'ස්පා' මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස 53ක් වසා දමයි... HIV ඒඩ්ස් වැළඳුනු කතුන් දෙදෙනෙකුත් හමුවෙයි
සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් මීගමුව ප්‍රදේශය ආශ්‍රිතව පවත්වාගෙන ගිය ගණිකා නිවාසවල සේවයේ නිරත වූ කාන්තාවන් දෙදෙනෙකුට HIV ඒඩ්ස් වැලඳී ඇති බවට වෛද්‍ය පරීක්ෂණයකදී අනාවරණය වී තිබේ.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තලදූව මහතා මේ බව පැවසීය.
මෙම වැටලීමේදී සම්භාහන මධ්‍යස්ථාන 53ක් වසා දැමීමට කටයුතු කර ඇති අතර ඒවායේ සේවයේ නිරතව සිටි කාන්තාවන් 137ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,
"පසුගිය දින කිහිපය තුළ මීගමුව, කොච්චිකඩේ සහ සීදූව කියන පොලිස් වසම්වල විශේෂ වැටලීමක් සිදුකරා. ඒවා නීතිවිරෝධී ලෙස ගණිකා නිවාස ලෙස පවත්වාගෙන යන බවට බුද්ධි තොරතුරු වාර්තා වී තිබුණා. ගණිකා නිවාස පවත්වාගෙන යාම, ගණිකාවන් ලෙස පුද්ගලයින් සේවයේ යෙදවීම ඒවායේ රැඳී සිටීම, එම ස්ථානය කළමනාකරණය කිරීම යන චෝදනා යටතේ පිරිසක් අත්අඩංගුවට ගත්තා. එම සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරනු ලැබුවා."
මෙලෙස පවත්වාගෙන ගිය ස්පා 53කට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණයෙන් වසා දැමීමට අවශ්‍ය කටයුතු කරලා තියෙනව. මෙහිදී සැකකරුවන් අතර පිරිමි පුද්ගලයින් 08 දෙනෙක් කාන්තාවන් 137ක් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වුණා. වෛද්‍ය පරීක්ෂණයට යොමුකළ කාන්තාවන් අතරින් දෙදෙනෙකුට HIV ඒඩ්ස් වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබෙනවා. අදාළ අංශවලට දැනුම්දීමක් කරලා තියෙනවා. අදාළ කාන්තාවන් ගණිකා සේවය ලබාදුන් පුද්ගලයින් හඳුනාගැනීමට කටයුතු කරමින් තිබෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්