ඉන්දියානු සාගර කලාපීය සංගමයේ අමාත්‍ය මණ්ඩල සංවාදය මෙරටදී
23වන ඉන්දියානු සාගර කලාපීය සංගමයේ අමාත්‍ය මණ්ඩල සංවාදය මෙරටදී පැවැත්වීමට නියමිතව තිබේ.
ඔක්තෝබර් 11 වනදා මෙම සංවාදය පැවැත්වීමට නියමිත අතර ඊට සහභාගී වීම සඳහා විදෙස් නියෝජිතයින් එළඹෙන සතියේදී මෙරටට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
බංගලාදේශය, ඉන්දියාව, ඉරානය, මොරිෂස්, මැලේසියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල විදේශ අමාත්‍යවරුන් ඇතුළු අමාත්‍යවරුන් 16 දෙනෙකු සහ ඔස්ට්‍රේලියාව, කොමරෝස්, ප්‍රංශය, ඉන්දුනීසියාව, කෙන්යාව යන රටවල නියෝජිතයින් ද මෙම සංවාදය සඳහා සහභාගී වීමට නියමිතය.
එහිදි ඉන්දියානු සාගර කලාපීය සංගමයේ වත්මන් සභාපති ධුරයේ කටයුතු කරන බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට විදේශ අමාත්‍යවරයා වෙත සභාපති ධුරය පිරිනැමීමට නියමිත බවත් වාර්තා වේ.
ඒ අනුව මේ වසරේ සිට 2025 දක්වා කාලය සඳහා ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර කලාපීය සංගමයේ සභාපතීත්වය දරනු ඇත.
වෙළෙඳ හා ආයෝජන, සමුද්‍රීය ආරක්ෂාව සහ ආරක්ෂාව, ධීවර කළමනාකරණය, ආපදා අවදානම් කළමනාකරණය සහ ආර්ථිකය ඇතුළු සංගමය විසින් හඳුනාගෙන ඇති ප්‍රමුඛතා ක්ෂේත්‍ර හයක් සම්බන්ධයෙන් සහයෝගීතාවයෙන් කටයුතු කළ හැකි ක්‍රම පිළිබඳව මෙවර සංවාදයේදී සාකච්ඡා කිරීමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන
පාස්කු වන්දි ලෙස රු.මිලියන 311ක් ලැබිලා... වින්දිතයන්ට බෙදපු හැටි ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි