චන්ද්‍රිකා ශ්‍රීලනිප සාමාජිකයෙක් නෙවෙයි - දුෂ්මන්ත මිත්‍රපාල කියයි
චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක් නොවන බවත් එතුමිය පසුගිය කාලයේ නව ලංකා නිදහස් පක්ෂය යන පක්ෂයේ වැඩකටයුතු කළ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් නීතිඥ සාරති දුෂ්මන්ත මිත්‍රපාල මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් නීතිඥ සාරති දුෂ්මන්ත මිත්‍රපාල මහතා කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (8) පස්වරුවේ එසේ පැවසීය.
චන්ද්‍රිකා මැතිණිය නව ලංකා නිදහස් පක්ෂ කියලා එකක් හදාගෙන හාවෙක්ගේ පිට උඩ යමින් සිටි බව කී මිත්‍රපාල මහතා චන්ද්‍රිකා මැතිණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතුවලට සම්බන්ධ නොවූ බව ද සඳහන් කළේය.
දුමින්ද දිසානායක මහත්මයම කියනවා නම් චන්ද්‍රිකා මැතිණිය දේශපාලන මණ්ඩලයේ නෑ කියලා එහෙම කෙනෙක්ට දේශපාලන මණ්ඩලයට උපදෙස් දිය නොහැකි බව ද ඒ මහතා පැවසීය.
විවිධ ප්‍රකාශ කරන කණ්ඩායමේ මතය මොකක්ද යන්න රටම දන්නවා බවත් රනිල් වික්‍රමසිංහ තරම් හොඳ ජනාධිපති කෙනෙක් මේ ලෝක නෑ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකවරයා පැහැදිළිව කියන පසුබිමක් තුළ ඔවුන්ගේ ඉලක්කය කුමක්ද යන්න පැහැදිළි බවත් ඒ මහතා කීය.
ව්‍යවස්ථාව ඒකාධිපති යැයි 2018 සංශෝධිත ව්‍යවස්ථාවට යෑමෙන් අධිකරණය තීරණය කළ ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන බව කී මිත්‍රපාල මහතා ව්‍යවස්ථාව අනුව බොහෝම පැහැදිළිව දේශපාලන මණ්ඩලය යැයි කියන රැස්වීම නීතිවිරෝධි එකක් නිසා ඒ පිළිබඳව අධිකරණයට යන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
- ලංකාදීප -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දෙමළ නිජභූමියෙන් හමුදා කඳවුරු ඉවත් කිරීම ඇරඹුනා - ටැමිල් ගාඩියන් (නොවැම්බර් 20)
‘ෆෙංගල්’ ප්රචණ්ඩ වෙයි... අවදානයෙන් සිටින්නැයි කාලගුණයෙන් දැනුම් දෙයි
නිධන් හාරන්න නියෝග කළේ නැහැ - අධිකරණය කියයි
“මේක අපේ ආණ්ඩුව අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයෝ. ලංවිමය ඇතුලට ජාතික ජනබලවේගයට මුවා වෙලා රිංගා ගෙන ඉන්නා නරි කනෙන් ඇදලා එළියට දානවා.” – ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්
අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සිසුවන්ට මත් කුඩු බෙදන පෞද්ගලික සිසුන් කණ්ඩායමක් අත් අත්අඩංගුවට
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි