
ලෙබනනයේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් චීනය සහයෝගය දක්වනවා- චීන විදේශ ඇමති
බීජිං, (ස්පුට්නික්) - ලෙබනනයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ ජාතික අභිමානය ආරක්ෂා කිරීම සඳහා බීජින් පාලනය දැඩි ලෙස සහාය දෙන බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සමගාමීව වැඩබලන ලෙබනන් විදේශ අමාත්‍ය අබ්දුල්ලා බූ හබීබ් සමඟ පැවති හමුවකදී පැවසීය.
"චීනය ලෙබනනයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ ජාතික අභිමානය ආරක්ෂා කිරීම සඳහා දැඩි ලෙස සහාය දක්වනවා. තත්වය කුමණ අතට වෙනස් වුවද, අපි සැමවිටම යුක්තිය සහ ලෙබනනය ඇතුළු අපගේ අරාබි සහෝදරයන් වෙනුවෙන් පෙනී සිටිනවා." චීන විදේශ අමාත්‍ය වැන්ග් යී උපුටා දක්වමින් චීන විදේශ අමාත්‍යාංශය අද(24) පැවසීය.
කලාපයේ වර්ධනයන්, විශේෂයෙන්ම ලෙබනනයේ මෑත කාලීන සන්නිවේදන උපකරණ පිපිරීම් පිළිබඳව චීනය දැඩි අවධානයක් යොමු කළ බවත්, සිවිල් වැසියන්ට අවිචක්ෂණශීලී ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් චීනය අධිෂ්ඨානශීලීව විරුද්ධ වූ බවත් වැන්ග් යී අවධාරණය කළේය.
චීනයේ ඉහළම මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රිකයාට අනුව, තිරිසන් බලයේ නීතියට කළ හැක්කේ සාමය විනාශ කිරීම පමණක් වන අතර "ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීමට ප්‍රචණ්ඩත්වය" යන මූලධර්මය ආදේශ කිරීම මගින් මැද පෙරදිග ගැටුම විසඳන්නේ නැතුවාක් මෙන්ම ඊටත් වඩා විශාල මානුෂීය ව්‍යසනයකට තුඩු දෙනු ඇත. කලාපයේ වත්මන් තත්ත්වය ගාසා තීරයේ ගැටුමේ ව්‍යාප්තියේ ප්‍රකාශනයක් බව පැවසූ ඔහු "ජාතීන් දෙකක් සඳහා රාජ්‍යයන් දෙකක්" සැලැස්ම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පෙනී සිටියේය.
ලෙබනනයේ සිටින චීන පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා බීරූට් පරිපාලනය ඵලදායී පියවර ගනු ඇතැයි චීන විදේශ අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
23දා උදෑසන ඊශ්‍රායල ගුවන් යානා ලෙබනනයේ දකුණු සහ නැගෙනහිර ජනාවාසවලට දැවැන්ත ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තේය. ගම්මාන දුසිම් ගණනක් සහ ප්‍රාදේශීය ජනාවාස ගණනාවක් ප්‍රහාරයට ලක් විය. ඒ අතර ලෙබනන් ෂියා ව්‍යාපාරයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරු ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර විශාල ගණනක් එල්ල කළහ. ඊශ්‍රායල ආක්‍රමණයට මැදිහත් වී එය නතර කරන ලෙස ලෙබනන් රජය දැනටමත් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා ඇත.
සැප්තැම්බර් 17 සහ 18 දිනවල ලෙබනනයේ විවිධ ප්‍රදේශවල සන්නිවේදන මාධ්‍යවල දැවැන්ත පිපිරීම්වලින් විශාල ගනනක් මිය ගොස් 3,000 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලැබීමෙන් පසුව දෙපාර්ශවයේම ෂෙල් වෙඩි ප්‍රහාරවල තීව්‍රතාවය වැඩි කරමින් නවතම උත්සන්න වීම සිදුවිය. පසුව, ඊශ්‍රායල ගුවන් යානයක් බේරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශයේ නේවාසික ගොඩනැගිල්ලකට පහර දුන් අතර හිස්බුල්ලා විශේෂ මෙහෙයුම් අණදෙන නිලධාරී ඊබ්‍රහිම් අකිල් ඇතුළු 50 කට වැඩි පිරිසක් මිය ගියහ. ෂියා ප්‍රතිරෝධී සටන්කාමීන් ඊශ්‍රායල ගුවන් හමුදා කඳවුරක් වන රමට් ඩේවිඩ් සහ උතුරු හයිෆා හි රෆායෙල් ආරක්ෂක කර්මාන්ත සංකීර්ණයට ප්‍රහාර එල්ල කළහ. ඊශ්‍රායල නගරයට පිටතින් පිහිටි නේවාසික ප්‍රදේශවලට රොකට් කිහිපයක් පතිත විය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 79 වැනි සැසිවාරය සැප්තැම්බර් 10 වැනි දින නිව් යෝර්ක් නුවරදී ආරම්භ විය. මහා සභා සැසිවාරයේ ප්‍රධාන රැස්වීම් පැවැත්වෙන සතිය සම්ප්‍රදායිකව රාජ්‍ය නායකයින් සහ අමාත්‍යවරුන් වාර්ෂිකව රැස්වී දැවෙන ප්‍රශ්න ගැන කතා කරන උත්සව සතියකි. වාර්ෂික වාද විවාද සැප්තැම්බර් 24 සිට 28 දක්වා මෙන්ම සැප්තැම්බර් 30 වෙනිදා ද පැවැත්වේ. රුසියානු නියෝජිත පිරිසේ නායකත්වය දරන්නේ විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් විසින් වන අතර සැප්තැම්බර් 28 වන දින ඔහු සිය දේශනය ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව පැවසේ.
China Firmly Supports Lebanon in Protecting Sovereignty, Security - Foreign Minister
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
රට වෙනස් කරන්නට පැමිණි ආණ්ඩුව JR යුගයටත් පෙර පැවති නරක තැනකට... පක්ෂයේ කාඩර්වරුන්ට රැකියා දෙන්න අමුතු වැඩක් - රවි කුමුදේශ්
කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි
එක්සත් ජනපදය පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමට කරන සාකච්ඡා සම්බන්ධයෙන් අනුර කුමාරගේ ආණ්ඩුව බොරු කියනවාද? රනිල් ප්‍රශ්න කරයි
යුරෝප සංගමය තාක්ෂණික පරීක්ෂණ මත පිහිටා ඇපල් සහ මෙටා සමාගම් වලට දඩ නියම කරයි.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
