
දිවුලපතාන ගම්මානයේ ජනතාවට නිදහසේ ජීවත් විය හැකි වාතාවරණයක් උදාකර දෙන්නැයි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්
දිවුලපතාන ගම්මානය ආශ්‍රිතව ඉදිකර තිබෙන ආරක්ෂිත මුරකපොලු ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
අම්පාර දිස්ත්‍රික්කයේ සිංහල ජනතාව බහුතරයක් වාසය කරන දිවුලපතන ගම්මානය ආශ්‍රිතව ඉදිකර තිබෙන ආරක්ෂිත මුරකපොලු ඉවත්කොට එම ජනතාවට නිදහසේ ජීවත් විය හැකි වතාවරණයක් උදාකර දීමට පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇත.
පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි සහ දිවුලපතන ගම්වාසින් පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
එහි වගඋත්තරකරුවන් ලෙස වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු, නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඇතුළු පිරිසක් නම් කර ඇත.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ නැගෙනහිර පළාතේ පිහිටි දිවුලපතන ගම්මානයේ ඈත අතීතයේ පටන් සිංහල ජනතාව වාසය කළ බවය.
1974 වසර වන විට අදාළ ගම්මානයේ සිංහල පවුල් 618ක් වාසය කළ බවත් පෙත්සමේ සඳහන් වෙයි.
එහෙත් අදාළ ගම්මානය වටා ඉදිකර තිබෙන ආරක්ෂක මුරපොළවල් ඇතුළු රජයේ නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් නිසා එම ගම්මානයේ වාසය කරන සිංහල ජනතාවට සිය කෘෂිකාර්මික කටයුතු නිදහසේ කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවත් පෙත්සමෙන් චෝදනා කරයි.
රාජ්‍ය නිලධාරීන් විසින් සිදුකරන විවිධ බාධා කිරීම් හේතුවෙන් එම ගම්මානයේ ජනතාවට සිය ජීවිකාව නිදහසේ කරගෙන යාමට නොහැකි වී ඇති බවත් විවිධ දේශපාලන යටි අරමුණු මුල්කරගෙන මෙවැනි බාධා කිරීම් සිදුකෙරෙමින් පවතින බවත් පෙත්සමේ සඳහන් වෙයි.
- අද දෙරණ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
