
ජාති ආගම් බේදයෙන් තොරව ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනීසිටිය යුතුයි - පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමි
පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියන් විසින් පසුගියදා සිරගත කළ ඥානසාර හිමියන් සිරගත වීම සම්බන්ධව මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබිණි.
එහිදී උන්වහන්සේ සඳහන් කළේ කූරගල සිද්ධස්ථානයේ අන්තවාදීන්ගෙන් මුදවා ගැනීම හා පාස්කු ප්‍රහාරයට කලින් ඉස්ලාම් අන්තවාදී යථා ස්වභාවය පෙන්වා දුන් සිංහල බෞද්ධ මතවාදය වෙනුවෙන් පෙනී සිටි ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිංහල බෞද්ධ ප්‍රජාව පෙනී සිටිය යුතු බවත් ඕනෑම පුද්ගලයෙකු අතින් වැරදි සිදුවන බවත් එම වරද වරද වශයෙන් පිළිගන්නේ නම් ඒ වෙනුවෙන් සමාව දිය යුතු බවත්ය.
අධිකරණ තීන්දුවේ ප්‍රකාශයක් උපුටා දැක්වූ උන්වහන්සේ ඥානසාර හිමියන් කළ ප්‍රකාශය සම්බන්ධව කනගාටුව හා සමාව භජනය කර තිබිය දී
මුස්ලිම් මවුලවිවරුන්ගේ මතයත් අසාද් සාලිගේ අන්තවාදී මතයදැයි ප්‍රශ්න කළහ.
නතාෂා ඉදිරිසූරිය ජෙරම් ප්‍රනාන්දු සේපාල අමරසිංහ බුදුදහමට අපහාස කළ විට බෞද්ධ ප්‍රජාව හා මහනායක හිමිවරුන් ඔවුන්ට සමාව දී නිවැරිදි වීමට අවස්ථාව දුන් බවත් උදාහරණයක් ලෙස පෙන්වා දුන්හ.
සහජීවනයේ දෑත් දිගු කරන වාරි කර්මාන්තය සංචාරක ආකර්ෂණය පිණිස සංස්කෘතිය බිහිකළ සිංහල බෞද්ධයාට මෙලෙස සැලකීම යුක්ති සහගත නොවන බවත්
රටේ අගනගරය ආර්ථිකය නීති ක්ෂේත්‍රය පවා අන්‍යාගමික හා අන්‍ය සංක්‍රමණික පිරිස් අත්පත්කරගනිද්දී නිහඩව සිටින සිංහල බෞද්ධයන්ගේ මතවාදය මෙලෙස ලිහා දැමීමට උන්වහන්සේ ඉඩ නොදෙන බවද ප්‍රකාශ කළහ.
ජාති ආගම් බේදයෙන් තොරව උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් වැඩිදුරටත් කස්සප හිමියෝ ප්‍රකාශ කළහ.
එහිදී අදහස් දැක්වූ අනුරුද්ධ හිමියෝ මහින්දාගමනයෙන් පසු නායකත්වය සදාචාරයේ සභ්‍යත්වය ආරක්ෂා කළේ භික්ෂුව බවත් යුද සමයේදී හා ඉන්පසු කාලවලදී මහානායක හිමිවරුන්ටත් වඩා බොහෝ භික්ෂූන් වහන්සේලා ඥානසාර හිමියන් වටා ඒකරාශී වූ බවත් උන්වහන්සේ සිරගත වූයේ මංකොල්ලකෑම් ස්ත්‍රී දූෂණ ආදී සිදු නොකර බවත් අපේ උරුමය ගැන කතාකල නිසා බවත් ප්‍රකාශ කළහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
