
ලංකාවට යවන්න ගෙන ආ රුසියානු පොහොර නැව ලැට්වියාවේ රීගා වරායේ සිරකිරීම සාධාරණීයකරණය කරීමට නවදිල්ලියේ ලැට්වියානු තානාපති කාර්යාලය ගත් උත්සාහය ගැන කොළඹ රුසියානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක්
2022 වර්ෂයේ මාර්තු මාසයේ සිට ලැට්වියා රාජ්‍යයේ රීගා වරායේ අවහිර කර ඇති ශ්‍රී ලංකාවට යැවීමට ගෙන ආ රුසියානු පොටෑෂ් පොහොර තොගයක් සහිත නෞකාව එම වරායේ සිරකර තැබීම සාධාරණීයකරණය කිරීමට නවදිල්ලියේ ලැට්වියානු රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලය ගත් අකාරුණික උත්සාහය පිළිබඳව කොළඹ රුසියානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙබඳු තීරණවල ප්‍රතිඵලයක් වශයෙන්, අප්‍රිකාවේ, ආසියාවේ සහ මෙම තීරණාත්මක අයිතම මත යැපෙන ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල වෙසෙන ජනයා ද අවදානම් තත්ත්වයකට පත්වන බවත් එම නිවේදනයෙන් පෙන්වා දී තිබේ.
අදාල නිවේදනයේ සිංහල පරිවර්තනය හා ඉංග්‍රීසි පිටපත පහළින්...
2022 වර්ෂයේ මාර්තු මාසයේ සිට ලැට්වියා රාජ්‍යයේ රීගා වරායේ අවහිර කර ඇති රුසියානු පොටෑෂ් පොහොර තොගය ශ්‍රී ලංකාවට යැවීමට බාධාවක් වන තම රටේ තීරණ සාධාරණීකරණය කිරීමට නවදිල්ලියේ ලැට්වියානු රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලය ගත් අකාරුණික උත්සාහයක් කෙරෙහි කොළඹ රුසියානු තානාපති කාර්යාලය අවධානය යොමු කළේය. ඔවුන්ගේ අදහස් දැක්වීමේදී ඉදිරිපත් කළ සැකසහිත “තර්ක” විසින් කිසිවකු නොමග යැවිය යුතු නැත යන මතය ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය දරයි.
පොහොර තොගය මුහුදින් යැවීමේදි ඔවුන් පෙන්වාදෙන දිගු හා පදනම් විරහිත ප්‍රමාදයන් අනෙකුත් බෝල්ටික් රාජ්‍යයන් මෙන්ම ලැට්වියාවටද බලාත්මක වීම මගින් තරමක් සීමා සහිත ස්වෛරීභාවයක් ලැට්වියාවට ඇති බව වඩාත් පැහැදිලිව තහවුරු කිරීමකි.ඒ අනුව සියලුම වැදගත් විදේශ ප්‍රතිපත්ති ගැටළු විසඳනු ලබන්නේ රීගා නුවර පදනම්ව නොව අනෙකුත් අගනුවර වල සිටය.
තවමත් ලැට්වියාව පොහොර තොගයේ වැදගත්කම ප්‍රකාශ කිරීමට මංමුලා සහගත උත්සාහයක් දරමින් සිටියි. නමුත් යථාර්ථයේ දී ගෝලීය ආහාර ස්ථායිතාව අවදානමට ලක් කරන ක්‍රියාමාර්ග විස්තාරණය කිරීමේ ප්‍රමුඛයා බවට ලැට්වියාව පත්වේ. මේ අනුව, රීගා විසින් නැවත නැවතත් (2023 ඔක්තෝබර්, 2023 දෙසැම්බර් සහ 2024 ජනවාරි) යුරෝපා සංගමයේ තේරුමක් නැති සම්බාධක ප්‍රතිපත්තිය අනුගමනය කරමින් යුරෝපීය වෙළඳපොළට රුසියානු කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රවේශය සම්පූර්ණයෙන්ම අවහිර කිරීමේ යෝජනාවක් පවා ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත්, එවැනි උත්සහයන්ගේ කතුවරුන් යුරෝපීය අපනයන කෘෂි නිෂ්පාදනවල මිළ තුන්වන පාර්ශවයේ රටවලදි ඉහළ යාමට හේතු වන බැවින් මෙම පියවර ගෝලීය ආහාර සුරක්ෂිතතාවයට අහිතකර බව පෙන්වීමට හිතාමතා හෝ නොදැනුවතව මග හැරීමට කටයුතු කරයි. යුරෝපයේ පොහොර නිෂ්පාදනය ක්‍රමයෙන් පහත වැටෙමින් තිබීම (2021 සිට 30% දක්වා අගයකට පහා විද්‍යාමානවීම විසින් තත්ත්වය සංකීර්ණ කර තිබේ.
එහි ප්‍රතිඵලයක් වශයෙන්, අප්‍රිකාවේ, ආසියාවේ සහ මෙම තීරණාත්මක අයිතම මත යැපෙන ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල වෙසෙන ජනයා අවදානම් තත්ත්වයකට පත්වේ.
මෙම ක්‍රියාවන් හීනමානය මත පදනම් වූ කුහකකම බව අපගේ හැඟීමයි.
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය
2024 සැප්තැම්බර් 17
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
