
ලොව හොඳම විද්‍යාඥයන් අතරට අපෙන් 38ක්... මහාචාර්ය චන්න ජයසුමන පිට පිට 4 වැනි වතාවටත්
අමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ලොව හොඳම විද්‍යාඥයන් සියයට 2 ක අතරට ශ්‍රී ලාංකිකයන් 38 දෙනෙකු ද තෝරාගනු ලැබ සිටිති.
ලොව හොඳම විද්‍යාඥයන් සියයට 2 ක අතරට තේරී පත්වූ එම පිරිස මෙරට උසස් අධ්‍යාපන ආයතන සහ පර්යේෂණ ආයතන 14ක් නියෝජනය කරයි.
එම 38 දෙනා අතරින් 9 දෙනෙකු කොළඹ විශ්ව විද්‍යාලය නියෝජනය කරනු ලබන අතර, බහුතරයක් වෛද්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරනු ලබන පර්යේෂකයයෝ වෙති.
වෛද්‍ය විද්‍යා පර්යේෂකයන් වන සරෝජ් ජයසිංහ, චන්න ජයසුමන, රනිල් ජයවර්ධන, සේනක රාජපක්ෂ, සමත් ධර්මරත්න, සෑම් කුලරත්න, මොහාන් මුණසිංහ, කමනි මෙන්ඩිස් සහ අර්ජුන මැදගම යන මහාචාර්යවරු ද ඒ අතර වෙති.
මහාචාර්ය චන්න ජයසුමන අඛණ්ඩව වසර 4ක් මෙම ලැයිස්තුවට ඇතුළත් වීම ද විශේෂත්වයකි.
එක් එක් ක්ෂේත්‍රවල ගෝලීය වශයෙන් වෙනසක් ඇති කළ පර්යේෂකයන්ට පිළිගැනීමක් ලබාදීම සඳහා ඇමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය එල් සිවයර් විද්‍යා ප්‍රකාශකයන් සමඟ එකතු වී මෙම ශ්‍රේණිගත කිරීම වාර්ෂිකව ප්‍රකාශයට පත්කරනු ලබයි.
පසුගිය 17 වැනිදා ප්‍රකාශයට පත්කළ මෙම වසරේ ශ්‍රේණිගත කිරීමට විද්‍යාත්මක ක්ෂේත්‍ර 22 ක උප ක්ෂේත්‍ර 174 ක් නියෝජනය කරන විද්‍යාඥයෝ 2,23,252 ක පිරිසක් ඇතුළත්ව සිටිති.
පසුගිය වසරේ ශ්‍රී ලාංකිකයන් 42 ක් ලොව හොඳම විද්‍යාඥයන් සියයට 2 ක අතරට තේරී පත් වූ අතර මෙවර එම සංඛ්‍යාව 38 දක්වා අඩුවී තිබීම විශේෂත්වයකි.
ලොව හොඳම විද්‍යාඥයන් සියයට 2 ක අතරට ඉන්දියාවේ 5,352 ක් තේරී ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 717 වැඩිවීමකි.
එසේම බංග්ලාදේශයේ 205 දෙනෙක් ද මෙම වසරේ එම ශ්‍රේණිගත කිරිමට ඇතුළත්ව සිටිති.
(ලංකාදීප)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
