News Category
From Date
To Date
Maximum Number of Result

සමගි සන්ධානයට අත්සන් තැබීම හෙට

Apr 4, 2024 at 12:24 PM
|

සමගි ජන බලවේග සන්ධානය කොළඹ ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී හෙට (අප්‍රේල් 5) පිහිටුවීමට සියලු කටයුතු සූදානම් බව සමගි ජන බලවේග පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු, මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

මේ අනුව නිදහස ජනතා සභාව නියෝජනය කරමින් ජී.එල්. පීරිස්, ඩිලාන් පෙරේරා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායම සමගි ජන බලවේග පක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේගය සමග නිල වශයෙන් සන්ධානගත වීමට අදාළ අස්සන් තැබීමක් හෙට සිදුවන බව ඔහු පවසයි.

මෙම සන්ධානගත වීම නිල වශයෙන් ආරම්භ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් පිරිස සති දෙකෙන් දෙකට පක්ෂයට එකතු කරගන්නා බවත් නව සන්ධානගත වීම් පිළිබඳ බිම් මට්ටමේ සිට ඉහළ තනතුරු දක්වා පක්ෂ සාමාජිකයන් ඉතාමත් උනන්දුවෙන් පසුවන බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

දැනට සමගි ජන බලවේගය සමඟ එකතු වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිස තම පක්ෂය සමග ඒ ආකාරයෙන්ම සිටින නමුත් සන්ධානගත වීමේදී මූලික වශයෙන් නිදහස ජනතා සභාව සහ සමගි ජන බලවේගය අතර එකඟතා සහිත අවබෝධවලට මෙහිදී අස්සන් කරන බව ද ඔහු සඳහන් කරයි.

සම්බන්ධිත පුවත් | Related News

නව පාප්වරයෙක් පත්කරගැනීමට වතිකානයේ රැස්ව සිටින ඡන්ද හිම කාදිනල්වරුන් මීට සුළු වේලාවකට පෙර සමත්ව තිබේ.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මහතාට මැයි මස 19වනදා පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.
ආසියාව තුළ යුද භීතියක් මතුකර ඇති ඉන්දු – පාකිස්තාන අර්බුධය තවදුරටත් උත්සන්න වෙමින් පවතින පසුබිමක, පකිස්තාන හමුදාව අද පැවසුවේ ඉන්දියාවට අයත් ප්‍රහාරක ඩ්‍රෝන යානා 25 ක් වෙඩිතබා බිමහෙළූ බවයි.
තීව්‍ර වෙමින් පවතින ඉන්දු – පාකිස්තාන අර්බුදය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යශය නිරන්තර අවධානයෙන් පසුවෙමින් රජය දැනුවත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.
ඉන්දියාවත් සමග රජය අත්සන් කළ ගිවිසුම් තුළ අඩංගු කරුණු ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පවා නොදන්නා බවත්, ගිවිසුම් වල ඇති කරුණු කියන්නට ඉන්දියාවෙන් අවසර ගතයුතු බව ඇතැම් ඇමැතිවරු පවසන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
වසර කිහිපයක් තිස්සේ කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි.
ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකාවේ සිට පකිස්තානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබේ.
ජාතික ජන බලවේග ආණ්ඩුව පළාත් පාලන මැතිවරණයේ දී ලද ඡන්ද ප්‍රමාණය අඩු වීමට වැඩ කරන දිනයක ඡන්දය පැවැත්වීම බලපෑ බව නි. අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

ප්‍රධාන පුවත්

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.