News Category
From Date
To Date
Maximum Number of Result

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යුක්රේනයට මුදල් අවප්‍රමාණය කිරීමට බල කරනු ඇත - බ්ලූම්බර්ග්

Sep 5, 2024 at 01:01 PM
|

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, විදේශ ආධාර දිගටම ලබා ගැනීමට අවශ්‍යනම් රටේ අයවැය පරතරය පියවා ගැනීම සඳහා මුදලේ අගය අවප්‍රමානය කරන ලෙස යුක්‍රේන රජයට පීඩනය වැඩි කිරීමට අපේක්ෂා කරන බව බ්ලූම්බර්ග් ඊයේ(04) වාර්තා කළේ, මේ සම්බන්ධයෙන් විශෙෂඥයන්ගේ අදහස් උපුටා දක්වමිනි.

පොලී අනුපාත කපා හැරීම, බදු ඉහල දැමීමේ ප්‍රයත්න ශක්තිමත් කිරීම සහ මුදල් අවප්‍රමාණය කිරීම ඇතුළු ඉලක්ක වෙත යුක්‍රේන ආණ්ඩුව යොමු කළ යුතුද යන්න සමාලෝචනය කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කණ්ඩායමක් මෙම සතිය අගදී කියෙව් වෙත පැමිණීමට නියමිතය. යුක්‍රේනයට අනුමත කර ඇති ඩොලර් බිලියන 15.6 ක ණය වැඩසටහනෙහි ඊළඟ ඩොලර් බිලියන 1.1 ක ණය වාරිකය ලැබීමටනම් 

යුක්රේනය මෙම පියවර අනුගමනය කිරීම අවශ්‍ය වේ.

යුක්රේනයේ රාජ්‍ය මූල්‍ය අර්බූදය පියවීමට එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙතින් ආධාර වශයෙන් ඩොලර් බිලියන 122 ක පමණ ආධාර ලැබී ඇත. කෙසේ වෙතත්, කියෙව්  2025 මුල්‍ය වර්ෂය සඳහා ඩොලර් බිලියන 15 ක අයවැය පරතරයකට මුහුණ දී තිබෙන බවත් එය තවමත් ණය හිමියන්ගේ මූල්‍ය කැපවීම් වලින් ආවරණය වී නොමැති බව අගමැති ඩෙනිස් ෂ්මිගල් පසුගිය මාසයේ පැවසීය.

හිඟය පියවා ගැනීමට උපකාර කිරීම සඳහා, වොෂින්ටනය පදනම් කරගත් ආයතනය, මධ්‍යස්ථ උද්ධමනය මධ්‍යයේ ඉහළ වේගයකින් යුක්‍රේන මුදල් ඒකකය අවප්‍රමාණය කිරීමටත් එහි මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරන ලෙසත් යුක්රේනයේ ජාතික බැංකුවෙන් ඉල්ලා සිටීමට සැලසුම් කරමින් සිටින බව ආරංචි මාර්ග බ්ලුම්බර්ග් ප්‍රවෘත්ති ඒජන්සියට පැවසීය. මෙම පියවර දේශීය මුදලින් යුක්රේනයේ අයවැය ආදායම ඉහළ නැංවීමට සහ මුදල් අමාත්‍යාංශය වෙත ණය ගැනීම පහසු කිරීමට අපේක්ෂා කෙරේ.

2022 පෙබරවාරි මාසයේ යුක්රේන ගැටුම උත්සන්න වීමෙන් පසුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 30%කට වඩා වැඩි අගයකින් අවප්‍රමානය වූ යුක්‍රේන ජාතික මුදල් ඒකකය තවදුරටත් අවප්‍රමාණය කිරීමට යුක්‍රේන මුල්‍ය නියාමකයා වන යුක්‍රේන මහ බැංකුව විරුද්ධ වී ඇති බවද වාර්තා වේ. මුදල් ඒකකය තවදුරටත් දුර්වල වීමට ඉඩ දීම, මිල ස්ථායීතාවය පවත්වා ගැනීමට මහ බැංකුවට ඇති හැකියාව අභියෝගයට ලක් කරන බව ආරංචි මාර්ග පවසයි.

මීට අමතරව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් යුක්‍රේන ආර්ථිකය තුළ බදු වැඩි කිරීමේ උත්සාහයන් ඉතා ලිහිල් බව විවේචනය කර ඇති අතර පුළුල් පරාසයක බදු වැඩි කිරීම ගැන සලකා බලන ලෙස යුක්‍රේන මහ බැංකුව බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. දැනට පවතින 20% සිට එකතු කළ අගය මත බද්ද ඉහළ නැංවීම විභව යෝජනා අතර වන බව, මේ පිළිබඳව විශේෂඥ දැනුම ඇති පිරිස් බ්ලුම්බර්ග් වෙත පැවසීය.

යෝජිත ක්‍රියාමාර්ග කියෙව්හි නීති සම්පාදකය්න්ගේ කනස්සල්ලට බරපතල හේතුවක් වී ඇති අතර, යුද කාලීන බලමුලු ගැන්වීම්, රාජ්‍ය දූෂණ උත්සුකයන්, නිරන්තර විදුලිය ඇනහිටීම් සහ ඉහළ යන බලශක්ති මිල මධ්‍යයේ මුදල් අවප්‍රමාණය වීම සහ ඉහළ බදු දේශපාලනික වශයෙන් හානි වනු ඇත.

https://www.rt.com/business/603519-imf-ukraine-currency-devaluation-tax/

සම්බන්ධිත පුවත් | Related News

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු වූ මහේෂ් ගම්මන්පිල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
දළදා පුදබිමේ ආරක්ෂාවට සිටි අණ දෙන නිලධාරීවරයාට ඉතා අශෝබන ලෙස පොලිස් නිලධාරියෙකු විසින් බැන වැදීමේ සිදුවීම සම්බන්ධයෙන් හෙළිදරව්වක් සිදුකරන එකසත් රණවිරු ප්‍රජාවේ කැඳවුම්කරු, හිටපු යුද හමුදා නිලධාරි අසේල ධර්මකීර්ති මහතා පවසන්නේ යුද හමුදාවේ කිසිදු සෙබලෙකුට මේ ආකාරයෙන් බැන වැදීමක් යුද හමුදාව තුළදීවත් සිදු නොවන බවත්, පොලිස් නිලධාරියා විසින් සිසුකළ එම ක්‍රියාව ඉතා නින්දිත ක්‍රියාවක් බවත් ය.
2008 වසරේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියකට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් කොළඹ මහාධිකරණය හමුවේ අද (28) සාක්ෂි සටහන් කරගනු ලැබීය.
මිලියන 63කට අධික පරිශීලකයින්ගෙන් යුත් පාකිස්තාන යූ ටියුබ් නාලිකා 16 ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි රජයේ ඉඩමක් අයුතු ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) උදෑසන 9.15ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණියේය.

ප්‍රධාන පුවත්

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රනිල් අද අල්ලස් කොමිසම හමුවට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)

ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී

රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.

කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..

කොළඹ ඩොක්යාඩ් සමාගමේ මෙතෙක් ජපානය සතුව පැවති 52%ක කොටස් ප්‍රමාණයක් ඉන්දියාවට ලබාදීමට සූදානමක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..

සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ ජිව දත්ත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තෙවන පාර්ශ්වයකට ලබාදීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ සමසෞඛ්‍ය උපාධිධාරී එකමුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලි කර ඇත.

ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..

ශ්‍රී ලංකා දූත පිරිසක් වොෂින්ටන් ඩීසීහි (Washington, D.C) එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතකාර්යාලයේදී පසුගිය අප්‍රේල් 22 වන දින, එහි තානාපති ජේමියන් ග්‍රියර් (Jamieson Greer) මහතා හමු විය.

යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ

යුක්රේන හමුදා අත්පත් කරගෙන සිටි රුසියාවට අයත් භූමි ප්‍රදේශයේ ජීවත් වන ජනයා ඉලක්ක කර රසායනික අවි භාවිත කර ඇති බවට රුසියානු ආරක්ෂක අංශ පවසයි.

මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..

ජාතික ජන බලවේගය ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා ශ්‍රී ලංකාව ස්වයංක්‍රීය ව එම ගැටුමට මැදිහත් වීමේ අවදානමක් පවතින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ජන හමුවක දී අවධාරණය කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.