
කිතුල් ගස ලෝක උරුමයක් කිරීමට සැලසුම්
කිතුල් ගස ලෝක උරුම ශාකයක් බවට පත්කිරීමට කිතුල් සංවර්ධන මණ්ඩලය මූලික කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
විශ්වවිද්‍යාල කීපයක ආචාර්ය, මහාචාර්යවරුන් පිරිසක් සම්බන්ධ කරගනිමින් කිතුල් සංවර්ධන මණ්ඩලය කිතුල් ගස සම්බන්ධව අධ්‍යයනයක් සිදුකර ඇති අතර, එහිදී අනාවරණයවී ඇත්තේ කිතුල් ගස මෙරට පරිසර පද්ධතියේ වසර 2600කට වැඩි කාලයක සිට පවතින බවය.
කිතුල් ගස ලෝක උරුම ශාකයක් ලෙස නම් කිරීමට කටයුතු කෙරෙන ආකාරය සම්බන්ධව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර සහ කිතුල් සංවර්ධන මණ්ඩලය අතර සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පෙරේදා (27 වැනිදා) පැවැත්විණි.
පිලිපීනය, වියට්නාමය ආදී රටවල්වල කිතුල් ගස් පැවතියද, එම ගස් ලංකාවේ කිතුල් ගස් තරම් විශාල නොවන බවත්, එම රටවල කිතුල් ආශ්‍රිත කර්මාන්ත සිදු නොකෙරෙන බවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.
ඒ අනුව මෙරට තිබෙන කිතුල් ගස ලංකාවට ආවේණික ශාකයක් බවත්, කිතුල් ගසෙන් ලබා ගන්නා රාවලින් විවිධ නිෂ්පාදන කටයුතු කරනු ලබන්නේ මෙරටදී පමණක් බවත් කිතුල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් ඇමැතිවරයා සමග කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
