News Category
From Date
To Date
Maximum Number of Result

දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන්න - අගමැති දිනේෂ් ආසියානු රටවලින් ඉල්ලයි

Mar 29, 2024 at 09:05 AM
|

ආදායම සාධාරණ ලෙස බෙදීයන දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ආසියානු රටවලින් ඉල්ලා සිටියේ ය.

ආසියාව සඳහා වූ බොආඕ (BOAO) සංසදයේ, 2024 වාර්ෂික සම්මන්ත්‍රණය, චීනයේ හයිනාන් නුවර දී ඇමතූ අග්‍රාමාත්‍යවරයා “ චීන ජනාධිපති ෂි ජින්පින් (Xi Jinping) ගේ දක්ෂ නායකත්වය යටතේ මිලියන සංඛ්‍යාත ජනතාවක් දරිද්‍රතාවෙන් උසස් ජීවන තත්ත්වයකට ඔසවා තැබීමේ චීන ආශ්චර්යවත් සාර්ථකත්වයේ කතාව” පැසසුමට ලක් කළේය. දිළිඳුකමේ ගැටලුවට මුහුණ දෙන අනෙකුත් රටවල් සඳහා එම සංකල්පය තව දුරටත් මාර්ගයක් වන බව ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

කෘෂිකාර්මික වර්ධනය සහ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා නව මුල්පිරීම් අවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එමඟින් දිළිඳුකම තුරන් කිරීම පමණක් නො ව සමාජ සහජීවනය සහ සාමය ද සහතික කරන බැවිනි. පුනර්ජනනීය බලශක්ති සම්පත් ප්‍රයෝජනයට ගැනීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ ය.

කොළඹ වරාය, හම්බන්තොට වරාය මෙන් ම කොළඹ වරාය නගරය පුළුල් කිරීම පිළිබඳ ව පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරයා, එය ශ්‍රී ලංකාවේ පමණක් නොව කලාපයේ රටවල ද වේගවත් ප්‍රගතියක් සහතික කරන ප්‍රධාන මූල්‍ය කේන්ද්‍රස්ථානයක් විය හැකි බව පෙන්වා දුන්නේය.

සමුළුව ඇමතූ අග්‍රාමාත්‍යවරයා –

"ශ්‍රී ලංකාව වෙනුවෙන්, අනාගතය දෙස අපේක්ෂා සහිතව බලා සිටින ජාත්‍යන්තර ඉසව්වක්, දේශගුණික විපර්යාසයේ යථාර්ථය පිළිගන්නා ජාත්‍යන්තර ඉසව්වක් අද නියෝජනය කරනවා. පුනර්ජනනීය බලශක්ති අවශ්‍යතාවලට සහ ආසියානු දේශසීමා තුළ එකට වැඩ කිරීම සඳහා සහභාගී වීමට මෙන්ම ලොව පුරා සිටින සියලුම ජාතීන් සමඟ එක්ව කටයුතු කිරීමට අපි මෙය විශේෂ අවස්ථාවක් කර ගනිමු.

ප්‍රථමයෙන් චීනයේ ආර්ථික වර්ධනය වෙනුවෙන් කැපවී ක්‍රියා කළ නායකත්වයට, ශක්තිමත් ආර්ථිකයක් තුළ දැවැන්ත ශක්තියක් ලබාදුන් ජනාධිපති ෂී ජින්පින් මහතාට ස්තුතිය පුද කිරීමට කැමතියි. චීනයේ ආර්ථික වර්ධනය යනු ලෝකයේ ආර්ථික වර්ධනයයි. නව ආකාරයක සම්භාවනීය කථිකයන් විසින් සඳහන් කරන ලද පරිදි, ලෝකයේ ආර්ථික වර්ධනය අප දකින පරිදි ආමන්ත්‍රණය කිරීමට සිදුවනු ඇත. නව ආකාරය පැමිණෙන්නේ අපට අත් කරගත හැකි දේ සහ අප විසින් අත්පත් කරගෙන ඇති දේ පිළිබඳ යථාර්ථයන් මතය.පුනර්ජනනීය බලශක්තිය, දේශගුණික විපර්යාස සහ ආසියානු රටවලට වැදගත් ක්ෂේත්‍ර වන සාගර සම්පත් මූලික කරගත් නිල් ආර්ථිකයේ අනෙකුත් වෙනස්කම් සපුරාලිය යුතුය. මේවා සාක්ෂාත් කර ගැනීමටත් සාර්ථක වීමටත් අපි එකට වැඩ කළ යුතුයි.

ආසියාව පුරා සිටින අපගේ සහෝදර නායකයින් විසින් ආරම්භ කරන ලද සහ සහයෝගය දක්වන මෙම වැඩසටහන් සඳහා ශ්‍රී ලංකාවේ සිට අපි සහභාගී වෙමින් සිටිනවා. වඩා හොඳ ජීවන මට්ටමක් කරා ළඟා වීම සඳහා අප සැමට එකට ගෙන යා හැකි සහ ක්‍රියාවට නැංවිය හැකි සාර්ථක කතාවක එක් උදාහරණයක් ගැනීමට මම කැමතියි. මිලියන සංඛ්‍යාත චීන ජනතාවක් දරිද්‍රතාවයෙන් වඩා හොඳ සහ උසස් ජීවන තත්ත්වයකට ගෙන ඒමේ අත්හදා බැලීම සාර්ථක කතාවක් ලෙස හැඳින්වුවද, අපි සියල්ලෝම දරිද්‍රතාවයේ ගැටලුවලට මුහුණ දෙනවා.

ආහාර සුරක්ෂිතතාව සාක්ෂාත් කර ගැනීම සඳහා අපගේ කෘෂිකාර්මික නිෂ්පාදන වැඩිදියුණු කිරීමේ ගැටලුවලට අප සැම මුහුණ දී තිබෙනවා. අද චීනයේ නිෂ්පාදනය කරන බීජ සහල් මඟින් නිෂ්පාදනය වැඩි කිරීමටත්, ගොවීන්ට ඉහළ ආදායමක් ලබා දීමටත්, අපගේ ආහාර සුරක්ෂිතතා ගැටලු සඳහා ශක්තිමත් අනාගතයක් සහතික කිරීමටත් හැකිවී තිබෙනවා.

වසර ගණනාවක් පුරා, දශක ගණනාවක් පුරා, සියවස් ගණනාවක් පුරා, ආහාර සුරක්ෂිතතාව, යහපත් පරිසරයේ සුරක්ෂිතභාවය සහ එය සාක්ෂාත් කර ගැනීම සඳහා වූ අභිලාෂයන් වැනි අභියෝගවලට ජනගහනය මුහුණ දී ඇති නිසයි මම මේ ප්‍රශ්න දෙක මතු කරන්නේ.

අද බොආඕ සමුළුව නියෝජනය කරන්නේ පුනර්ජනනීය බලශක්තියට ඇදී ආ නව ආයෝජනවලින් 50%ක් පමණ නිෂ්පාදනය කරන රටවල් බව අපි කවුරුත් දන්නවා. එය අනාගතය සඳහා වූ පොරොන්දුවකි. එය විශ්වාසදායක පදනමක් මත විය හැකි අනාගතය බෙදාගැනීමේ වගකීම ඉදිරියට ගෙන යාමට එක් වූ රටවල් විසින් බොආඕ සම්මේලනය මගින් ඇති කර ඇති විශාල විශ්වාසයක්. අද සිට මෙම පණිවිඩය තම ප්‍රදේශ වෙත රැගෙන යන සියලුම නියෝජිතයින්ට මම මේ සමඟ නැවත වරක් ස්තූතිවන්ත වෙනවා.

වෙළඳ බාධක ලිහිල් කරන්න, විවිධ ආකාරයේ සංචාරක ව්‍යාපාරයක් සඳහා වූ ක්ෂේත්‍ර, විමෝචනය පිළිබඳ නව අවශ්‍යතා, පුනර්ජනනීය බලශක්තිය සඳහා නව සැලසුම් සහ වැඩසටහන් වලින් අපගේ ග්‍රහලෝකය වඩාත් සුරක්ෂිත සහ විශ්වාසවන්ත අනාගතයකට ගෙන යා හැකියි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම වචන කිහිපය සමඟ, බටහිර, නැඟෙනහිර අප්‍රිකාවේ සිට ආසියාවේ නැඟෙනහිර දෙසට සියලු වෙළෙඳාම් ගලා ඒම සඳහා ඉන්දියානු සාගරයේ මුහුදු මාර්ග වෙනුවෙන් අප කැපවී සිටින බැවින්, එක් ව කටයුතු කිරීමට අපගේ සහයෝගය ලබාදීමට ප්‍රතිඥා දෙනවා.

චීනයේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනයක නව මුහුණුවරක් ගෙන ඇති අතර, එය අප අගය කරනවා. ශ්‍රී ලංකාවේ, කොළඹ වරාය, අත්‍යවශ්‍ය වන සංවර්ධනය සහ ආයෝජන සඳහා අපේ රටවල් අතර වර්ධනය වන නව ඉල්ලීම් සපුරාලිය හැකි නව සංවර්ධිත වරායක කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු ඇති.

අප මුහුණ දෙන අනාගතය සඳහා සාර්ථක සහ විශිෂ්ට ඒකාබද්ධ වැඩසටහනක් තුළ මෙය නැගෙනහිර ආසියාවේ සිට නැඟෙනහිර අප්‍රිකාව දක්වා සහ අප සැමට එක්ව ක්‍රියා කළ හැකි නිල් මුහුද පිළිබඳ වර්තමාන තත්ත්වය වෙනස් කරනු ඇති. අනාගතය සඳහා සියලු දේශයන්ට සාර්ථකත්වය පතනවා.

කාම්බෝජය, ඩොමිනිකා, කසකස්තානය, නාවුරූ යන රටවල ජනාධිපතිවරුන් ගේ ද සහභාගීත්වයෙන් පැවති බොආඕ සමුළුව චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාතික මහජන කොංග්‍රසයේ සභාපති ෂාවෝ ලෙයිජි (Zhao Leiji) විසින් ආරම්භ කරන ලද අතර ගෝලීය හරිත අරමුදලේ (Global Green Fund) සභාපතිවරයා වන එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම් බෑන් කී මූන් ද ශ්‍රී ලංකාව වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ චීන තානාපති කී ෂෙන්හොන්ග් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන අය මෙම සමුළුවට සහභාගී වූහ.

– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සම්බන්ධිත පුවත් | Related News

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.
කොටහේන වැනි සිදුවීම් මගින් පෙන්නවා දෙන්නේ සමාජයක් විදිහට අපි අසමත් බවත්, අප සියලු දෙනා මෙවැනි සිදුවීම් වලට වගකිවයුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට පැවසීය.
බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
කොළඹ විද්‍යාලයක 10 වන වසරේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවියක් පාසල තුලදීම ගුරුවරයකු අතින් අපයෝජනයට ලක්ව පසුව තවත් ටියුෂන් ගුරුවරයකු විසින් ප්‍රසිද්ධියේ අපහසුතාවට ලක්වන අයුරින් කටයුතු කිරීම හේතුවෙන් සියදිවි නසාගන්නා ලද ශිෂ්‍යාව වෙනුවෙන් යුක්තිය ඉල්ලා කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබිණි.
අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන කඩාවැටී තිබුණි.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එස්.එම්.පී. සූරිය බණ්ඩාර පත්කිරීමට ගනුලැබූ තීරණය අහෝසි කරමින් අභියාචනාධිකරණය ඊයේ රිට් ආඥාවක් නිකුත් කළේය.
බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩාවැටී ඇති බව වාර්තා වෙයි.
1945දී හිට්ලර්ගේ ආක්‍රමණික නාසි හමුදාව පරාජය කොට සෝවියට් හමුදා ලැබූ දැවැත්න ජයග්‍රහණයේ 80 වෙනි සැමරුම හෙට එනම් මැයි 9 දිනට යෙදී තිබෙනවා.

ප්‍රධාන පුවත්

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.