ඉදිරි ජනපතිවරණයට මොකද වෙන්නේ? - තීන්දුව අද
ජනමත විචාරණයක් පවත්වා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසි පරිදි සම්මත කරගන්නාතුරු ජනාධිපතිවරණයක් නොපවත්වන ලෙස නියෝගයක් කරන්නැයි ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (15දා) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අර්ජුන ඔබේසේකර හා කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේදී සලකා බැලීම සඳහා කැඳවීමට නියමිත අතර එම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යෑමට අවසර ලබා දෙන්නේද නැතිද යන ශ්‍රේෂ්ඨාධිකරණය අද (15දා) ලබාදෙනු ලබන තීන්දුව අනුව ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම තීරණය කෙරෙනු ඇත.
නීතියක් ලෙස සලකනු ලබන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත් 70 (5) ව්‍යවස්ථාව සහ 33 (2) ඇ ව්‍යවස්ථාව යටතේ 2018 නොවැම්බර් 9 වන දින අංක 2096/70 අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ අතර එයට එරෙහිව පවරනු ලැබූ අංක 351/ 2018 මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය 7 පුද්ගල විනිසුරු මඬුල්ලක් 2018.12.13 වන දින තීන්දුවක් ලබාදී තිබිණි. එකී තීන්දුව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (5) සහ 33 (2) ඈ ව්‍යවස්ථා යටතේ 2018.11.9 වන දින පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ ජනාධිපතිවරයාගේ ගැසට් පත්‍රය බලාත්මක නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කොට තිබිණි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ එකී තීන්දුව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) ඇ ව්‍යවස්ථාව අභිභවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ක්‍රියාත්මක වන හෙයින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 19 වන වගන්තිය ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළුව 2/3කට නොඅඩු පක්‍ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාවක් මගින් නීතියක් කර ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුව වැරදි බවත් එය මේ දක්වා නීතියක් වී නැති බවත් 2018.12.13 දින දැනගත් පසු එයට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80 වන ව්‍යවස්ථාව අනුව සුදුසු පියවර ගැනීමට තිබූ බවත් පෙත්සම්කරු සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වාදී තිබිණි.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ 2018.12.13 දිනයෙන් පසු 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පනත් කෙටුම්පතක් වන හෙයින් එය නීතියක් බවට පත්වීමට අවශ්‍ය ජනමත විචාරණය පැවැත්වීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79, 80 ව්‍යවස්ථා අනුව සුදුසු පියවර ගැනීමට අදාළ කටයුතු තිබීමට පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ක්‍රියා කර නොමැති බවත් එම පෙත්සමෙන් පෙන්වා දී තිබේ.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..