News Category
From Date
To Date
Maximum Number of Result

අවිහිංසාවාදයෙන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට රට ගොඩගන්නට ඇති හැකියාව, ජනාධිපතිතුමාත් අමාත්‍ය මණ්ඩලයත් ඔප්පු කළා - අගමැති දිනේෂ් කියයි

Apr 9, 2024 at 03:51 PM
|

‘හිංසාවාදය අපේ දේශපාලනයේ නැහැ. අවිහිංසාවාදී දේශපාලන ජයග්‍රහණයකට කැපවෙලා ආණ්ඩුව මේ අභියෝගය භාරගත්තා’ යයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමිකරුවන් නංවාලීම අරමුණු කරගෙන සිදු කරන බිත්තර රැක්කවීමේ යන්ත්‍ර බෙදාදීමේ වැඩසටහන පිළියන්දල , මාවිත්තර දී සහ හෝමාගම විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩාංගනයේදී සිදුකළ අවස්ථාවේදිය.

වසර එකහමාරකට කලින්ආර්ථික අර්බුදය හමුවේ මුළු රටේම ජනතාව බොහොම ධෛර්යවන්තව හිටියා. මෙවැනි අර්බුදයකට රට මුහුණ දුන්නා කියලා අපේ ජීවිත කාලේ අහල නැහැ. අපේ වැඩිහිටියෝ මෙවැනි තත්ත්වයකට මීට කළින් මුහුණ දුන්නේ දෙවෙනි ලෝක යුද්ධ කාලේ කියලයි අපි අහල තියෙන්නේ තියෙන්නේ. එදා අපේ ගොවි ජනතාව එවකට තිබුණු වතු ආහාර නිෂ්පාදනයට එකතු කරලා ආහාර නිෂ්පාදනයෙන් ඒ අර්බුදයට මුහුණ දුන්නා.

දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පස්සේ අපිට කොරියාව ගැන ලොකුවට අහන්න ලැබුණා. දෙවන ලෝක සංග්‍රාමය හමාරවෙලත් කොරියාවට බෝම්බ දැමීම දිගටම සිදු කෙරුණා. කොරියාව උතුරු සහ දකුණ ලෙස බෙදුන රටවල් දෙකක් වුණා. නමුත් කොරියානු ජනතාව ග්‍රාමීය ආහාර නිෂ්පාදනයට මුල් තැන දීලා ඒ රට ආහාරයෙන් සුපෝෂිත කළා පමණක් නොව අතිරික්තයක් නිෂ්පාදනය කරන රටක් බවට පත්වුණා. නව දැනුම එක් කර ගනිමින් කොරියාව දියුණු කාර්මික රටවල් අතරට පැමිණියා. විදේශ විනිමය අතිරික්තයක් තියෙන රටක් බවට කොරියාව තම රට පරිවර්තනය කරගන්නට පුළුවන් වුණ නිසා ජාත්‍යන්තර ආර්ථික අර්බුදවලදී ඊට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් ඔවුන්ට තියෙනවා.

ගමේ ආදායම් පරතරය අඩු කරලා පහළ ආදායම් ලබන සැමදෙනාට හොඳ ආදායම් තත්වයකින් සම්පූර්ණ වෙන්න පුළුවන් වැඩ පිළිවෙලක් දියත් කළ යුතුයි. ඒ වගේම නව පරපුරේ බලාපොරොත්තු ඉටු වන දියුණුවකට තොරතුරු තාක්ෂණය, ඩිජිටල් ක්‍රමය, කාර්මික සංවර්ධනයන් යොමු කරගනිමින් ඒ රට වල දියුණුව ලැබීම පමණක් නොව අතිරික්තය නිසා අපි වගේ රටවල් වලට තවමත් සහයෝගය දෙනවා. තවමත් ණය දෙනවා. තවමත් උදව් උපකාර කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අපේ රටට මේ බිත්තර රැක්කවීමේ උපකරණ ලැබුණා. මෙම වැඩපිළිවෙළ ලංකාවේ සෑම මැතිවරණා ආසනයකම රට පුරා ක්‍රියාත්මක කරනවා.

අප මුහුණ දුන් ආර්ථික අර්බුදයේදී දේශපාලන මතභේද බලන්නෙ නැතුව පළමු වරට අපේ රටේ ජනතාව ආරක්ෂා කරගෙන රට ඉදිරියට ගොඩනගන්නට අවශ්‍ය යි කියන කාරණාවට අප සියලු දෙනා අත්වැල් බැඳ ගත යුතුයි. හිංසාවාදය අපේ දේශපාලනයේ නැහැ. අවිහිංසාවාදී දේශපාලනය ජයග්‍රහණය කිරීමෙන් පමණයි මනුෂ්‍ය සමාජයට නිසංසල තත්ත්වයකින් ජීවත් වෙන්නට හැකියාව ලැබෙන දියුණුවකට පරිවර්තනය වෙන්න පුළුවන් වන්නේ. ඊට කැප වෙලා තමයි ආණ්ඩුව මේ අභියෝගය භාරගත්තේ. විවිධ තර්ජන ගර්ජන ඔස්සේ ඒ බව ඔප්පු කරලා රජයේ සේවකයන්ට යළි උනන්දුව ඇති කරලා රටේ අවිහිංසාවාදය පදනම් කරගෙන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට රට ගොඩගන්නට හැකියාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාත් අමාත්‍ය මණ්ඩලයත් එක්ව කටයුතු කරලා ඔප්පු කළා.

ඒක කරන්න බැහැ කියලා බොහෝ අය විවිධ කෝණයන්ගෙන් ප්‍රචාරය කළා. නමුත් ඒ ප්‍රචාරයන් හැම දෙයක්ම අසාර්ථකයි. මේ වෙනකොට අපි ආර්ථික ස්ථාවර භාවය වගේම රටේ නීතියේ ස්ථාවරභාවය ඇතිකර තිබෙනවා. එදා සුමානයක් හිංසාවාදය ජයගත්ත කාල පරිච්ඡේදය මාස ගණන් යන්න ඉඩ දුන්නනම් ඒ හිංසාවේ පරිමාණයන් කොහොම වෙයිද? ලෝක ප්‍රජාව සමග යළි සාකච්ඡා මාර්ගයෙන් අපේ ගනුදෙනු බේරාගෙන සංවර්ධනයට තවදුරටත් අලුත් ආයෝජනයන් එක්කර දෙන්න පුළුවන් මාර්ග විවෘත කරගෙන රට ඉදිරියට ගමන් කරනවා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සම්බන්ධිත පුවත් | Related News

තීව්‍ර වෙමින් පවතින ඉන්දු – පාකිස්තාන අර්බුදය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යශය නිරන්තර අවධානයෙන් පසුවෙමින් රජය දැනුවත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.
ඉන්දියාවත් සමග රජය අත්සන් කළ ගිවිසුම් තුළ අඩංගු කරුණු ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පවා නොදන්නා බවත්, ගිවිසුම් වල ඇති කරුණු කියන්නට ඉන්දියාවෙන් අවසර ගතයුතු බව ඇතැම් ඇමැතිවරු පවසන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
වසර කිහිපයක් තිස්සේ කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි.
ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකාවේ සිට පකිස්තානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබේ.
ජාතික ජන බලවේග ආණ්ඩුව පළාත් පාලන මැතිවරණයේ දී ලද ඡන්ද ප්‍රමාණය අඩු වීමට වැඩ කරන දිනයක ඡන්දය පැවැත්වීම බලපෑ බව නි. අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.
පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
සමන්ත රණසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද (08) දිවුරුම් දුන්නේය.
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 අප්‍රේල් මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.32ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම දත්ත වාර්තා පෙන්වාදෙයි.

ප්‍රධාන පුවත්

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.