පාස්පෝට් චෝදනාවට විමල් අත්අඩංගුවට ගැනීම වැරදියි… ආගමන විගමන නිලධාරියා සාක්ෂි දෙයි
අක්‍රිය ගමන් බලපත්‍රයක ඇති වලංගු වීසා යොදා ගනිමින් වලංගු ගමන් බලපත්‍රයක් සමග විදේශගත වීමට හැකි බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරී චන්ද්‍රලාල් අලහකෝන් මහතා විමල් විරවංශ මහතාට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ව්‍යාජ ගමන් බලපත්‍ර නඩුවේදී සාක්ෂි දෙමින් පැවසිය.
2015. 02.03 දින අවිධිමත් ගමන් බලපත්‍රයකින් විදේශ ගතවීමට උත්සාහ කළ බවටත් ආගමන විගමන පනත උල්ලංඝනය කළ බවටත් චෝදනා කරමින් ගොනුකර ඇති නඩුව මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා හමුවේ අද(05) දින විභාගයට ගත් අවස්ථාවේ විත්තිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු මෙලෙස ප්‍රකාශ කළේය.
නඩුවේ සාක්ෂි කැඳවීම අවසන් කරන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිමන්තනි සිල්වා මහත්මිය අධිකරණයට දැනුම් දුන් අතර වැඩිදුර විභාගය සඳහා නොවැම්බර් මස 20 දිනට දින නියම විය.
ඉන්පසු මාධ්‍ය වෙත අදහස් දක්වමන් වීරවංශ මහතා පැවසුවේ අක්‍රිය ගමන් බලපත්‍රයක ඇති වලංගු වීසා යොදා ගනිමින් වලංගු ගමන් බලපත්‍රයක් සමග විදේශ ගතවීමට හැකි බව අද සාක්ෂි දුන් ආගමන විගමන නිලධාරියා අධිකරණයේදී පිළිගත් බවත් ඒ අනුව තමන් යහපාලන ආණ්ඩු සමයේ ව්‍යාජ ගමන් බලපත්‍රයකින් රට යාමට උත්සාහ කළ බවට බොරු චෝදනාවක් කරමින් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම නිත්‍යනුකූල ද, නැත් ද යන්න අද අධිකරණයට පැහැදිලි වූ බවත්ය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ඔහුට විරුද්ධව මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ගමන් බලපත්‍ර නඩුවට පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන
පාස්කු වන්දි ලෙස රු.මිලියන 311ක් ලැබිලා... වින්දිතයන්ට බෙදපු හැටි ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි