
සැප වාහනවලට කරන දේ ජනාධිපති පෞද්ගලික ලේකම් කියයි... වාහන ආනයනය තහනම් කළ කාලසීමාවේ ජනාධිපති කාර්යාලයට වාහන 16ක් ගෙනල්ලා
පසුගිය රජයයන් විසින් භාවිත කළ අතිසුඛෝපභෝගී වාහන අත්‍යවශ්‍ය සේවාවන්වලට පමණක් යොදා ගන්නා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජේපාල මහතා පැවසීය.
එසේම ජනතාවගේ බදු මුදල් මෙලෙස නාස්ති කිරීම කණගාටුවට කරුණක් බවත්, මේ සම්බන්ධව පූර්ණ සමාලෝචනයක් සිදුකර ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය.
ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජේපාල මහතා මේ බව සඳහන් කර සිටියේ ගාලුමුවදොර භූමිය ඇතුළු ස්ථාන කිහිපයක නවතා ඇති වාහන සම්බන්ධව ගනු ලැබූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් එම පරිශ්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය.
පසුගිය ආණ්ඩු විසින් රට පාලනය කිරීමේදී මහජන මුදල් නාස්තියේ ප්‍රමාණය මේ ස්ථානයේ මෙසේ ප්‍රදර්ශනය කරන බවත්, ජනාධිපති මන්දිරය සතුව පවතින වාහන නැවතුම් ස්ථාන එම වාහන ගාල් කිරීමට ප්‍රමාණවත් නොමැති බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව ගාලුමුවදොර පරිශ්‍රය ඇතුළු තවත් ස්ථාන කිහිපයකම වාහන 107 ක් ගාල් කර ඇති අතර, මේවා විවිධ අවස්ථාවලදී පසුගිය ආණ්ඩු විසින් විවිධ තනතුරු ඇති කරමින් තම හිතවතුන්ට ලබාදී තිබූ ඒවා බව ද ඔහු අවධාරණය කළේය. මේ රටේ ජනතාවට එදිනෙදා ජීවත් වීමට අපහසු අවස්ථාවක පසුගිය වසර 76ක් පුරා පැවති ආණ්ඩු දිගින් දිගටම මහජන ධනය නාස්ති කර තිබීම ඉතා කණගාටුදායක තත්ත්වයක් බව ද ඔහු සඳහන් කළේය.
එසේම සෞඛ්‍ය කේෂ්ත්‍රයට ප්‍රමාණවත් ගිලන් රථ නොමැති, රාජ්‍ය නිලධාරීන්ට සිය රාජකාරී සිදු කිරීමට ප්‍රමාණවත් වාහන නොමැති අවස්ථාවක රුපියල් කෝටි ගණනක වටිනාකමින් යුත් වාහන ගෙන්වා තම හිතවතුන්ට ලබාදී ඇති බව ද ආනන්ද විජේපාල මහතා අනාවරණය කළේය.
මහජනතාවගේ ධනය සුරක්ෂිත කිරීම වගකීමක් වන බවත්, අනිසි ලෙස භාවිත කළ වාහන සම්බන්ධව පූර්ණ සමාලෝචනයක් සිදුකිරීමට පියවර ගන්නා බවත් පැවසූ ඒ මහතා, අදාළ වාහන ඉතා ඵලදායී ලෙස සහ ඉතා අත්‍යවශ්‍ය සේවාවන්වලට ලබාදීමට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන් බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
විවිධ ආයතනවලින් ලබාගත් වාහන 59ක් ජනාධිපති කාර්යාලය හරහා තම හිතවතුන්ට ලබාදී ඇති බවත්, වාහන ආනයනය කිරීම තහනම් කළ කාලසීමාව තුළ පමණක් ජනාධිපති කාර්යාලයට වාහන 16ක් ගෙන්වා ඇති බව අනාවරණය වී ඇති බවත් ජනාධිපති පෞද්ගලික ලේකම්වරයා සඳහන් කළේය.
තවද ජනාධිපති කාර්යාලය සතුව පවතින වාහන 833ක් අතරින් වාහන 29ක් අතුරුදන්ව ඇති බවද සඳහන් කළ ඒ මහතා, මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබාදුන් බවද වැඩිදුරටත් පැවසීය.
– PMD
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
රට වෙනස් කරන්නට පැමිණි ආණ්ඩුව JR යුගයටත් පෙර පැවති නරක තැනකට... පක්ෂයේ කාඩර්වරුන්ට රැකියා දෙන්න අමුතු වැඩක් - රවි කුමුදේශ්
කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි
එක්සත් ජනපදය පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමට කරන සාකච්ඡා සම්බන්ධයෙන් අනුර කුමාරගේ ආණ්ඩුව බොරු කියනවාද? රනිල් ප්‍රශ්න කරයි
යුරෝප සංගමය තාක්ෂණික පරීක්ෂණ මත පිහිටා ඇපල් සහ මෙටා සමාගම් වලට දඩ නියම කරයි.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
