News Category
From Date
To Date
Maximum Number of Result

ජාතික සංවිධායක ධූරයේ බැසිල් හිටියා නම් හොඳයි... පොහොට්ටුවෙ ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු කෙනෙක් පේන මානෙක නෑ - ප්‍රසන්න කියයි

Mar 28, 2024 at 07:02 PM
|

රට ගොඩ ගැනීමට නම් පාර්ලිමේන්තු මැතිවරණයකට වඩා ජනාධිපතිවරණය පැවැත්වීම වඩා සුදුසු බවත් රට ගොඩගත හැක්කේ ස්ථාවර ආණ්ඩුවක් තුළින් පමණක් බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ මේ මොහොතේ පාර්ලිමේන්තු මැතිවරණයකින් රටට ස්ථාවර ආණ්ඩුවක් පත් නොවනු ඇති බවයි.

රට මුහුණ දෙන තත්ත්වයෙන් ගොඩ ගැනීමට නම් ස්ථාවර ආණ්ඩුවක් පත් විය යුතු බවත් එය පත් කර ගත හැක්කේ ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

ගෝඨාභය ජනාධිපතිවරයාගේ කාලයේ අස්ථාවර වූ රට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යළි ස්ථාවර කළ බව පැවැසු රණතුංග මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට යළි අවස්ථාවක් ලබා දිය යුතු බවත් මේ මොහොතේ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා පොහොට්ටුවට සුදුසු අපේක්ෂකයෙක් නොමැති බවත් යළි කියා සිටී.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (28) නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී මාධ්‍යවේදීන් හමුවේ මේ කාරුණු අනාවරණය කළේය. මෙහිදී මාධ්‍යවේදීන් හමුවේ ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරයේ බැසිල් රාජපක්ෂ මහතා සිටියේ නම් වඩාත් හොඳ බවයි. එමෙන්ම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා තවත් කල් තිබෙන බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.

එහිදී මාධ්‍යවේදීන් ඇමතිවරයාට යොමු කළ ප්‍රශ්න හා පිළිතුරු මෙසේය,

ප්‍රශ්නය – නාමල් රාජපක්ෂ මන්ත්‍රිතුමා ජාතික සංවිධායක වෙනවනේ. ඔහු පරණ කට්ටියට, පක්ෂය අතෑරලා දාලා ගිය අයට නැවත එන්න කියලා ආරාධනා කරනවා. වැඩ කරන්න පුළුවන්ද?

පිළිතුර – එතුමා තනතුර භාරගෙන එතුමාගේ සංකල්පයට අනුව කටයුතු කිරීම එතුමාගේ වගකීමක්. ඒක හරිද වැරැදිද කියන්න මට අයිතියක් නෑ. පක්ෂය වෙනුවෙන් හොද දෙයක් වෙනවා නම් අපිට අවශ්‍ය ඒ දේ පමණයි.

ප්‍රශ්නය – ජාතික සංවිධායක ධූරය වෙනස් වීම ගැන ඔබතුමාගේ අදහස කුමක්ද?

පිළිතුර – මම පෞද්ගලිකව කැමැති බැසිල් රාජපක්ෂ මහතා එතැන හිටියා නම්. එතුමා තමයි 2015 දී අමාරුම වෙලාවේ වගකීම අරගෙන කටයුතු කළේ. අපි එතුමා එක්ක වැඩ කරලා පුරුදුයි අවබෝධයක් තියෙනවා. අලුත් කෙනෙක් ආවම එයත් එක්ක වැඩ කරන්න හුරු වෙන්න ඕනේ. ඒ අභියෝගය බැසිල් මහත්තයා ගත්තා නම් හොදයි කියන ස්ථාවරයේ මම ඉන්නවා.

ප්‍රශ්නය – මේ අමාරු වෙලාවේ මේක ගොඩ දාන්න පුළුවන් බැසිල් මහත්තයටද?

පිළිතුර – දේශපාලනය කරනකොට හැමදේ ගැනම හිතලා කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනේ.  එතුමා ඒ ගැන හිතනවා. තමන්ගේ ඡන්ද ගැන පමණක් හිතලා වැඩ කරනවා නම් ජාතික සංවිධායක කමේ ඉදලා දේශපාලනය කරන්න බෑ. 2005 වසරේදී බැසිල් රාජපක්ෂ මහත්තයා තිරයේ පිටුපස ඉදන් තමයි මහින්ද මහත්තයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ. මම එදත් එතුමා එක්ක වැඩ කළා. එදා ඉදන් මේ දක්වා මම එතුමා එක්ක දේශපාලනය කරපු කෙනෙක් හැටියටයි මගේ පෞද්ගලික මතය ඉදිරිපත් කළේ. එතුමාගේ පෞද්ගලික අපහසුතා ගැන කියලා ඉවත් වුණාම පක්ෂයේ දේශපාලන මණ්ඩලය තමයි මේ තීන්දුව ගන්නේ.

ප්‍රශ්නය – ඔබතුමාගේ අදහස අනුව නාමල් රාජපක්ෂ මැතිතුමා ජාතික සංවිධායක ධුරයට පත් කිරීම සෑහීමකට පත් වන්නේ නැද්ද?

පිළිතුර – එතුමාට පුළුවන්ද බැරිද කියලා පෙන්වන්න අවස්ථාවක් ලබා දෙන්න ඕනේ. ඉදිරියේ ප්‍රතිඵල එක්ක ගන්න තීන්දු තීරණ එක්ක කණ්ඩායම එකට තියා ගැනීම එතුමාගේ වගකීමක්. ඒ දේ බැසිල් මහත්තයා හරියටම කළා. අපිට කුමන ප්‍රශ්න තිබ්බත් ඒ ගැටළු විසදගෙන අපිට වැඩ කරගෙන ඉන්න හැකියාව තිබ්බා.

ප්‍රශ්නය – නාමල් රාජපක්ෂ මහත්තයා නාමිකව ඉන්න පුද්ගලයෙක් විතරක් වෙයිද දන්නේ නෑ. නමට විතරක් ජාතික සංවිධායක කරලා පිටිපස්සේ ඉදන් බැසිල් මහත්තයා මෙහෙය වනවා වගේ අදහසක් එයිද දන්නේ නෑ ටික දවසක් යනකොට.

පිළිතුර – මම හිතන්නේ නෑ. බැසිල් මහත්තයා කිව්වොත් දෙයක් කරන, කරන දේ කියන කෙනෙක්. මම කැමැති එහෙම වෙනවා නම්. අලුත් අය ආව පළියට එහෙම වැඩ කරන්න බෑ. පළපුරුද්ද, අත්දැකිම් තියෙන අය පසුපෙල ඉදන් අපිට උදව් කරන්න ඕනේ. අපේ දේශපාලන ගමන තුළත් අපි මේ තත්ත්වයට එන්නේ අපේ තාත්තලාගෙන් ලැබුණ අත්දැකීම් එක්කයි. ඒ අය අපිව පිටිපස්සේ ඉදන් මෙහෙයවපු නිසයි. මහින්ද මහත්තයා මෙතැන ඉදන් මෙහෙයවන්න ඕනේ. එහෙම වෙනවා නම් මම කැමැතියි.

ප්‍රශ්නය – නාමල් මහත්තයා ජනාධිපතිවරණය සඳහා සුදානම් කිරීමක්ද මේ පටන් ගත්තේ.

පිළිතුර – මම හිතන්නේ නාමල්ට තව අවුරුදු පහක් දහයක් යනකොට අවස්ථාවට එන්න පුළුවන්. එතකොට තරග කරන්න එතුමාට අත්දැකීමක් ලැබෙන්න පුළුවන්. එතකොට මේ තත්ත්වය තේරුම් අරගෙන, මැතිවරණ මෙහෙයුම් පටන් ගෙන අලුත් පසුබිමක් හදාගෙන එන්න එතුමාට අවස්ථාව තිබෙනවා. ඒ අභියෝගය භාර ගන්න පුළුවන් ඒ දේ බලාපොරොත්තු වෙනවා නම් ඒ වගකීම අරගෙන කළාට කමක් නෑ.

ප්‍රශ්නය – මේ ගමනත් ඉන්න ජනාධිපතිවරයාම නේද තෝර ගන්නේ.

පිළිතුර – මගේ මතය ඒකයි. මම අදත් කියන්නේ ජනාධිපතිවරණයකට යන්න ඕනේ. මේ අභියෝග භාර ගන්න පුළුවන් රටේ ආර්ථිකය ගොඩ නැගූ නායකයා විදියට රනිල් වික්‍රමසිංහ මහත්තයා ජයග්‍රහණය කරන්න ඕනේ කියලා. පාර්ලිමේන්තු මැතිවරණයකට වඩා ජනාධිපතිවරණයකට යන්න කියන්නේ කාටවත් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවන්න බැරි වෙනවා. එතකොට රට අරාජික වෙනවා. පකිස්ථානයට වෙච්ච දේ ලංකාවට වෙන්න ඉඩ තියෙනවා. එතකොට වෙන්නේ රටේ මිනිස්සු දුක් විදින එකයි. රට ගැන හිතලයි අපි තීන්දු ගන්න වෙන්නේ. ජනතාව ගැන හිතලා තීන්දු ගන්නවා නම් අපි කණ්ඩායම පාර්ලිමේන්තු ගිහින් අස්ථාවර ආණ්ඩු හදනවාට වඩා කවුරු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයෝ තුන් දෙනාද හතර දෙනාද දිනන කෙනා ආණ්ඩුවක් පිහිටුවලා රට ගිනියන්න ඕනේ. අපි එහෙමනේ ගෝඨාභය මහත්තයා දින්නා. අපි ආණ්ඩුවක් ගත්තා. අපි අසමත් වුණා. මිනිස්සු අපිව ප්‍රතික්ෂේප කළා. දැන් අපි ආණ්ඩුවක් හැටියට මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක වැඩ කරලා රට ස්ථාවර කළා. අපිට වැඩ කරන්න බැරි කමක් නෙමෙයි. අපිට පුළුවන්. රටේ නායකත්වය හා තීන්දු ගැනීමේ අර්බුදය තමයි තිබුණේ. තීන්දු ගැනීම දැන් සිද්ධ වෙනවා. ඉදිරි මැතිවරණයේදීත් මම විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා දින්නොත් ආණ්ඩුවක් පිහිටුවන්න ඉඩ දෙන්න ඕනේ. වෙන කවුරු හරි දින්නොත් ඒ කෙනාට ආණ්ඩුව පිහිටුවන්න ඉඩ දෙන්න ඕනේ. එතකොට රට ආරාජික වෙන්නේ නෑ. රට තමයි අංක එක. පක්ෂය තමයි අංක දෙක වෙන්නේ. රටේ මිනිස්සු වෙනුවෙන් ගන්න ඕනේ තීරණ ගන්න ඕනේ.

ප්‍රශ්නය – ඔබතුමා විශ්වාස කරනවාද මේ වෙලාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු කෙනෙක් නෑ කියලා.

පිළිතුර – මට පේන මානෙක නම් කෙනෙක් නෑ.

ප්‍රශ්නය – විශ්වාසයෙන්ද කියන්නේ

පිළිතුර – මාධ්‍යයට බොරු කියනවැයි.

– ප්‍රදීප් අනුර කුමාර

සම්බන්ධිත පුවත් | Related News

බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩාවැටී ඇති බව වාර්තා වෙයි.
1945දී හිට්ලර්ගේ ආක්‍රමණික නාසි හමුදාව පරාජය කොට සෝවියට් හමුදා ලැබූ දැවැත්න ජයග්‍රහණයේ 80 වෙනි සැමරුම හෙට එනම් මැයි 9 දිනට යෙදී තිබෙනවා.
පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළව මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා ලබන 28වන දිනට පෙර ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දෙයි.
ඉන්දියාව සහ පකිස්ථානය අතර උත්සන්න වන යුද උණුසුම මධ්‍යයේ පාකිස්තානය ඉන්දියාවේ ජම්මු වෙත ඩ්‍රෝන යානා යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වේ.
ඉන්දියාව සමග අත්සන් කළේ ආරක්ෂක ගිවිසුමක් නොව ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් බව අමාත්‍ය විජිත හේරත් පවසයි.
නව පාප්වරයෙක් පත්කරගැනීමට වතිකානයේ රැස්ව සිටින ඡන්ද හිම කාදිනල්වරුන් මීට සුළු වේලාවකට පෙර සමත්ව තිබේ.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මහතාට මැයි මස 19වනදා පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.
ආසියාව තුළ යුද භීතියක් මතුකර ඇති ඉන්දු – පාකිස්තාන අර්බුධය තවදුරටත් උත්සන්න වෙමින් පවතින පසුබිමක, පකිස්තාන හමුදාව අද පැවසුවේ ඉන්දියාවට අයත් ප්‍රහාරක ඩ්‍රෝන යානා 25 ක් වෙඩිතබා බිමහෙළූ බවයි.
තීව්‍ර වෙමින් පවතින ඉන්දු – පාකිස්තාන අර්බුදය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යශය නිරන්තර අවධානයෙන් පසුවෙමින් රජය දැනුවත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.

ප්‍රධාන පුවත්

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.