
මෛත්‍රී අධිකරණය හමුවේ කරුණු කියන්න සැරසෙයි
තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණය හමුවේ කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අද කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළකළේය.
"අද දහවල් වෙනකොට දැනගන්න ලැබුණු දෙයක් තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය අධිකරණයට ගිහිල්ලා අතුරු තහනම් නියෝගයක් අරගෙන තියෙනවා මාව සභාපති ධුරයෙන් ඉවත්කිරීම සඳහා ලබන 18 වනදා දක්වා ඒ තහනම් නියෝගය ක්‍රියාත්මක වන බව මාධ්‍ය තුළින් මා දැක්කා. ඒ ඇරෙන්න තවම මේ වෙනකල් අධිකරණ නියෝගය සම්බන්ධයෙන් කඩදාසි කිසිවක් අපිට තවම ලැබිලා නෑ. ශ්‍රී නිදහස් පක්ෂ ඉතිහාසයේ මෙවැනි අභියෝග අලුත් දේවල් නෙවෙයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය, කුමාරතුංග මහත්මයා, අනුර බණ්ඩාරනායක මහත්මයලා ඔය ඔක්කොම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩිලා ගිහිල්ලා අලුත් පක්ෂ හදාගෙන 1977න් පස්සේ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි වුණාට පස්සේ ඒගොල්ලෝ වෙනම හැසිරිනු නිසා අපිට අවුරුදු 17ක් විපක්ෂයේ ඉන්න සිද්ධවුණා.
අපේ පක්ෂය තුළ හිටපු මන්ත්‍රීවරු 14 දෙනාගෙන් මන්ත්‍රීවරු 11 දෙනෙක් ගිහින් තිබෙනවා ආණ්ඩුවට. පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණයක් අරන් තිබුණා අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් හදනවා කියලා හිටපු වෙලාවේ. ඒවා නොසලකා ඇමති තනතුරුවලට තියෙන කෑදරකම නිසා මිසක් රටටවත් පක්ෂයටවත් ජනතාවටත් ආදරයකට නෙවෙයි ගියේ.
බුලත් කොළය සහ පුටුව අපේ සන්ධාන ලකුණු දෙකම තියෙන්නේ ආණ්ඩු පක්ෂයේ ඉන්න අයගෙන් ඉල්ලුවට දුන්නේ නෑ. මධ්‍යම කාරක සභාවේ අවස්ථා 3කදී ඒ පොරොන්දුවීම් කඩකළා. මොන අභියෝග ආවත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසිදු පිරිසක් ලෙස ඉදිරි දේශපාලන කටයුතු අපි සිදුකරනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
