මෛත්‍රී අධිකරණය හමුවේ කරුණු කියන්න සැරසෙයි
තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණය හමුවේ කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අද කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළකළේය.
"අද දහවල් වෙනකොට දැනගන්න ලැබුණු දෙයක් තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය අධිකරණයට ගිහිල්ලා අතුරු තහනම් නියෝගයක් අරගෙන තියෙනවා මාව සභාපති ධුරයෙන් ඉවත්කිරීම සඳහා ලබන 18 වනදා දක්වා ඒ තහනම් නියෝගය ක්‍රියාත්මක වන බව මාධ්‍ය තුළින් මා දැක්කා. ඒ ඇරෙන්න තවම මේ වෙනකල් අධිකරණ නියෝගය සම්බන්ධයෙන් කඩදාසි කිසිවක් අපිට තවම ලැබිලා නෑ. ශ්‍රී නිදහස් පක්ෂ ඉතිහාසයේ මෙවැනි අභියෝග අලුත් දේවල් නෙවෙයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය, කුමාරතුංග මහත්මයා, අනුර බණ්ඩාරනායක මහත්මයලා ඔය ඔක්කොම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩිලා ගිහිල්ලා අලුත් පක්ෂ හදාගෙන 1977න් පස්සේ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි වුණාට පස්සේ ඒගොල්ලෝ වෙනම හැසිරිනු නිසා අපිට අවුරුදු 17ක් විපක්ෂයේ ඉන්න සිද්ධවුණා.
අපේ පක්ෂය තුළ හිටපු මන්ත්‍රීවරු 14 දෙනාගෙන් මන්ත්‍රීවරු 11 දෙනෙක් ගිහින් තිබෙනවා ආණ්ඩුවට. පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණයක් අරන් තිබුණා අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් හදනවා කියලා හිටපු වෙලාවේ. ඒවා නොසලකා ඇමති තනතුරුවලට තියෙන කෑදරකම නිසා මිසක් රටටවත් පක්ෂයටවත් ජනතාවටත් ආදරයකට නෙවෙයි ගියේ.
බුලත් කොළය සහ පුටුව අපේ සන්ධාන ලකුණු දෙකම තියෙන්නේ ආණ්ඩු පක්ෂයේ ඉන්න අයගෙන් ඉල්ලුවට දුන්නේ නෑ. මධ්‍යම කාරක සභාවේ අවස්ථා 3කදී ඒ පොරොන්දුවීම් කඩකළා. මොන අභියෝග ආවත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසිදු පිරිසක් ලෙස ඉදිරි දේශපාලන කටයුතු අපි සිදුකරනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්