News Category
From Date
To Date
Maximum Number of Result

ඡන්ද කටේ පුද්ගල ආදායම් බදු අඩු කරන්නත් තීරණය කරලා

Sep 14, 2024 at 09:06 AM
|

2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි පුද්ගල ආදායම් බදු ව්‍යුහය සඳහා සංශෝධන සිදුකිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

බදුගෙවන්නන් සඳහා සහන සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක රජයේ වැඩසටහන යටතේ මෙම පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඔවුන් නිකුත් කළ නිවේදනයේ මෙසේ දැක්වේ.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ කළ සාකච්ඡාවලින් අනතුරුව, පුද්ගල ආදායම් බදු ව්‍යුහය සඳහා යෝජිත සංශෝධන, ඇමැති මණ්ඩල සංදේශයක් මගින් ඉදිරිපත් කර තිබේ.

2022 වසරේ මැද භාගයේදී හඳුන්වා දුන් බදු ප්‍රතිසංස්කරණ, රටේ ආර්ථික අර්බුදයට ප්‍රතිචාර වශයෙන් රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ පුළුල් උපාය මාර්ගයේ අංගයකි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගෙන ඇති විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ, 2025 වසර අවසන් වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටියි.

මෙම ඉලක්කයට ළඟාවීම සඳහා 2025 වසර වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 14%ක් දක්වා ඉහළ නංවා ගැනීමට සැළකිව යුතු බදු ආදායමක් අවශ්‍ය වේ.

මූලික ප්‍රතිසංස්කරණ සඳහා වසරකට රුපියල් මිලියන 1.2 බැගින් වූ බදු රහිත සීමාවක්, රුපියල් 500,000 බැගින් වූ බදු පරාසයන් සහ බදු අනුපාතය 6%ක අවමයක් සහ 36%ක උපරිමයක් ඇතුළත් විය.

කෙසේවෙතත්, විශේෂයෙන් මධ්‍යම ආදායම් ලබන්නන් සඳහා සහන ලබාදෙන ලෙස ඉදිරිපත් කළ ඉල්ලීම් අනුව, ශ්‍රී ලංකාව සිය මූල්‍ය ඉලක්ක සපුරාලීමට පටන් ගත් 2024 මැද භාගයේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ මේ පිළිබඳ නැවත සාකච්ඡාවල නිරත වීමට රජය කටයුතු කළේය.

ඒ අනුව බදු මට්ටම රුපියල් 500,000 සිට රුපියල් 720,000 දක්වා ඉහළ නංවන අතර, බදු රහිත සීමාව රුපියල් මිලියන 1.2ක් ලෙස තබා ගැනීම සහ ඉහළම බදු අනුපාතය වන 36% ඇතුළුව සෑම මට්ටමකම ආන්තික බදු අනුපාත පවත්වා ගැනීමට රජය යෝජනා කර තිබේ.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සඳහා සිදුකරන සංශෝධනවලින් අනතුරුව මෙම ගැළපීම 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

බදු බර වැඩි වශයෙන් ප්‍රකාශිත බදු තීරුවල මධ්‍යයේ සිටින පිරිසට සහන සැළසීම මෙම බදු ගැළපීම මගින් අවධානය යොමු කර තිබේ. නිදසුනක් වශයෙන්, මසකට රුපියල් 150,000ක ආදායමක් ලබන පුද්ගලයකුගෙන් අය කළ බදු මුදල 14%කින් අඩුවන අතර ඉහළ ආදායම් ලබන්නන්ට වඩාත් සීමිත සහනයක් හිමිවේ.

මෙම ගැළපුම මගින් මෙරට සමස්ත ආදායමට ඇතිවන බලපෑම දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.07%ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, 2025 දී වාහන ආනයනය සීමා ලිහිල් කිරීමෙන් ලැබෙන ආදායම යන කරුණු සැළකිල්ලට ගනිමින් මෙම සහනය සැළසීම පිළිබඳ අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර තිබේ.

යෝජිත සංශෝධන මගින් රාජ්‍ය මූල්‍ය විනය පවත්වාගැනීමේ අවශ්‍යතාව මෙන්ම විශේෂයෙන්ම මධ්‍ය ආදායම් ලබන්නන් සඳහා සහන සළසන ලෙස ජනතාව සිදුකළ ඉල්ලීම ඉටුවන බව මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

සම්බන්ධිත පුවත් | Related News

රට තුළ වර්ධනය වෙමින් පවතින ඒකාධිපති පාලන ප්‍රවණතාවන්ට සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව සියලුම සිවිල් සංවිධාන, ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සහ මහජනතාව එකාබද්ධ විය යුතු බව මහජන කේන්ද්‍රය අවධාරණය කරයි.
ශ්‍රී ලාංකීය ඉංජිනේරු ක්ෂේත්‍රයත්, සමස්ත විශ්වවිද්‍යාල අධ්‍යාපන පද්ධතියත් ඒකාලෝක කළ පහන් ටැඹක් වූ මහාචාර්ය පී. ඒ. ඩී. සිල්වා (P. A. D. Silva) ශූරීන්ගේ අභාවය යනු සමස්ත දේශයටම පියවා ගත නොහැකි මහත් පාඩුවකි.
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කෙරුණු රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පෙළපොත් තොගයක් නිසි පරිදි බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙත භාරනොදී ඇති බවට තලංගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ප්‍රකට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික හා හමුදාමය උණුසුම් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර ඇත.
මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
ත්‍රිකුණාමලය ඓතිහාසික කන්නියා උණවතුර ළිං පුරාවිද්‍යා භූමියේ පිහිටි චෛත්‍ය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගනු ලබන උත්සාහයන්ට නැවතත් බාධා එල්ල වී ඇති බවත්, එම සංරක්ෂණ කටයුතු අත්හිටුවීමේ තත්ත්වයකට පත්ව ඇති බවත් ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.
උසස්පෙළ විභාගයේ හෙට (14) දිනයේ පැවැත්වීමට නියමිත විභාග ප්‍රශ්න පත්‍ර කට්ටලය කිසිදු අවස්ථාවක පිටවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.
ඊයේ (13) පැවැති මන්නාරම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී එම දිස්ත්‍රික්කයේ සිදුවන විදුලි කප්පාදුව සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්විය.
මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ව්‍යුහාත්මක වෙනසක් සිදු කරමින්, අධ්‍යක්ෂ මණ්ඩලයක් සහ විධිමත් කාර්ය මණ්ඩලයකින් සමන්විත ‘ගොවි සමාගම්’ පිහිටුවීමට රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ප්‍රධාන පුවත්

ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්

ප්‍රකට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික හා හමුදාමය උණුසුම් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර ඇත.

22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..

මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..

ත්‍රිකුණාමලය ඓතිහාසික කන්නියා උණවතුර ළිං පුරාවිද්‍යා භූමියේ පිහිටි චෛත්‍ය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගනු ලබන උත්සාහයන්ට නැවතත් බාධා එල්ල වී ඇති බවත්, එම සංරක්ෂණ කටයුතු අත්හිටුවීමේ තත්ත්වයකට පත්ව ඇති බවත් ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.

අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය

අධිකරණයේ ස්වාධීනත්වය යනු රටක පවතින උත්තරීතරම සංකල්පයක් බැවින්, ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අවදානමක් නොගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අවධාරණය කරයි.

කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.

අගෝස්තු මස 13 වනදාට යෙදෙන කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ රුස්ගේ 100 වැනි ජන්ම සංවත්සරයට සමගාමීව, ඔහුගේ චින්තනය, දේශපාලන දර්ශනය සහ උරුමය පිළිබඳ අවධානය යොමු කරන පළමු ජාත්‍යන්තර සමුළුව වන “ෆිදෙල්: උරුමය සහ අනාගතය” පසුගිය 10 වනදා කියුබාවේදී ආරම්භ විය.

LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.