
අල, ළූණු, කිරිපිටි වලින් සිදු කළ මහා මංකොල්ලයක් එළියට
ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදයම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් රජයට රු.බි. 1066 ක් (රු. කෝටි ලක්ෂයක්) එකතු කළ යුතු හිඟ බදු පවතින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති, පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
ඒ ක්‍රම සහ විධි කාරක සභාවේ දෙවැනි වාර්තාව අද (01) පාර්ලිමේන්තුවේදී සභාගත කරමිනි.
මේ වසරේ ජනවාරී පළමු වැනිදා වැට් බදු වැඩි කිරීම සිදු කළේ රු.බි. 600 ක් රජයට එකතු කර ගැනීමේ අරමුණෙන් බවත්, පසුගිය අවුරුදු පහ තුළ ඉහත ආයතන විසින් එකතු කර නොගත් බදු ආදායම් ප්‍රමාණය රු. බි. 656 ක් බව ද ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපතිවරයා පාර්ලිමේන්තුව අමතමින් පැවසුවේය.
කෝටි 100 ට වැඩි බදු පැහැර හැර ඇති ප්‍රමාණය 92ක් බවත්, කෝටි 50-100 අතර 104 දෙනෙකු සිටින බවත්, මිලියන 300-400 අතර 57 දෙනෙකු සිටින බවත්, මිලියන 50-100 අතර 630 දෙනෙකු සිටින බවත් මිලියන 10 – 50 අතර 3108 දෙනෙකු සිටින බව ද සඳහන් කළ පාඨලී චම්පික රණවක මහතා රුපියල් කෝටියකට වඩා බදු පොලු තැබූ 4479 දෙනෙකුගෙන් අදාළ බදු ආදායම් අය කර නොගෙන රටේ සමස්ත ජනගහනයෙන් කිරිපිටි, සීනි, වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඉන්ධන ඇතුළු සියලු දේ සඳහා වැට් බදු අය කිරීම යුක්ති සහගත නොවන බව ද ඒ මහතා පාර්ලිමේන්තුව අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එහිදී ආනයන අපනයන ගැන ද කතා කළ පාඨලී චම්පික රණවක මහතා 2023 දී රු. 92ට ගෙන්නවන ලද බී ළූනු කිලෝවක් ඔරුගොඩවත්තේදී රු. 365 කට අලෙවි කොට ඇති බවත් ඒවා පාරිභෝගිකයා අතට පත්වනවිට කිලෝවක මිල රු. 700කට ආසන්න වන බව ද පාර්ලිමේන්තුවට පෙන්වා දුන්නේය.
අර්තාපල් කිලෝවක් රු. 110 කට ගෙන්වා ඇතත් ඒවා අලෙවි කොට ඇත්තේ රු. 840 කට බව ද පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඒ භාණ්ඩ ආනයනය කළ ව්‍යාපාරිකයන් කිහිප දෙනා දළ වශයෙන් ලබා ඇති ආදායම කෝටි 8000ක් බවද ඒ අයථා ලාභ ලැබූ අයට බදු අය නොකොට ඇති බව ද ප්‍රකාශ කළ අතර, එවැනි ආනයනය කරන ලද භාණ්ඩ ලැයිස්තුවක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සභාගත කළේය.
ජාවාරම්කාර මත්පැන් ව්‍යාපාරිකයන් ගැන ක්‍රම සහ විධි කාරක සභාවෙන් හෙළිදරව් කළ පසු 2023 සැප්තැම්බර් මාසයේදී පමණක් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම කෝටි 100 කින් වැඩි වූ බව ද පෙන්වා දුන් ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපතිවරයා දොම්පේ ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය හොර ස්කාගාරයක් වටලා එහි සේවය කළ සේවකයින් 18 දෙනෙකු බන්ධනාගාර ගත කොට තිබුණද ඒ ආයතනයේ හිමිකරුවන්ට එරෙහිව මේ වනතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ද සඳහන් කළේය.
බංග්ලාදේශය වැනි රටවල් පවා මේවනවිට ඩිජිටල් බැංකු දහයක් පමණ පවත්වාගෙන යන බවත් සියලු ගනුදෙණු බැංකුකරණය වීම තුළින් බදු ආදායම් එකතු කරගත හැකි ආකාරය පැහැදිලිව ලබාගත හැකි බවත් ශ්‍රී ලංකාව තුළද ඉලෙක්ට්‍රොනික් වේදිකාවක් සැකසීමට යෝජනා කරන බව ද එමගින් දැනට බදු පැහැර හැරීම් කරන ලක්ෂ දහයකගෙන් බදු අයකර ගැනීමට රජයට හැකි වන බවද එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුව අමතමින් වැඩි දුරටත් සඳහන් කළේය.
අස්වැසුම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී මහත්ම මහත්මීන්ගේ ශක්තිය භාවිත කිරීම සුදුසු බව ද පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
එමගින් අස්වැසුම වැඩසටහනෙන් ලබාදෙන මුදල් වැඩදායක දෙයකට වැය කරනවාද නොඑසේනම් අයහපත් දෙයකට යෙදවීම වළක්වා ගැනීමට හැකිවන බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
ඉන්දියාවේ නිවසේ ගෘහ මූලිකත්වය දරන මව වෙනුවෙන් ආධාර කාඩ් පතක් ලබා දෙන බවත්, එමගින් බැංකුව හරහා වියදම් සිදු කිරීම නිසා ඒවා වියපැහැදම් කළේ කුමකටද යන්න සොයා බැලිය හැකි බව ද පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
