News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපතිවරණය ආසන්නයේ ජාතිවාදී, ආගම්වාදී ගැටුම් ඇතිවිය හැකියි - පාඨලී අනතුරු අඟවයි

Mar 30, 2024 at 05:33 PM
|

ජනාධිපතිවරණය ආසන්නයේ නැවත ආගම් හා ජාති භේද ඇතිවිය හැකි බවට එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අනතුරු අඟවයි.

වසර 2015 න් පසු විවිධ පාර්ශව බලය ලබාගැනීම සඳහා සමාජය භේද කිරීමට පියවර ගෙන තිබේ. ඒ අතර මුස්ලිම් සිංහල ජාති අතර අවිශ්වාසය වර්ධනය ද තිබිණ. බෞද්ධ ඉස්ලාම් මත ගැටුමක් ද ඇති කිරීමට පියවර ගැනිණ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්වීමෙන් පසු මෙම ගැටලුකාරී බලවේග ආරම්භ විය.

ඉදිරි ජනාධිපතිවරණය ආසන්නයේ දී නැවතත් එවැනි විනාශකාරී බලවේග ක්‍රියාත්මක විය හැකි බව රණවක මහතා පෙන්වා දෙයි. එවැනි ජාති ආගම් භේද මතුකිරීම පාලනයේ වගකීම වර්තමාන ජනපතිට සහ ආරක්ෂක අංශවලට ඇති බව හෙතෙම අවධාරණය කරයි.

පාස්කු ප්‍රහාරය ද එවැනි බලවේගයක ක්‍රියාවක් විය හැකිය. ඒ සම්බන්ධ තොරතුරු විමර්ශනය සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයට කැඳවා තිබේ. ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද ප්‍රකාශයක් ලබාදුන්නේය. ඒ අනුව පාස්කූ ප්‍රහාරය සම්බන්ධ නිවැරදි තත්වය සෙවීම ද රජයේ වගකීමක් බව රණවක මහතා මාර්තු 29 වෙනිදා පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනරජ පෙරමුණ සමුළුවේ දී සඳහන් කළේය.

වත්මන් අර්බුදයෙහි කොටස් දෙකකි. පවුලේ ගැටලුව ඉන් එකකි. රණවක මහතා පෙන්වා දෙන්නේ, රටේ පවුල්වලින් සියයට 90 කට ආර්ථික අර්බුදය ඉතා අහිතකර ලෙස බලපා තිබෙන බවයි. ආදායම අඩු වී ඇති අතර වියදම තුන් ගුණයකින් වැඩි වී ඇත. රැකියා අහිමි වීම් රැසක් සිදූව ඇති බව ද පාඨලී චම්පික රණවක මහතා කියයි. ව්‍යාපාර බිඳවැටී තිබේ. ආදායම් වියදම් අසමතුලිත වී ඇත.

දෙවැන්න රටේ ප්‍රශ්නයයි. රටේ ද ආදායම් වියදම් අසමතුලිත වී ඇත. මෙම තත්වයෙන් රට මුදා ගැනීම සඳහා විධිමත් වැඩපිලිවෙලක් අවශ්‍ය බව රණවක මහතා පවසයි. දේශය වෙනුවෙන් එක්වන පියවරක් යටතේ එවැනි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි. රටේ ආදායම වැඩි කළ යුතුය. ඒ සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතු බවද ඔහු පෙන්වා දෙයි. ඒ සඳහා තරුණ ප්‍රජාව බල ගැන්විය යුතුය. ඔවුන්ගේ ඩොලර් උත්පාදන ශක්‍යතාව වැඩි කිරීම අතිශය වැදගත් වෙයි. මීට පෙර තාක්ෂණ නගර මගින් එවැනි වැඩපිළිවෙළක් සැලසුම් කළ ද, විරුවෙක් යැයි කියූ පුද්ගලයෙකු බලයට පත්කිරීමෙන් එම වැඩපිළිවෙළට බාධා මතු වූ බව රණවක මහතා සිහිපත් කරයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;,

“ඉන්දියාවේ විදේශ ඇමතිතුමා එතුමාගේ කලින් විදේශ ලේකම් ජයශංඛර් මැතිතුමා. මෝදි අගමැතිතුමා 2014 මහා මැතිවරණය ජයග්‍රහණය කරලා ඉන්දියාවේ අගමැති වුණා. ඉන්දියාවේ අගමැති වුනහම එතුමාට ඇමරිකා එක්සත් ජනපදයට යන්න ඊට කලින් වීසා එක දුන්නේ නෑ. යුධ අපරාධකාරයෙක්, පැසිස්ට්වාදියෙක් කියලා. එතුමා ගියා ඇමරිකා එක්සත් ජනපදයට. ගිහිල්ලා එකේ ඉන්දියානුවන්ට කියලා මහා ජන හමුවක්; ඒ ජන හමුව පවත්වන්න කලින් මෝදි අගමැතිතුමා ජය්ශංඛර් මහත්තයාට උපදේශයක් තිබුණා. මොකක්ද?

අපේ මේ ඉන්දියානුවන් කෝටි තුනක් අද ලෝකය පුරා ඉන්නවා. ඇමරිකා එක්සත් ජනපදයෙ ඉන්නවා. මේ අය හැමෝගෙන්ම අපේ රට ඇතුලේ ආයෝජන බීජ වපුරන්න ඕනේ. රැකියා බීජ වපුරන්න ඕනේ. ඒ නිසා මට අවශ්‍යයි සෑම කෙනෙක්ගේම තොරතුරු. ඒ අය සෑම කෙනෙකුටම මේ ජයග්‍රහණ ලබාදීම සඳහා වැඩපිළිවෙළක් ඔබේ විදේශ අමාත්‍යාංශය විසින් සකස් කළ යුතුයි කියලා. ඒ අනුව අද මොකද වෙන්නේ? කේරළයේ ඉන්න තාක්ෂණ සේවා සපයන ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යාපාරිකයා කේරළයේ රැකියා හත් අටදාහක් ඇති කරනවා. තමිල්නාඩුවේ, ගූගල් එකේ ප්‍රධානියාත් තමිල්නාඩුවේ ඉංජිනේරුවෙක්. එයා 7000 ක් තමිල්නාඩුවෙන් හදනවා නව තාක්ෂණ සේවාවන්. මේ අයි ෆෝන් එක දැන් තමිල්නාඩුවේ හදනවා. තමිල්නාඩුව මතකද මෝඩි මහත්තයට විරුද්ධයි. තමිල්නාඩුවේ මහ ඇමති, මෝඩි මහත්තයත් එක්ක නැහැ. හැබැයි තාක්ෂණයෙන් ඒ තමිල්නාඩුව, කේරලය, කර්ණාටකය, අන්ද්‍ර ප්‍රදේශය නගිනවා.

ලංකාවටත් නගින්න පුළුවන්. මොකද ලංකාව ඊට වඩා උගත් මිනිස්සු ඉන්න තැනක්. අපේ මේ හතළිස් දෙලක්ෂයක් පිටරට ඉන්න මිනිස්සුන්ගෙන් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇමරිකා එක්සත් ජනපදයේ, කැනඩාවේ, යුරෝපයේ, ජපානේ, කොරියාවේ ජීවත් වෙන ලාංකිකයන්ටයි අපි හොයලා කියනවද? අර සමහරු කියනවා වගේ වැඩියෙන් ඩොලර් පන්සීයක් එවන්නේ නැහැ. අපි මන්ත්‍රීලගෙ විශ්‍රාම වැටුප නවත්තනවා. ඕගොල්ලෝ අපිට පන්සීයක් එවන්න.. ඒක නෙමෙයි අවශ්‍යතාව. අපේ රට තුළ තාක්ෂණ සේවා සපයන රැකියා දහයක් ඇති කරන්න පුළුවන්ද? සීයක් ඇති කරන්න පුළුවන්ද? දාහක් ඇති කරන්න පුළුවන්ද?

ඒ වගේම අපේ රට ඇතුලේ අලුත් තාක්ෂණ ක්‍රියාවලීන් ගොඩනගන්න ඒ අයගේ සම්පත් දායකත්වය කොහොමද ලබාගන්නේ කියන එකට අපිට වැඩපිළිවෙලක්. එදා 2014 ආරම්භ කරපු ඉන්දියාවේ ගමන කෙළවර වෙලා තියෙන්නේ අද කොහොමද? ට්‍රිලියන හතරක දැවැන්ත ආර්ථිකයක් ඉන්දියාවේ නිර්මාණය වෙනවා. කාවවත් ගණන් ගන්නේ නැති හැමෝම පිළිගන්න තාක්ෂණ බලයක් බවට පත්වෙනවා. මතක තියාගන්න යෝධ ඉන්දියාවට කෝටි තුනයි පිටරට ඉන්නේ. අපිට හතළිස් ලක්ෂයක් ඉන්නවා පිටරට. ඒ හතළිස් ලක්ෂය අපි පාවිච්චි කරනවා නං, රට මෙතනින් ඩොලර් උත්පාදනය කරන මැෂිමක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඒ වැඩපිළිවෙල අපි මෙතන යෝජනා කරනවා.”

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන තුනෙන් එකකට අඩු කළ හැකි බව ද රණවක මහතා පෙන්වා දෙයි.

වියදම අඩු කිරීමට ඉන් හැකියාව ලැබේ. රථවාහන භාවිතයද අඩු වන අතර, වියදම් අවම කිරීමට එය පිටිවහලකි. රාජ්‍ය සේවයේ කාර්යසාධනය වර්ධනය කළ යුතුය. කාර්යසාධනය මත පදනම් වූ වැටුප් ව්‍යුහයක් සැකසිය යුතු බව ද ඔහු යෝජනා කරයි.

මේ අතර ඔහු කියා සිටින්නේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 ත්, ඔක්තෝබර් 17 ත් අතර අනිවාර්යයෙන් පැවැත්වෙන බවයි. එහිදී ජනතාව රට සංවර්ධන කළ හැකි විශ්වසනීය පුද්ගලයෙකු බලයට පත් කළ යුතු බවද හෙතෙම අවධාරණය කරයි.

මීට පෙර අවස්ථාවක රණවක මහතා කියාසිටියේ පුළුල් දේශපාලන සන්ධානයක් යෝජනා කළහොත් තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

1945දී හිට්ලර්ගේ ආක්‍රමණික නාසි හමුදාව පරාජය කොට සෝවියට් හමුදා ලැබූ දැවැත්න ජයග්‍රහණයේ 80 වෙනි සැමරුම හෙට එනම් මැයි 9 දිනට යෙදී තිබෙනවා.
පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළව මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා ලබන 28වන දිනට පෙර ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දෙයි.
ඉන්දියාව සහ පකිස්ථානය අතර උත්සන්න වන යුද උණුසුම මධ්‍යයේ පාකිස්තානය ඉන්දියාවේ ජම්මු වෙත ඩ්‍රෝන යානා යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වේ.
ඉන්දියාව සමග අත්සන් කළේ ආරක්ෂක ගිවිසුමක් නොව ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් බව අමාත්‍ය විජිත හේරත් පවසයි.
නව පාප්වරයෙක් පත්කරගැනීමට වතිකානයේ රැස්ව සිටින ඡන්ද හිම කාදිනල්වරුන් මීට සුළු වේලාවකට පෙර සමත්ව තිබේ.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මහතාට මැයි මස 19වනදා පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.
ආසියාව තුළ යුද භීතියක් මතුකර ඇති ඉන්දු – පාකිස්තාන අර්බුධය තවදුරටත් උත්සන්න වෙමින් පවතින පසුබිමක, පකිස්තාන හමුදාව අද පැවසුවේ ඉන්දියාවට අයත් ප්‍රහාරක ඩ්‍රෝන යානා 25 ක් වෙඩිතබා බිමහෙළූ බවයි.
තීව්‍ර වෙමින් පවතින ඉන්දු – පාකිස්තාන අර්බුදය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යශය නිරන්තර අවධානයෙන් පසුවෙමින් රජය දැනුවත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.
ඉන්දියාවත් සමග රජය අත්සන් කළ ගිවිසුම් තුළ අඩංගු කරුණු ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පවා නොදන්නා බවත්, ගිවිසුම් වල ඇති කරුණු කියන්නට ඉන්දියාවෙන් අවසර ගතයුතු බව ඇතැම් ඇමැතිවරු පවසන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ප්‍රධාන පුවත්

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.