නිකිණි පුරපසළොස්වක පොහොය අදයි
නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට (19) යෙදී තිබේ. මෙම පොහොය දින බෞද්ධාගමිකයිනට ප්‍රධාන සිදුවීම් කීපයක් නිසා වැදගත් වේ.
ඒවා අතර පසු වස් එළඹීම, ආනන්ද තෙරුන් වහන්සේ රහත්වීම. සහ ප්‍රථම ධර්ම සංගායනාව ,ආරම්භ කිරීම ආදිය වේ.
පෙර වස පසු වස වශයෙන් භික්ෂූන් වහන්සේලා වස් එළඹ වැඩ සිටිය යුතු දින දෙකක් ගැන සඳහන් වේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනයෙහි පොහොය කර්ම කොට ඇසළ අව පෑළවිය දිනයෙහි පෙර වස් එළඹීම එක් ක්‍රමයකි.
එසේ කිරීමට යම්කිසි අපහසුවක් ඇති වූ කල්හි නිකිණි පුර පසළොස්වක පොහොය දින පොහොය කර්ම කොට නිකිණි අව පෑල වියද පසුවස් එළඹිය යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත.
මෙහි දැක් වූ ක්‍රම දෙකෙන් එක් ක්‍රමයක් හෝ අනුගමනය නොකරන භික්ෂූන්ට ඇවැත් (වරදක්) සිදුවෙන බව විනය නියමයකි.මේ අනුව පසුවස් එළඹෙන දිනය වශයෙන් නිකිණි පෝය ශාසන ඉතිහාසයේ වැදගත්ි තැනක් ගනී . කෙසේ වුවද බෞද්ධ භික්ෂූන් පමණක් නොව සාමාන්‍ය ජනතාවද වස් කාලය තුළ දාන ශීල භාවනාආදී පිළිවෙත් හි වඩාත් යෙදීම කුසලයට හේතු වේ. ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල ධර්මය පිරිසිදුව ආරක්ෂා කර ගැනීමට ප්‍රථම වරට ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එක් නමක් හැර පන්සීයක් මහ රහතන් වහන්සේලා තෝරා ගත්හ.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සියලු ධර්මය අසා දැන , දරා සිටි ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන් එහි ඉතිරි නම වශයෙන් තෝරා ගත යුතු වුවත් ඒ වන විටත් උන්වහන්සේ රහත් භාවයට පත්ව නොසිටීම ගැටලුවක් විය.
මේ පිළිබඳව වටහාගත් ආනන්ද හිමියෝ එදින මැනවින් සිත මෙහෙයවා විදසුන් වඩා අවසානයේ රහත් භාවයට පත්වූහ. ඒ වැදගත් සිදුවීමවූයේ නිකිණි පුන් පොහෝ දිනයක අලුයම් කාලයේ බව වංශ කතාවේ සඳහන් වේ.
මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් පමණ වූ භික්ෂූන් වහන්සේලා ඇසළ පුන් පෝදා රජගහ නුවරට වැඩමවා එහි වස් සමාදන් වූහ. එක් මසක් මුළුල්ලේ සුදුසු පරිදි විහාරාම පිළිසකර කරවා සංගායනාවට අවශ්‍ය කටයුතු සංවිධානය කළහ විශේෂයෙන් ම රජගහනුවර වේහාර පර්වත පාර්ශවයෙහි සප්තපර්ණී ගුහා දොරටුවෙහිදී ඉදිකළ ා මණ්ඩපයෙහි ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කළහ . සම්බුද්ධ පරිනිර්වාණයෙන් ම සිව්වන මස දෙවන දිනය වූ නිකිණි මස අව දියවතා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ඉපදෙනත්වයෙන් ආරම්භ කළ ඒ සංගායනාවට පන්සියයක් රහතන් වහන්සේලා සහභාගිව මේ බුද්ධ ධර්මයේ මනා සංවිධානය හා ආරක්ෂාව සඳහා මෙම මාසයේ ආරම්භ වූ ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් සේ සැලකේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..