ශ්‍රී ලංකා නව ජනාධිපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ශ්‍රී ලංකා නව ජනාධිපති ධුරයට පත් අනුර කුමාර දිසානායක මහතා වෙත චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පිරිනමා තිබේ.
සුබ පැතුම මගින් චීන ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ චීනය සහ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිත්‍ර අසල්වැසියන් බවය.
මීට වසර 67 කට පෙර චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ දා සිට දෙරට සෑම විටම එකිනෙකා අවබෝධ කර ගනිමින් සහයෝගය ලබා දෙමින් මිත්‍රශීලී සහජීවනය සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවය සඳහා ලොකු කුඩා රටවලට ආදර්ශයක් සපයා ඇති බවයි.
එම සුබපැතුම් පණිවිඩයේ චීන ජනපතිවරයා මෙසේ ද සඳහන් කර තිබේ.
“චීනය සහ ශ්‍රී ලංකාව සම්ප්‍රදායික මිත්‍ර අසල්වැසියෝ වෙති. අප දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කරගත් පසු ගතවූ වසර 67 තුළ දෙපාර්ශවයම එකිනෙකාට අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගය ලබාදෙමින් විවිධ ප්‍රමාණයේ මිත්‍රශීලී සහජීවනය සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව පිළිබඳ කදිම ආදර්ශයක් සපයමින් සිටියි.
චීන-ශ්‍රී ලංකා සබඳතා වර්ධනය දෙපාර්ශ්වයටම ඉතා වැදගත් වන අතර අපගේ සාම්ප්‍රදායික මිත්‍රත්වය ඒකාබද්ධව ඉදිරියට ගෙනයෑමට, දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කිරීමට සහ උසස් තත්ත්වයේ ‘තීරය සහ මාර්ග සහයෝගීතාවයෙන්’ වඩාත් ඵලදායී ප්‍රතිඵල අත්කර ගැනීමට ඔබ සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම්ව සිටිමි. අවංක අන්‍යෝන්‍ය සහාය සහ සදාකාලික මිත්‍රත්වය මත පදනම් වූ චීන-ශ්‍රී ලංකා උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වයේ තිරසාර සහ ස්ථාවර වර්ධනයක් ප්‍රවර්ධනය කරමින් දෙරටට වැඩි ප්රතිලාභ ගෙනදෙනු ලබයි.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි