
STF නිල ඇඳුම ඇඳගත් පාසල් කැඩෙට් කණ්ඩායමක් ටී 56ත් අරන් පෙරඩ් එකෙත් ගිහින් - පොලිසියෙන් විමර්ශන
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් භාවිත කරන නිල ඇඳුම් ඇඳ ටී 56 ගිනි අවි අතැතිව ගම්පහ ප්‍රධාන පාසලක කැඩෙට් කණ්ඩායමක් පෙළපාලියක (පෙරඩ්) පෙනී සිටි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන පොලිසිය මගින් ඊයේ (07දා) විමර්ශන ආරම්භ කර ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳගෙන පෙළපාලියක නිරත වූවන් මෙම සිසුන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් භාවිතා කරන රෙදි වර්ගයම යොදාගෙන නිල ඇඳුම සකස් කර ඇති බව පැවසේ. මේ සම්බන්ධයෙන් මෙම නිල ඇඳුම් මැසූ අනුරාධපුරයේ රෙදි සාප්පුවක හිමිකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. නිල ඇඳුම් ඇන්ද සිසුන් සමාජ මාධ්‍යවල (TikTok) පෙනී සිටීම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන අනුව නිල ඇඳුම් සකස් කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
පාසල් ශිෂ්‍ය භටයින් සඳහා අනුමත කළ නිල ඇඳුම් කට්ටල දෙකක් නිර්දේශ කර තිබියදී හමුදාවක හෝ විශේෂ බළකායක නිල ඇඳුමක් පරිහරණයට අවසර දී නොමැති අතර මෙය වැරදි පූර්වාදර්ශයක් බවත් ඊට වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වියයුතු බවත් උසස් නිලධාරියෙක් පැවසීය.
ශිෂ්‍ය භටයින් සඳහා සරඹ පෙළපාලි හා පුහුණු කටයුතුවලදී පොයින්ට් 2.2 වර්ගයේ පතුරම්වලින් පමණක් වෙඩි තැබිය හැකි අර්ධ ස්වයංක්‍රීය වෙනම අවියක් නිකුත් කර ඇති අතර මෙම සිසුන් අත්වල ටී56 ගිනිඅවි රැගෙන සරඹ පෙළපාලියට සහභාගි වී සිටීම ගැටලුවක් බවත් ඔහු කීය. ස්වයංක්‍රීය ගිනි අවියක් ලබාදිය යුත්තේ පූර්ණ සංග්‍රාමික පුහුණුව ලත් ආරක්ෂක අංශයේ නිලධාරියෙකුට බවත් එම අවි පාසල් සිසුන්ට ලබාදුන්නේ කාගේ වුවමනාවකටද යන්න විමසා බැලිය යුතු බවත් ඔහු පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් ද සිල්වා මහතාගෙන් කළ විමසීමේදී ඔහු පවසා ඇත්තේ සිසුන් භාරයේ තිබූ නිල ඇඳුම් පොලිස් භාරයට ගත් බවත් කිහිපදෙනෙකුගෙන් ඊට අදාළ ප්‍රකාශ සටහන් කරගත් බවත්ය. සිසුන්ට ගිනිඅවි ලබාදීම නීත්‍යනුකූලව සිදුකර ඇති බවත් එම ගිනිඅවි නිෂ්ක්‍රීය කර පොලිස් නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ සරඹ සංදර්ශනය සඳහා ලබාදීමට පියවර ගෙන ඇති බවත් ඒ මහතා පවසා තිබේ.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
