චීනයේ සහාය තවදුරටත් ශ්‍රී ලංකාවට හිමිවනවා - ශ්‍රී ලංකාවේ චීන තානාපති කියයි
ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක්කරමින් ශ්‍රී ලාංකිකයින් නව යුගයකට එළැඹ ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්ග් මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ මහජන චීනය පිහිටුවීමේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් වූ ඊයේ (25) පස්වරුවේ කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පැවති උත්සවයක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ චීනයේ සහාය තවදුරටත් ශ්‍රී ලංකාවට හිමිවන බවය.
මෙම උත්සවය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට, මෙරට චීන තානාපති, චී ෂෙන්හොන්ග්, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ව්‍යවසායක දිලිත් ජයවීර යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්ග් මහතා,
"චීනය සැමදා ශ්‍රී ලංකාවේ විශ්වාසවන්ත මිතුරෙකු සහ ප්‍රයෝජනවත් සහකරුවෙකු ලෙස සිටිනවා. චීනය සහ ශ්‍රි ලංකාව අතර සමීප සහ ගැඹුරු සහයෝගීතාව නැවත නැවතත් පෙන්නුම් කර තිබෙනවා. හැකියාවන්ගෙන් වඩාත් සන්නද්ධ වූ ශ්‍රී ලංකාව එහි ස්වෛරීත්වය, ආරක්ෂාව, සංවර්ධනය සහ ගෞරවනීයභාවය රැකගනිමින් කලාපීය සහ ජාත්‍යන්තර තලයේ දැවැන්ත කාර්යභාරයක් ඉටුකිරීමට සමත්වේවි. සාර්ථක ජනාධිපතිවරණයක් පැවැත්වීම ගැන ශ්‍රී ලංකාවේ අප සහෝදර සහෝදරියන්ට උණුසුම් සුබපැතුම් එක්කරන්න මම මෙය අවස්ථාවක් කරගන්නවා. ශ්‍රී ලංකාවේ ජනතාව දැන් නව යුගයකට එළැඹ සිටින්නේ ඔවුන්ගේ ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක්කරමින්. චීනය අනෙකුත් මිතුරු රටවල සහය සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ශක්තිමත් නායකත්වය යටතේ උත්සාහවන්ත, බුද්ධිමත්, වික්‍රමාන්විත ශ්‍රී ලංකා ජනතාවට සියලු අවදානම් සහ අභියෝග පිටුදකිමින් වර්තමාන අර්බුදයෙන් පූර්ණ ලෙස මිදී ජාතික ආර්ථිකය යළි පනගන්වා සශ්‍රීකත්වය උදාකර ගැනීමට හැකිවනු ඇතැයි මම තරයේ විශ්වාස කරනවා."
එහිදී අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා,
"ආර්ථික අර්බුදය පැවති සමයේ චීනය ශ්‍රී ලංකාවට ලබාදුන් සහය වෙනුවෙන් මම ස්තුතිය පළකරන අතර, තීරයක් සහ මාවතක් වැඩසටහන යටතේ මෙරට සාර්ථක ලෙස ව්‍යාපෘති රැසක් නිමකිරීම පිළිබඳවත් මෙහිදී සිහිපත් කරනවා. දැනට ක්‍රියාත්මක ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සඳහා චීන මූල්‍ය ආයතන විසින් අඛණ්ඩව ලබාදෙන සහාය පිළිබඳව ශ්‍රී ලංකා අතිශය කෘතඥ වනවා. ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ අභියෝගවලට අප තවදුරටත් මුහුණ දෙද්දී චීනයේ සහෝදරත්වය, සහාය සහ අඛණ්ඩ පාර්ශ්වකරුවකුවීම ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා. චීන සංචාරකයින්ගේ ආගමනය අඛණ්ඩව ඉහළ යමින් පවතින අතර, මේ වසරේ පළමු මාස 6 තුළ චීන සංචාරකයින් 77,000 ඉක්මවා මෙරටට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාව විසින් මෑතකදී හඳුන්වා දුන් නිදහස් වීසා බලපත්‍ර වැඩසටහනට චීනය ද අයත් වන බව මෙහිදී සිහිපත් කරන්න කැමතියි."
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති