
මුතුරාජවෙල ගොඩකිරීමට කිසිඳු කොන්දේසියක් යටතේවත් අනුමැතිය දෙන්න බැහැ - ඇමැති නලින් ප්‍රනාන්දු
මුතුරාජවෙල සංවේදී පරිසර කලාපයේ ගොඩකිරීම් සඳහා කිසිදු කොන්දේසියක් යටතේවත් අනුමැතිය ලබා දිය නොහැකියැයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළකර සිටියේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදහස් දක්වමිනි.
ප්‍රාදේශීය සංවර්ධන කමිටුව, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව, පාර්ලිමේන්තු අනු කමිටුව මගින් මුතුරාජවෙල සංවේදී පරිසර කලාපයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දීම අත්හිටුවා තිබෙන මොහොතක ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ජා- ඇල ප්‍රදේශයේ ඉඩම් ගොඩකිරීමට අනුමැතිය ලබා දුන්නේ කුමන පදනමකින්දැයි වෙළෙද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ප්‍රශ්න කළේය.
"වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව, මධ්‍යම පරිසරය අධිකාරිය ගැසට් පත්‍රයක් මගින් මුතුරාජවෙල රක්ෂිතය සංරක්ෂණය කිරීමට පියවර ගෙන තිබියදී කිසිදු කොන්දේසියක් යටතේ එම කලාපයේ සංවර්ධන කටයුතු සිදු කිරීමට කිසිසේත් ඉඩ ලබා දිය නොහැකියි. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතියක් නොමැතිව විශේෂ ව්‍යාපෘති සදහා අනුමැතිය ලබා නොදෙන්නැයි ජනාධිපති ලේකම්තුමා චක්‍රලේඛනයක් මගින් උපදෙස් ලබා දී තිබෙන බැවින් මුතුරාජවෙල සංවේදී පරිසර කලාපයේ ගොඩකිරීම් කඩිනමින් අත්හිටුවන්න. කිසිදු කොන්දේසියක් හෝ වෙනත් කිසිදු මාර්ගයක් මගින් මුතුරාජවෙල ගොඩකිරීම සඳහා අනුමැතිය ලබා දිය නොහැකියි. මුතුරාජවෙල පරිසර සංවේදී කලාපයට හානි කරන යම් කාර්යයක් සිදුවේනම් ඒ සදහා ජනතා විරෝධය එල්ලවෙන බවත් ඒ සදහා නායකත්වය ලබා දීමට සිදුවෙන බව” නලින් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
