
මේ වර්ෂයට මුදල් වෙන් වී ඇත්තේත්, නීත්‍යනුකුල ව පැවැත්වීමට නියමිත වන්නේත්, මහමැතිවරණයක් නොව ජනාධිපතිවරණයක් - සුසිල් ප්‍රේමජයන්ත කියයි
අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මස මැද දී පැවැත්වීමේ විභාග කාලසටහන් මේ වන විටත් සකසා අවසන් ව ඇති අතර පවත්වන ලද අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල එම විභාගය පැවැත්වීමට පෙර මැයි මස මුල දී ලබා දීමට උපරිම උත්සාහයක් දරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාතික විද්‍යා පදනම විසින් සංවිධානය කරන ලද ‘පර්යේෂණ උපාධි අධීක්ෂණය කිරීම’ සඳහා දායක වූ ශ්‍රී ලාංකීය පරියේෂණ උපාධි අධීක්ෂකයන් සම්මානයට පාත්‍ර කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේ පැවති සම්මාන උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
එසේ ම උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනා වැඩි කිරීමට අදාළ ව පත් කරන ලද ඒකාබද්ධ කමිටුවේ වාර්තා ලැබී ඇති අතර ඉදිරි සති කිහිපය ඇතුළට ඊට අදාළ අනුමැතිය ලබා ගැනීමට ක්‍රියා කරන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය. සාමාන්‍ය පෙළ විභාග පරීක්ෂකවරුන් 35,000ක් හා උසස් පෙළ විභාග පරීක්ෂකවරුන් 19,000 පමණ සිටින අතර මේ සියලු දෙනාට සෑහීමකට පත් විය හැකි මට්ටමේ දීමනාවක් ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද හෙතෙම මෙහි දී පැවසී ය.
ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ මේ වර්ෂයට මුදල් වෙන් වී ඇත්තේත් නීත්‍යනුකුල ව පැවැත්වීමට නියමිත වන්නේත් මහමැතිවරණයක් නොව ජනාධිපතිවරණයක් බවයි.
ජාතික විද්‍යා පදනමේ පර්යේෂණ අංශය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන ප්‍රදානෝත්සවයට ජාතික විද්‍යා පදනමේ සභාපති මහාචාර්ය රංජිත් සේනාරත්න, අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සේපාලිකා සුදසිංහ ඇතුළු නිලධාරීහු එක් වූහ.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
