ලෙබනනයේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් චීනය සහයෝගය දක්වනවා- චීන විදේශ ඇමති
බීජිං, (ස්පුට්නික්) - ලෙබනනයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ ජාතික අභිමානය ආරක්ෂා කිරීම සඳහා බීජින් පාලනය දැඩි ලෙස සහාය දෙන බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සමගාමීව වැඩබලන ලෙබනන් විදේශ අමාත්‍ය අබ්දුල්ලා බූ හබීබ් සමඟ පැවති හමුවකදී පැවසීය.
"චීනය ලෙබනනයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ ජාතික අභිමානය ආරක්ෂා කිරීම සඳහා දැඩි ලෙස සහාය දක්වනවා. තත්වය කුමණ අතට වෙනස් වුවද, අපි සැමවිටම යුක්තිය සහ ලෙබනනය ඇතුළු අපගේ අරාබි සහෝදරයන් වෙනුවෙන් පෙනී සිටිනවා." චීන විදේශ අමාත්‍ය වැන්ග් යී උපුටා දක්වමින් චීන විදේශ අමාත්‍යාංශය අද(24) පැවසීය.
කලාපයේ වර්ධනයන්, විශේෂයෙන්ම ලෙබනනයේ මෑත කාලීන සන්නිවේදන උපකරණ පිපිරීම් පිළිබඳව චීනය දැඩි අවධානයක් යොමු කළ බවත්, සිවිල් වැසියන්ට අවිචක්ෂණශීලී ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් චීනය අධිෂ්ඨානශීලීව විරුද්ධ වූ බවත් වැන්ග් යී අවධාරණය කළේය.
චීනයේ ඉහළම මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රිකයාට අනුව, තිරිසන් බලයේ නීතියට කළ හැක්කේ සාමය විනාශ කිරීම පමණක් වන අතර "ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීමට ප්‍රචණ්ඩත්වය" යන මූලධර්මය ආදේශ කිරීම මගින් මැද පෙරදිග ගැටුම විසඳන්නේ නැතුවාක් මෙන්ම ඊටත් වඩා විශාල මානුෂීය ව්‍යසනයකට තුඩු දෙනු ඇත. කලාපයේ වත්මන් තත්ත්වය ගාසා තීරයේ ගැටුමේ ව්‍යාප්තියේ ප්‍රකාශනයක් බව පැවසූ ඔහු "ජාතීන් දෙකක් සඳහා රාජ්‍යයන් දෙකක්" සැලැස්ම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පෙනී සිටියේය.
ලෙබනනයේ සිටින චීන පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා බීරූට් පරිපාලනය ඵලදායී පියවර ගනු ඇතැයි චීන විදේශ අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
23දා උදෑසන ඊශ්‍රායල ගුවන් යානා ලෙබනනයේ දකුණු සහ නැගෙනහිර ජනාවාසවලට දැවැන්ත ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තේය. ගම්මාන දුසිම් ගණනක් සහ ප්‍රාදේශීය ජනාවාස ගණනාවක් ප්‍රහාරයට ලක් විය. ඒ අතර ලෙබනන් ෂියා ව්‍යාපාරයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරු ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර විශාල ගණනක් එල්ල කළහ. ඊශ්‍රායල ආක්‍රමණයට මැදිහත් වී එය නතර කරන ලෙස ලෙබනන් රජය දැනටමත් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා ඇත.
සැප්තැම්බර් 17 සහ 18 දිනවල ලෙබනනයේ විවිධ ප්‍රදේශවල සන්නිවේදන මාධ්‍යවල දැවැන්ත පිපිරීම්වලින් විශාල ගනනක් මිය ගොස් 3,000 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලැබීමෙන් පසුව දෙපාර්ශවයේම ෂෙල් වෙඩි ප්‍රහාරවල තීව්‍රතාවය වැඩි කරමින් නවතම උත්සන්න වීම සිදුවිය. පසුව, ඊශ්‍රායල ගුවන් යානයක් බේරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශයේ නේවාසික ගොඩනැගිල්ලකට පහර දුන් අතර හිස්බුල්ලා විශේෂ මෙහෙයුම් අණදෙන නිලධාරී ඊබ්‍රහිම් අකිල් ඇතුළු 50 කට වැඩි පිරිසක් මිය ගියහ. ෂියා ප්‍රතිරෝධී සටන්කාමීන් ඊශ්‍රායල ගුවන් හමුදා කඳවුරක් වන රමට් ඩේවිඩ් සහ උතුරු හයිෆා හි රෆායෙල් ආරක්ෂක කර්මාන්ත සංකීර්ණයට ප්‍රහාර එල්ල කළහ. ඊශ්‍රායල නගරයට පිටතින් පිහිටි නේවාසික ප්‍රදේශවලට රොකට් කිහිපයක් පතිත විය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 79 වැනි සැසිවාරය සැප්තැම්බර් 10 වැනි දින නිව් යෝර්ක් නුවරදී ආරම්භ විය. මහා සභා සැසිවාරයේ ප්‍රධාන රැස්වීම් පැවැත්වෙන සතිය සම්ප්‍රදායිකව රාජ්‍ය නායකයින් සහ අමාත්‍යවරුන් වාර්ෂිකව රැස්වී දැවෙන ප්‍රශ්න ගැන කතා කරන උත්සව සතියකි. වාර්ෂික වාද විවාද සැප්තැම්බර් 24 සිට 28 දක්වා මෙන්ම සැප්තැම්බර් 30 වෙනිදා ද පැවැත්වේ. රුසියානු නියෝජිත පිරිසේ නායකත්වය දරන්නේ විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් විසින් වන අතර සැප්තැම්බර් 28 වන දින ඔහු සිය දේශනය ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව පැවසේ.
China Firmly Supports Lebanon in Protecting Sovereignty, Security - Foreign Minister
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති