
රටේ ජාතික සම්පත් විකිණීමට රනිල්ට කිසිඳු ජනවරමක් නැහැ... එයට එරෙහිව සියල්ලන් පෙළගැසිය යුතුයි - වීරසුමන වීරසිංහ
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට 2001 සිට 2004 දක්වා කරගැනීමට නොහැකි වූ හා 2015 පැමිණ 2019 දක්වා කරගැනීමට නොහැකි වූ දේ පොහොට්ටුවේ ජනවරමින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු වශයෙන් පැමිණ දැන් සිදුකරමින් සිටින බවත්, රාජ්‍ය ආයතන හා ජාතික සම්පත් කුණුකොල්ලයට විකිණීම සඳහා ඔහුට කිසිඳු ජනවරමක් හිමිවී නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පවසයි.
එමෙන්ම ජනාධිපතිවරයාගේ මෙම ගමනට සහාය දෙමින් කටයුතු කරන පොහොට්ටුවේ නියෝජිතයන්ට ද ඒ සඳහා කිසිඳු සදාචාරාත්මක අයිතියක් නොමැති බවද පෙන්වා දෙන ඒ මහතා රනිල් වික්‍රමසිංහගේ ගමන් මගේ ඔවුන්ට යාමට අවශ්‍ය නම් තව මාස කිහිපයකින් එන ජනාධිපතිවරණයේ දී හෝ මහ මැතිවරණයේ දී තම ප්‍රතිපත්ති ප්‍රකාශනවල මෙම රාජ්‍ය සම්පත් විකිණීම් පිළිබඳව ප්‍රකාශයට පත්කොට ඒ සඳහා ජනවරමක් ලබාගෙන කටයුතු කරන්නැයි ඉල්ලීමක් ද කරයි.
නමුත් මෙම ජනවරම තුළ රට විකුණාගෙන කෑම සඳහා කිසිඳු ඉඩකඩක් නොමැති බව ද ඒ මහතා පෙන්වා දෙයි.
මෙම රාජ්‍ය ආයතන සහ රාජ්‍ය සම්පත් විකුණා දැමීම පිළිබඳව මුල සිටම වෘත්තීය සමිති දැනුවත් කළද මෙයට එරෙහිව සියල්ලන් ඒකරාශී වීම සිදුවූයේ අල්ප වශයෙන් බවත්, එයට එරෙහිව සියලුදෙනා ඒකරාශී වියයුතු කාලය පැමිණ ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.
වීරසුමන වීරසිංහ මහතා මේ බව පැවසුවේ ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය විසින් කොළඹ හයිඩ් පිටියේ ඊයේ(3) පැවැත් වූ රැස්වීමකට සහභාගී වෙමිනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
