂණ මත පිහිටා ඇපල් සහ මෙටා සමාගම් වලට දඩ නියම කරයි.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
