
පාසල් සීයක් වසා දමන්න යයි..
සිසුන් සංඛ්‍යාව විශාල වශයෙන් අඩු වී ඇති කුඩා පාසල් සියයක් පමණ වසා දැමීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.
හුදකලා තත්ත්වයේ පවතින මෙම පාසල් වසා දමා ඒවායේ සිසුන් පහසුකම් සහිත පාසල්වලට අනුයුක්ත කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
සිසුන් අඩු පාසල් සෙසු පාසල්වලට අනුයුක්ත කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අධ්‍යාපන කලාප කිහිපයක් උපයෝගී කර ගනිමින් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙන අතර කොළඹ දිස්ත්‍රික්කයේ පැවැති කුඩා පාසල් කිහිපයක් වසා දමා ඒවායේ සිසුන් දැනට වෙනත් පාසල්වලට අනුයුක්ත කර තිබේ.
මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන්නේ කිලෝ මීටර් තුනක් ඇතුළත එක් පාසලක් යන සංකල්පය ද පෙරදැරිව ය.
මෙවැනි පාසල් විශාල ප්‍රමාණයක් උතුරු නැගෙනහිර පවතින අතර කුඩා පාසල් වසා දමා ඒවායේ සිසුන් පහසුකම් සහිත පාසල්වලට අනුයුක්ත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය දා නැගෙනහිර පළාතේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක දී ද සඳහන් කළේය. පෙර වසරට සාපේක්ෂව පසුගිය වසරේ පාසල් සංඛ්‍යාව තිහකින් අඩු වී තිබෙන අතර පළමු ශ්‍රේණියට ඇතුළත් වීම් ද පන්දහසකට වැඩි සංඛ්‍යාවකින් අඩු වී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
