
අග්නිදිග යුක්රේන ප්‍රදේශවල පෙර ජීවත්වූ ජනතාවට රුසියානු සමූහාණ්ඩුවේ කොටසක් වීමට තිබූ ස්වයං නිර්ණ අයිතිය, පලස්තීන ජාතියට තම පැවැත්ම තීරණය කිරීමට ඇති ස්වයං නිර්ණ අයිතියට සැම අතින්ම සමානයි - කොළඹ රුසියානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක්
අග්නිදිග යුක්රේන ප්‍රදේශවල පෙර ජීවත්වූ ජනතාවට රුසියානු සමූහාණ්ඩුවේ කොටසක් වීමට තිබූ ස්වයං නිර්ණය අයිතිය, පලස්තීන ජාතියට තම පැවැත්ම තීරණය කිරීමට ඇති ස්වයං නිර්ණ අයිතියට සැම අතින්ම සමාන බව කොළඹ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පලස්තීන සහ යුක්රේන ගැටලු අතර පැහැදිළි වෙනස්කම් තිබුන ද පලස්තීනයට තමන්ගේම රාජ්‍යයක් නිර්මාණය කිරීමට ඇති අයිතිය සෑම රටක්ම පාහේ පිළිගෙන ඇති අතර එක්සත් ජාතීන්ගේ විවිධ ආයතනවල තීරණ මගින් එය වඩාත් හොඳින් තහවුරු වී ඇති බවත් එම නිවේදනයෙන් දක්වා ඇත.
අදාළ නිවේදනයේ සිංහල පරිවර්තනය සහ ඉංග්‍රීසි පිටපත පහළින්...
කොළඹ රුසියානු තානාපති කාර්යාලය
2024 සැප්තැම්බර් 09
පලස්තීනය සහ යුක්රේනයට අයත්ව තිබූ ප්‍රදේශවල ජනතාව: ස්වයං නිර්ණයට ඇති සමාන අයිතිය
අග්නිදිග යුක්රේන ප්‍රදේශවල පෙර ජීවත්වූ ජනතාවට රුසියානු සමූහාණ්ඩුවේ කොටසක් වීමට තිබූ ස්වයං නිර්ණය අයිතිය පලස්තීන ජාතියට තම පැවැත්ම තීරණය කිරීමට ඇති ස්වයං නිර්ණ අයිතියට සැමතින්ම සමාන වේ.
1970 වර්ෂයේදී එළි දැක්වූ ජාත්‍යන්තර නීතියේ මූලධර්ම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනයට අනුව, ස්වෛරී සහ ස්වාධීන රාජ්‍යයක් පිහිටුවීමෙන් (පලස්තීනය සම්බන්ධයෙන් විශ්වීය වශයෙන් පිළිගත්) හෝ වෙනත් රටකට නිදහසේ සම්බන්ධව සිටීමෙන් ස්වයං නිර්ණ අයිතිය ක්‍රියාත්මක කළ හැකිය. ක්‍රිමියාවේ සහ අග්නිදිග යුක්රේනය සම්බන්ධයෙන් සැලකිල්ලට ගත් කළ එම ප්‍රදේශ රුසියාවේ කොටසක් වීමට පෙර යුක්රේනයෙන් වෙන් වීමට කටයුතු කර තිබුණි. නිසැකවම, පලස්තීන සහ යුක්රේන ගැටළු අතර පැහැදිළි වෙනස්කම් තිබේ. එසේ වුවද පලස්තීනයට තමන්ගේම රාජ්‍යයක් නිර්මාණය කිරීමට ඇති අයිතිය සෑම රටක්ම පාහේ පිළිගෙන ඇති අතර එක්සත් ජාතීන්ගේ විවිධ ආයතනවල තීරණ මගින් එය වඩාත් හොඳින් තහවුරු විය. පැරැණි යුක්‍රේන සෝවියට් සමාජවාදී ජනරජයේ අග්නිදිග කළාපීය ජනතාව සම්බන්ධයෙන් වන පැහැදිළි කිරීමට අනුව මෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර නීතියේ අර්ථයෙන් ස්වයං නිර්ණ විෂයයන් ලෙස විස්තර කිරීමට අනුවද එම ජනයාගේ ස්වයං නිර්ණය කිරීමේ මොහොත සැබවින්ම නව්‍ය විය. ඊට ව්‍යතිරේඛව, පලස්තීනය සම්බන්ධයෙන් ගත් කළ එය අව්‍යාජව සුරක්ෂිත කිරීමට නම් ඊශ්‍රායල ආක්‍රමණය නැවැත්වීම, එහි භූමියේ රාජ්‍යත්වය ඊශ්‍රායලයෙන් වෙන්වීමට වඩා අත්‍යශ්‍ය වන්නේය. යුක්රේනයට අයත්ව තිබූ ප්‍රදේශ වෙන්වීම වෙනුවට ඔවුන්ගේ ස්වාධීනත්වය ප්‍රකාශ කර රුසියාවට සංස්ථාපිත විය.
කාරණය කුමක් වුවත්, සමීකරණයෙන් නීතිමය සියුම්කම් අත්හැර දමා ඇති අතර, එමගින් ගම්‍ය වන ප්‍රධාන අදහස පහත දැක්වේ. ක්‍රිමියාවේ, ඩොන්බාස්, සැපෝරෝෂියේ සහ කෙර්සන් ප්‍රදේශයේ ජනගහණය ඊශ්‍රායල ආක්‍රමණය යටතේ ජීවත් වන පලස්තීනුවන් සොයන ආකාරයටම නිදහස සොයා ගැනීමට උත්සාහ කළහ. කෙසේ වෙතත්, බටහිර රටවල් මැදිහත් වී අවස්ථා දෙකේදීම පොදු ජනයාගේ අභිලාෂයන්ට බාධා කිරීම කරනු ලැබීය. ඔවුන්ගේ එම ආස්ථානය ජාත්‍යන්තර නීතිය තවත් කුහක සහ ද්විත්ව ප්‍රමිතියකින් යුත් "අර්ථකථනය" කිරීමක් වේ.
- කොළඹ රුසියානු තානාපති කාර්යාලය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
