
තායිවානයට රිච්ටර් මාපක 7.2 ක භූමිකම්පාවක්
අද (03) උදෑසන තායිවානයේ නැගෙනහිර පළාතේ Hualien Country වෙරළට ඔබ්බෙන් සිදු වූ රිච්ටර් මාපක 7.2 ක භූමිකම්පාවකින් ගොඩනැගිලිවලට හානි සිදු වූ අතර සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් විය.
එරට වේලාවෙන් පෙරවරු 7.58 ට Hualien Country වෙරළට ඔබ්බෙන් සිදු වූ භූමිකම්පාව එහි අගනුවර වන තායිපේ ඇතුළු දිවයින පුරාවටම සංවේදනය වූ බව බලධාරීහු පවසති.
තායිවානයේ ගිනි නිවන දෙපාර්තමේන්තුව පැවසුවේ අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් 97 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.මේ අතර ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ ඇතැම් පුද්ගලයන් තවමත් නිවෙස් තුළ සිරවී සිටින බවයි.
තායිවානයේ මධ්‍යම කාලගුණ පරිපාලනයේ භූ කම්පන මධ්‍යස්ථානයේ ප්‍රධානී Wu Chien-fu ට අනුව 1999 වසරෙන් පසු තායිවානයට බලපෑ ප්‍රබලතම භූමිකම්පාව මෙම භුමි කම්පාව වේ.
උස් ගොඩනැගිලි කිහිපයක් අර්ධ වශයෙන් කඩා වැටී ඇති අතර අනෙකුත් ප්‍රදේශවල භූමිකම්පාව හේතුවෙන් නායයෑම් සිදුව තිබේ.
තායිවානයේ නගර කිහිපයක අධිවේගී දුම්රිය සේවා මෙන්ම Hualien ප්‍රදේශයේ රජයේ කාර්යාලවල කටයුතු පෞද්ගලික කර්මාන්තශාලාවල කටයුතු මෙන්ම පාසල් වල කටයුතුද අත්හිටුවා තිබේ.
ග්ලෝබල් ටයිම්ස් පුවත්පතට අනුව ෂැංහයි ඇතුළු චීනයේ ප්‍රධාන භූමියේ නගර කිහිපයකට ද භූමිකම්පනය දැනී තිබේ.
මේ අතර දකුණු ජපානයට සහ පිලිපීනයේ උතුරු ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ජපානයේ ඔකිනාවා හි නාහා ගුවන් තොටුපළ සියලුම ගුවන් ගමන් අත්හිටුවා ඇති බව නිවේදනය කර තිබේ.
https://twitter.com/i/status/1775323105440698837
ජපානයේ කියෝඩෝ ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ සුළු සුනාමි තත්වයක් යොනාගුනි, ඉෂිගාකි සහ මියාකෝ යන ජපානයේ දකුණු දූපත් වෙත ළඟා වී ඇති බවයි.ජපාන කාලගුණ විද්‍යා සේවය මුලින් මීටර් 3 ක් දක්වා වන සුනාමියක් පුරෝකථනය කළ නමුත් පසුව එය මීටර 1 දක්වා අඩු වන බව නිවේදනය කළේය.
https://twitter.com/i/status/1775343685091176466
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
