සරසවි සිසුවාගේ මරණය ගැන අන්තරේ කරුණු කියයි..
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 23 හැවිරිදි චරිත් දිල්ශාන්ගේ මරණය සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ, "චරිත් දිල්ශාන් සොයුරාගේ හදිසි අභාවය පිළිබඳ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමු." යනුවෙනි.
මරණයට හේතුව නවකවධ සිදුවීමක් බවට වූ චෝදනාවක් ඇති බැවින් මේ පිළිබඳව පටු න්‍යාය පත්‍රවලින් තොරවූ පූර්ණ අපක්ෂපාතී විමර්ශනයක් පවත්වන ලෙසත් චෝදනා සත්‍ය නම් විත්තිකරුවන්ට දඬුවම් පමුණුවන ලෙසත් සිය ශිෂ්‍ය සංගමය ඉල්ලා සිටින බවත් එහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනයයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ, තාක්ෂණ පීඨයේ, ඉංජිනේරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ චරිත් දිල්ශාන් සොයුරාගේ හදිසි අභාවය පිළිබඳ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමු. මෙයට හේතුව නවකවද සිදුවීමක් බවට වූ චෝදනාවක් ඇති බැවින් මේ පිළිබඳව පටු න්‍යාය පත්‍ර වලින් තොර වූ පූර්ණ අපක්ෂපාතී විමර්ෂණයක් පවත්වන ලෙසත් චෝදනා සත්‍ය නම් විත්තිකරුවන්ට දඬුවම් පමුණුවන ලෙසත් අප ඉල්ලා සිටින අතර ඒ සඳහා වූ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් ප්‍රකාශ කර සිටිමු.
විශ්වවිද්‍යාල තුළ තවදුරටත් ශේෂව පවතින ගතානුගතික පසුගාමී සංස්කෘතික ලක්ෂණ පරාජයට පත් කිරීමට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අපත්, විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගම් ක්‍රියාවලිය තුළ බලවත් උත්සාහයක් දරමින් සිටිමු. නවකවදය වැනි පසුගාමීත්වයන්ගේ පැවතීම විසින් පරාජයන් විනා ශිෂ්‍ය ව්‍යාපාරයට අත් කරදුන් ජයග්‍රහණ කිසිවක් නැත. විශේෂයෙන්ම මෙවැනි සිදුවීම් ප්‍රබල තර්කයන් බවට පත් කරගනිමින් පාලකයින් අධ්‍යාපන පෞද්ගලිකකරණයට අදාළ තර්ක තහවුරු කරගැනීමට කටයුතු කරන අතර දැවැන්ත ප්‍රචාරක ව්‍යාපෘති බවට පත්කර ගනී. එබැවින් නවකවදය වැනි සංස්කෘතික පසුගාමීකම් සමඟ ශිෂ්‍ය ව්‍යාපාරයට කිසිඳු සම්මුතියක් නැත.
ශිෂ්‍ය ව්‍යාපාරයේ පැවැත්මට ද බාධාවක් වන පසුගාමී සංස්කෘතික ශේෂයන් විශ්වවිද්‍යාලවලින් තුරන් විය යුතු අතර ඒ සඳහා ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අපත් ඇතුළුව සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාව තුළම බරපතල සංස්කෘතික සංවාදයක් ඇති කළ යුතු බව අපගේ අදහසයි. පවතින පසුගාමී සංස්කෘතික ශේෂයන් විශ්වවිද්‍යාලවලින් තුරන් කිරීමට මැදිහත්වන ලෙස අප සියලු විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ගෙන් ඉල්ලා සිටිමු.
මීට,
මදුෂාන් චන්ද්‍රජිත්,
කැඳවුම්කරු,
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි