එංගලන්තයෙන් ලංකාවට සහතිකයක්...සංචාරක උපදේශනය යාවත්කාලීන කරයි
ශ්‍රී ලංකාව ලබාගෙන ඇති වත්මන් ආර්ථික ප්‍රගතිය හේතුවෙන් එක්සත් රාජධානිය විසින් සිය පුරවැසියන් සඳහා නිකුත් කර තිබූ ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය (Travel Advisory) 2024 අප්‍රේල් මස 05 වැනි දින සිට යාවත්කාලීන කිරීමට එක්සත් රාජධානිය කටයුතු කර තිබේ.
හදිසි වෛද්‍ය සේවාවන් ලබාගැනීම, රට තුළට ඇතුලුවීමේදී ආරක්ෂාව සම්බන්ධයෙන් පැවතිය යුතු අවශ්‍යතා, මාර්ගවල ගමන් කිරීමේදී පවතින ආරක්ෂාව, රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සහ සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම ආදී අංශයන්හි පෙර පැවති තොරතුරු යාවත්කාලීන කිරීම මෙමගින් සිදු කර ඇත.
ඒ අනුව ආහාර, ඉන්ධන සහ ඖෂධ හිඟය පිළිබඳව පසුගිය උපදේශනය තුළ අඩංගු කර තිබූ කරුණු යාවත්කාලීන කරන ලද මෙම සංචාරක උපදේශනයෙන් ඉවත් කර ඇත.
මීට අමතරව වෛද්‍ය උපකරණ හිඟය වැනි සෞඛ්‍ය සේවාවල සීමාවන් පිළිබඳ දක්වා තිබූ අවදානම ද ඉවත් කර තිබේ.
ශ්‍රී ලංකාව විසින් වර්තමානයේ අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සංචාරකයින් තුළ පැහැදිලි අවබෝධයක් ඇති කිරීම සඳහා පෙර සංචාරක උපදේශනය මඟින් දක්වා ඇති මෙම අහිතකර තොරතුරු ඉවත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් බ්‍රිතාන්‍ය බලධාරීන් වෙත විටින් විට කරුණු ඉදිරිපත් කරනු ලැබීය.
ජනවාරි 1 සිට මාර්තු 27 දක්වා කාලය තුළ එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයින් 53,928 ක් පැමිණ ඇති අතර එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණෙන තුන්වන විශාලතම රට වේ.
යාවත්කාලීන කරන ලද මෙම සංචාරක උපදේශනය මගින් ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයට තවත් දිරිගැන්වීමක් සපයනු ඇත.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්