
‘රැඩිකල් ඉස්ලාම්වාදීන්’ මොස්කව් ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළා - පුටින්.
ක්‍රොකස් සිටි හෝල් ප්‍රහාරය සිදු කළේ කවුරුන්ද යන්න රුසියාව දන්නා නමුත් නියෝගය ලබා දුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව දැන් විමර්ශනය කරමින් සිටින බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ (25) ප්‍රකාශ කළේ යුක්රේනය වැරදිකරුවෙකු විය හැකි බව පෙන්වා දෙමිනි.
“මෙම ප්‍රහාරය සිදු කළේ රැඩිකල් ඉස්ලාම්වාදීන් විසින්,” පුටින් රුසියාවේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සමඟ වීඩියෝ සාකච්ඡාවක ආරම්භක අවස්ථාවේදී පැවසීය.
එක්සත් ජනපදය සහ එහි සහචරයින් යුක්‍රේන භුමියේ සිට ක්‍රියාත්මක ඔවුන්ගේ නියෝජිත සහචරයන් ආරක්ෂා කිරීමට උත්සාහ කරමින් සිටින බවත්, ත්‍රස්ත ප්‍රහාරයට යුක්රේනයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, වගකිව යුතු පාර්ශවය ඉස්ලාමීය රාජ්‍යය (ඓS, කලින් ඓSඓS) බවත් අවධාරනය කරමින් සිටින බව රුසියානු ජනාධිපතිවරයා සඳහන් කළේය.
“ඒත් අපි දන්නවා ප්‍රහාරය කළේ කවුද කියා. එයට අවසාන නියෝගය ලබා දුන්නේ කවුදැයි අපට දැන ගැනීමට අවශ්‍යයි. ”
රුසියාවේ නීතිය බලාත්මක කරන ආයතන මේ වන විට අපරාධකරුවන් පිළිබඳව සොයා බලමින් සිටින අතර, සැකකරුවන් අත්අඩංගුවට ගෙන විනිසුරුවරයෙකු වෙත ඉදිරිපත් කිරීමටද කටයුතු කර ඇත.සිද්ධිය සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශන “වෘත්තීය, දේශපාලන පක්ෂග්‍රාහීවකින් තොරව” විය යුතු බව පුටින් පැවසීය.
සිකුරාදා සවස මොස්කව්හි වයඹ දෙසින් පිහිටි ප්‍රසංග භූමියේදී 130 කට වැඩි පිරිසක් මිය ගිය අතර, සන්නද්ධ පුද්ගලයින් කිහිප දෙනෙකු රැස්ව සිටි ජනයා වෙත වෙඩි තබා ශාලාවට ගිනි තැබීමටද කටයුතු කළේය. ඉස්ලාමීය රාජ්‍ය කොරාසන් (ISIS-K) නමින් හඳුන්වන ත්‍රස්තවාදී කණ්ඩායමක් එහි වගකීම මේ වන විට වගකීම භාරගෙන තිබේ.
රුසියානු ආරක්ෂක අංශ යුක්රේනය දෙසට පලායමින් සිටියේ යැයි පවසන අපරාධකරුවන් හත් දෙනෙකු සහ ඔවුන්ගේ සැක කටයුතු සහකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයන් ටජික් ජාතිකයන් ලෙස රුසියානු ආරක්ෂක අංශ මේ වන විට හඳුනාගෙන ඇත.
ත්‍රස්තවාදීන් යුක්රේනය දෙසට ගමන් කිරීම සම්බන්ධයෙන් පිළිතුරු අවශ්‍ය ප්‍රශ්න මතු වූ බව පුටින් සඳහන් කළේය.
“කවුද ඔවුන් එනතුරු එහි බලා සිටියේ? කියෙව් පාලනයට සහාය දෙන අයට ත්‍රස්තවාදයේ හවුල්කරුවන් සහ අනුග්‍රාහකයන් වීමට අවශ්‍ය නොවන බව පැහැදිලිය. නමුත් ප්‍රශ්න ගොඩක් ඉතිරිව තිබෙනවා.” ඔහු පැවසීය.
ප්‍රහාරයට යුක්රේනයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඇෆ්ගනිස්ථානයේ සහ මධ්‍යම ආසියාවේ ක්‍රියාත්මක වන IS ත්‍රස්තයන්ගේ ඡායා කණ්ඩායමක් එකම වැරදිකරු බවත් එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය සිද්ධිය වූ සැනින් අවධාරණය කළහ.
‘Radical Islamists’ carried out Moscow terror attack – Putin
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
