ලොව හොඳම විද්‍යාඥයන් අතරට අපෙන් 38ක්... මහාචාර්ය චන්න ජයසුමන පිට පිට 4 වැනි වතාවටත්
අමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ලොව හොඳම විද්‍යාඥයන් සියයට 2 ක අතරට ශ්‍රී ලාංකිකයන් 38 දෙනෙකු ද තෝරාගනු ලැබ සිටිති.
ලොව හොඳම විද්‍යාඥයන් සියයට 2 ක අතරට තේරී පත්වූ එම පිරිස මෙරට උසස් අධ්‍යාපන ආයතන සහ පර්යේෂණ ආයතන 14ක් නියෝජනය කරයි.
එම 38 දෙනා අතරින් 9 දෙනෙකු කොළඹ විශ්ව විද්‍යාලය නියෝජනය කරනු ලබන අතර, බහුතරයක් වෛද්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරනු ලබන පර්යේෂකයයෝ වෙති.
වෛද්‍ය විද්‍යා පර්යේෂකයන් වන සරෝජ් ජයසිංහ, චන්න ජයසුමන, රනිල් ජයවර්ධන, සේනක රාජපක්ෂ, සමත් ධර්මරත්න, සෑම් කුලරත්න, මොහාන් මුණසිංහ, කමනි මෙන්ඩිස් සහ අර්ජුන මැදගම යන මහාචාර්යවරු ද ඒ අතර වෙති.
මහාචාර්ය චන්න ජයසුමන අඛණ්ඩව වසර 4ක් මෙම ලැයිස්තුවට ඇතුළත් වීම ද විශේෂත්වයකි.
එක් එක් ක්ෂේත්‍රවල ගෝලීය වශයෙන් වෙනසක් ඇති කළ පර්යේෂකයන්ට පිළිගැනීමක් ලබාදීම සඳහා ඇමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය එල් සිවයර් විද්‍යා ප්‍රකාශකයන් සමඟ එකතු වී මෙම ශ්‍රේණිගත කිරීම වාර්ෂිකව ප්‍රකාශයට පත්කරනු ලබයි.
පසුගිය 17 වැනිදා ප්‍රකාශයට පත්කළ මෙම වසරේ ශ්‍රේණිගත කිරීමට විද්‍යාත්මක ක්ෂේත්‍ර 22 ක උප ක්ෂේත්‍ර 174 ක් නියෝජනය කරන විද්‍යාඥයෝ 2,23,252 ක පිරිසක් ඇතුළත්ව සිටිති.
පසුගිය වසරේ ශ්‍රී ලාංකිකයන් 42 ක් ලොව හොඳම විද්‍යාඥයන් සියයට 2 ක අතරට තේරී පත් වූ අතර මෙවර එම සංඛ්‍යාව 38 දක්වා අඩුවී තිබීම විශේෂත්වයකි.
ලොව හොඳම විද්‍යාඥයන් සියයට 2 ක අතරට ඉන්දියාවේ 5,352 ක් තේරී ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 717 වැඩිවීමකි.
එසේම බංග්ලාදේශයේ 205 දෙනෙක් ද මෙම වසරේ එම ශ්‍රේණිගත කිරිමට ඇතුළත්ව සිටිති.
(ලංකාදීප)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති