ජාති ආගම් බේදයෙන් තොරව ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනීසිටිය යුතුයි - පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමි
පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියන් විසින් පසුගියදා සිරගත කළ ඥානසාර හිමියන් සිරගත වීම සම්බන්ධව මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබිණි.
එහිදී උන්වහන්සේ සඳහන් කළේ කූරගල සිද්ධස්ථානයේ අන්තවාදීන්ගෙන් මුදවා ගැනීම හා පාස්කු ප්‍රහාරයට කලින් ඉස්ලාම් අන්තවාදී යථා ස්වභාවය පෙන්වා දුන් සිංහල බෞද්ධ මතවාදය වෙනුවෙන් පෙනී සිටි ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිංහල බෞද්ධ ප්‍රජාව පෙනී සිටිය යුතු බවත් ඕනෑම පුද්ගලයෙකු අතින් වැරදි සිදුවන බවත් එම වරද වරද වශයෙන් පිළිගන්නේ නම් ඒ වෙනුවෙන් සමාව දිය යුතු බවත්ය.
අධිකරණ තීන්දුවේ ප්‍රකාශයක් උපුටා දැක්වූ උන්වහන්සේ ඥානසාර හිමියන් කළ ප්‍රකාශය සම්බන්ධව කනගාටුව හා සමාව භජනය කර තිබිය දී
මුස්ලිම් මවුලවිවරුන්ගේ මතයත් අසාද් සාලිගේ අන්තවාදී මතයදැයි ප්‍රශ්න කළහ.
නතාෂා ඉදිරිසූරිය ජෙරම් ප්‍රනාන්දු සේපාල අමරසිංහ බුදුදහමට අපහාස කළ විට බෞද්ධ ප්‍රජාව හා මහනායක හිමිවරුන් ඔවුන්ට සමාව දී නිවැරිදි වීමට අවස්ථාව දුන් බවත් උදාහරණයක් ලෙස පෙන්වා දුන්හ.
සහජීවනයේ දෑත් දිගු කරන වාරි කර්මාන්තය සංචාරක ආකර්ෂණය පිණිස සංස්කෘතිය බිහිකළ සිංහල බෞද්ධයාට මෙලෙස සැලකීම යුක්ති සහගත නොවන බවත්
රටේ අගනගරය ආර්ථිකය නීති ක්ෂේත්‍රය පවා අන්‍යාගමික හා අන්‍ය සංක්‍රමණික පිරිස් අත්පත්කරගනිද්දී නිහඩව සිටින සිංහල බෞද්ධයන්ගේ මතවාදය මෙලෙස ලිහා දැමීමට උන්වහන්සේ ඉඩ නොදෙන බවද ප්‍රකාශ කළහ.
ජාති ආගම් බේදයෙන් තොරව උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් වැඩිදුරටත් කස්සප හිමියෝ ප්‍රකාශ කළහ.
එහිදී අදහස් දැක්වූ අනුරුද්ධ හිමියෝ මහින්දාගමනයෙන් පසු නායකත්වය සදාචාරයේ සභ්‍යත්වය ආරක්ෂා කළේ භික්ෂුව බවත් යුද සමයේදී හා ඉන්පසු කාලවලදී මහානායක හිමිවරුන්ටත් වඩා බොහෝ භික්ෂූන් වහන්සේලා ඥානසාර හිමියන් වටා ඒකරාශී වූ බවත් උන්වහන්සේ සිරගත වූයේ මංකොල්ලකෑම් ස්ත්‍රී දූෂණ ආදී සිදු නොකර බවත් අපේ උරුමය ගැන කතාකල නිසා බවත් ප්‍රකාශ කළහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්