News Category
From Date
To Date
Maximum Number of Result

ජාතික සංවිධායක ධූරයේ බැසිල් හිටියා නම් හොඳයි... පොහොට්ටුවෙ ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු කෙනෙක් පේන මානෙක නෑ - ප්‍රසන්න කියයි

Mar 28, 2024 at 07:02 PM
|

රට ගොඩ ගැනීමට නම් පාර්ලිමේන්තු මැතිවරණයකට වඩා ජනාධිපතිවරණය පැවැත්වීම වඩා සුදුසු බවත් රට ගොඩගත හැක්කේ ස්ථාවර ආණ්ඩුවක් තුළින් පමණක් බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ මේ මොහොතේ පාර්ලිමේන්තු මැතිවරණයකින් රටට ස්ථාවර ආණ්ඩුවක් පත් නොවනු ඇති බවයි.

රට මුහුණ දෙන තත්ත්වයෙන් ගොඩ ගැනීමට නම් ස්ථාවර ආණ්ඩුවක් පත් විය යුතු බවත් එය පත් කර ගත හැක්කේ ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

ගෝඨාභය ජනාධිපතිවරයාගේ කාලයේ අස්ථාවර වූ රට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යළි ස්ථාවර කළ බව පැවැසු රණතුංග මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට යළි අවස්ථාවක් ලබා දිය යුතු බවත් මේ මොහොතේ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා පොහොට්ටුවට සුදුසු අපේක්ෂකයෙක් නොමැති බවත් යළි කියා සිටී.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (28) නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී මාධ්‍යවේදීන් හමුවේ මේ කාරුණු අනාවරණය කළේය. මෙහිදී මාධ්‍යවේදීන් හමුවේ ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරයේ බැසිල් රාජපක්ෂ මහතා සිටියේ නම් වඩාත් හොඳ බවයි. එමෙන්ම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා තවත් කල් තිබෙන බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.

එහිදී මාධ්‍යවේදීන් ඇමතිවරයාට යොමු කළ ප්‍රශ්න හා පිළිතුරු මෙසේය,

ප්‍රශ්නය – නාමල් රාජපක්ෂ මන්ත්‍රිතුමා ජාතික සංවිධායක වෙනවනේ. ඔහු පරණ කට්ටියට, පක්ෂය අතෑරලා දාලා ගිය අයට නැවත එන්න කියලා ආරාධනා කරනවා. වැඩ කරන්න පුළුවන්ද?

පිළිතුර – එතුමා තනතුර භාරගෙන එතුමාගේ සංකල්පයට අනුව කටයුතු කිරීම එතුමාගේ වගකීමක්. ඒක හරිද වැරැදිද කියන්න මට අයිතියක් නෑ. පක්ෂය වෙනුවෙන් හොද දෙයක් වෙනවා නම් අපිට අවශ්‍ය ඒ දේ පමණයි.

ප්‍රශ්නය – ජාතික සංවිධායක ධූරය වෙනස් වීම ගැන ඔබතුමාගේ අදහස කුමක්ද?

පිළිතුර – මම පෞද්ගලිකව කැමැති බැසිල් රාජපක්ෂ මහතා එතැන හිටියා නම්. එතුමා තමයි 2015 දී අමාරුම වෙලාවේ වගකීම අරගෙන කටයුතු කළේ. අපි එතුමා එක්ක වැඩ කරලා පුරුදුයි අවබෝධයක් තියෙනවා. අලුත් කෙනෙක් ආවම එයත් එක්ක වැඩ කරන්න හුරු වෙන්න ඕනේ. ඒ අභියෝගය බැසිල් මහත්තයා ගත්තා නම් හොදයි කියන ස්ථාවරයේ මම ඉන්නවා.

ප්‍රශ්නය – මේ අමාරු වෙලාවේ මේක ගොඩ දාන්න පුළුවන් බැසිල් මහත්තයටද?

පිළිතුර – දේශපාලනය කරනකොට හැමදේ ගැනම හිතලා කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනේ.  එතුමා ඒ ගැන හිතනවා. තමන්ගේ ඡන්ද ගැන පමණක් හිතලා වැඩ කරනවා නම් ජාතික සංවිධායක කමේ ඉදලා දේශපාලනය කරන්න බෑ. 2005 වසරේදී බැසිල් රාජපක්ෂ මහත්තයා තිරයේ පිටුපස ඉදන් තමයි මහින්ද මහත්තයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ. මම එදත් එතුමා එක්ක වැඩ කළා. එදා ඉදන් මේ දක්වා මම එතුමා එක්ක දේශපාලනය කරපු කෙනෙක් හැටියටයි මගේ පෞද්ගලික මතය ඉදිරිපත් කළේ. එතුමාගේ පෞද්ගලික අපහසුතා ගැන කියලා ඉවත් වුණාම පක්ෂයේ දේශපාලන මණ්ඩලය තමයි මේ තීන්දුව ගන්නේ.

ප්‍රශ්නය – ඔබතුමාගේ අදහස අනුව නාමල් රාජපක්ෂ මැතිතුමා ජාතික සංවිධායක ධුරයට පත් කිරීම සෑහීමකට පත් වන්නේ නැද්ද?

පිළිතුර – එතුමාට පුළුවන්ද බැරිද කියලා පෙන්වන්න අවස්ථාවක් ලබා දෙන්න ඕනේ. ඉදිරියේ ප්‍රතිඵල එක්ක ගන්න තීන්දු තීරණ එක්ක කණ්ඩායම එකට තියා ගැනීම එතුමාගේ වගකීමක්. ඒ දේ බැසිල් මහත්තයා හරියටම කළා. අපිට කුමන ප්‍රශ්න තිබ්බත් ඒ ගැටළු විසදගෙන අපිට වැඩ කරගෙන ඉන්න හැකියාව තිබ්බා.

ප්‍රශ්නය – නාමල් රාජපක්ෂ මහත්තයා නාමිකව ඉන්න පුද්ගලයෙක් විතරක් වෙයිද දන්නේ නෑ. නමට විතරක් ජාතික සංවිධායක කරලා පිටිපස්සේ ඉදන් බැසිල් මහත්තයා මෙහෙය වනවා වගේ අදහසක් එයිද දන්නේ නෑ ටික දවසක් යනකොට.

පිළිතුර – මම හිතන්නේ නෑ. බැසිල් මහත්තයා කිව්වොත් දෙයක් කරන, කරන දේ කියන කෙනෙක්. මම කැමැති එහෙම වෙනවා නම්. අලුත් අය ආව පළියට එහෙම වැඩ කරන්න බෑ. පළපුරුද්ද, අත්දැකිම් තියෙන අය පසුපෙල ඉදන් අපිට උදව් කරන්න ඕනේ. අපේ දේශපාලන ගමන තුළත් අපි මේ තත්ත්වයට එන්නේ අපේ තාත්තලාගෙන් ලැබුණ අත්දැකීම් එක්කයි. ඒ අය අපිව පිටිපස්සේ ඉදන් මෙහෙයවපු නිසයි. මහින්ද මහත්තයා මෙතැන ඉදන් මෙහෙයවන්න ඕනේ. එහෙම වෙනවා නම් මම කැමැතියි.

ප්‍රශ්නය – නාමල් මහත්තයා ජනාධිපතිවරණය සඳහා සුදානම් කිරීමක්ද මේ පටන් ගත්තේ.

පිළිතුර – මම හිතන්නේ නාමල්ට තව අවුරුදු පහක් දහයක් යනකොට අවස්ථාවට එන්න පුළුවන්. එතකොට තරග කරන්න එතුමාට අත්දැකීමක් ලැබෙන්න පුළුවන්. එතකොට මේ තත්ත්වය තේරුම් අරගෙන, මැතිවරණ මෙහෙයුම් පටන් ගෙන අලුත් පසුබිමක් හදාගෙන එන්න එතුමාට අවස්ථාව තිබෙනවා. ඒ අභියෝගය භාර ගන්න පුළුවන් ඒ දේ බලාපොරොත්තු වෙනවා නම් ඒ වගකීම අරගෙන කළාට කමක් නෑ.

ප්‍රශ්නය – මේ ගමනත් ඉන්න ජනාධිපතිවරයාම නේද තෝර ගන්නේ.

පිළිතුර – මගේ මතය ඒකයි. මම අදත් කියන්නේ ජනාධිපතිවරණයකට යන්න ඕනේ. මේ අභියෝග භාර ගන්න පුළුවන් රටේ ආර්ථිකය ගොඩ නැගූ නායකයා විදියට රනිල් වික්‍රමසිංහ මහත්තයා ජයග්‍රහණය කරන්න ඕනේ කියලා. පාර්ලිමේන්තු මැතිවරණයකට වඩා ජනාධිපතිවරණයකට යන්න කියන්නේ කාටවත් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවන්න බැරි වෙනවා. එතකොට රට අරාජික වෙනවා. පකිස්ථානයට වෙච්ච දේ ලංකාවට වෙන්න ඉඩ තියෙනවා. එතකොට වෙන්නේ රටේ මිනිස්සු දුක් විදින එකයි. රට ගැන හිතලයි අපි තීන්දු ගන්න වෙන්නේ. ජනතාව ගැන හිතලා තීන්දු ගන්නවා නම් අපි කණ්ඩායම පාර්ලිමේන්තු ගිහින් අස්ථාවර ආණ්ඩු හදනවාට වඩා කවුරු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයෝ තුන් දෙනාද හතර දෙනාද දිනන කෙනා ආණ්ඩුවක් පිහිටුවලා රට ගිනියන්න ඕනේ. අපි එහෙමනේ ගෝඨාභය මහත්තයා දින්නා. අපි ආණ්ඩුවක් ගත්තා. අපි අසමත් වුණා. මිනිස්සු අපිව ප්‍රතික්ෂේප කළා. දැන් අපි ආණ්ඩුවක් හැටියට මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක වැඩ කරලා රට ස්ථාවර කළා. අපිට වැඩ කරන්න බැරි කමක් නෙමෙයි. අපිට පුළුවන්. රටේ නායකත්වය හා තීන්දු ගැනීමේ අර්බුදය තමයි තිබුණේ. තීන්දු ගැනීම දැන් සිද්ධ වෙනවා. ඉදිරි මැතිවරණයේදීත් මම විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා දින්නොත් ආණ්ඩුවක් පිහිටුවන්න ඉඩ දෙන්න ඕනේ. වෙන කවුරු හරි දින්නොත් ඒ කෙනාට ආණ්ඩුව පිහිටුවන්න ඉඩ දෙන්න ඕනේ. එතකොට රට ආරාජික වෙන්නේ නෑ. රට තමයි අංක එක. පක්ෂය තමයි අංක දෙක වෙන්නේ. රටේ මිනිස්සු වෙනුවෙන් ගන්න ඕනේ තීරණ ගන්න ඕනේ.

ප්‍රශ්නය – ඔබතුමා විශ්වාස කරනවාද මේ වෙලාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු කෙනෙක් නෑ කියලා.

පිළිතුර – මට පේන මානෙක නම් කෙනෙක් නෑ.

ප්‍රශ්නය – විශ්වාසයෙන්ද කියන්නේ

පිළිතුර – මාධ්‍යයට බොරු කියනවැයි.

– ප්‍රදීප් අනුර කුමාර

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
“අපි එක්ව කොළඹ පිරිසිදුව තබමු” පිරිසිදු කිරීමේ වැඩසටහන හා රුක් රෝපණ ව්‍යාපෘතියක් (06) කොළඹ ගුඩ් මාර්කට් පරිශ්‍රයේදී පැවැත්විණි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.
සීමාවාසික පුහුණව සම්බන්ද ව ඇතිවී තිබෙන ප්‍රමාදය පිලිබදවද, ප්‍රමිතිය සම්බන්දයෙන් පවා සමාජය තුල ආන්දෝලනාත්මක කතා බහකට ලක් වෙමින් පවතින නව ERPM විභාග ක්‍රමවේදය හරහා මැතකදී සුදුසුකම් ලබාගත් විදේශීය වෛද්‍යවිද්‍යා උපාධිධාරීන් සීමාවාසික පුහුණුවට අන්තර්ග්‍රහණය කර ගැනීම තුළින් ඊට ප්‍රථමව සුදුසුකම් ලැබු එනම් 2026 අප්‍රේල් මාසයට පෙර සුදුසුකම් ලත් රාජ්‍ය විශ්ව විද්‍යාලවල හරහා වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරන ලද උපාධිධාරී කණ්ඩායම් කිහිපයකට අදාළව සීමාවාසික පුහුණුව පිරිනැමීමේදී උද්ගත වීමට නියමිත බරපතල අසාධාරණය පිළිබඳව ද අදහස් දැක්වීම වෙනුවෙන් 2026.06.04 වන දින වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මාධ්‍ය සාකච්ඡාවක් කැදවනු ලැබීය.
යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.
බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු එම ධුරවලින් ඉවත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
වැඩිහිටි නිවාස 456න් වැඩිහිටි ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
ශ්‍රී ලංකාවේ සමස්ත ජාතික ප්‍රතිපත්ති රාමුව වඩාත් පැහැදිලි මාවතකට අවතීර්ණ කරමින්, වෙළඳ හා ආයෝජන කටයුතු කඩිනම් කිරීම සඳහා වන ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් මේ වසර අවසන් වීමට පෙර ක්‍රියාත්මක කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පැවැසීය.
හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා තමන් රඳවා සිටින බන්ධනාගාරය තුළ තමන්ට එල්ල වන දැඩි පීඩනයන්ට සහ අසාධාරණයන්ට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා

රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවයි.

ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

'ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ. 2026 ජනවාරි 1 දාට භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.මිලියන 915 යි. 2024 දෙසැ. 31 වෙනිදා වන විට රු.බිලියන 805 ක් භාණ්ඩාගාරයේ මුදල් ශේෂය තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන කොට බිලියන 800 ක් තිබුණා. මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුල භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුනේ රුපියල් බිලියන 110 කින් විතරයි' යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරය විමර්ශන වලදී ISIS ත්‍රස්තයන් පිටුපස නොයා ගෝඨාභය සහ සුරේෂ් සලේ පිටුපස යාමෙන් පෙනෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මෙම පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ පිට දැමීමට දරණ නින්දිත උත්සාහයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.