News Category
From Date
To Date
Maximum Number of Result

ලිංගිකත්වය සඳහා කැමැත්ත පළ කිරීමේ අවම වයස අඩු කිරීමේ ප්‍රතිවිපාක මොනවා ද?

Mar 26, 2024 at 10:32 AM
|

ශ්‍රී ලංකාවේ පවතින නීති රාමුවට අනුව වයස අවුරුදු 18ට අඩු ඕනෑම අයෙකු සැලකෙන්නේ දරුවෙකු ලෙසයි.

වයස අවුරුදු 18ට වඩා අඩු අයට විවාහ වීමට ද අවසර නොමැත.

1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධිත පනතට අනුව වසය අවුරුදු 16ට වැඩි ගැහැණු දරුවෙකු සමඟ, ඇගේ එකඟතාවය හෝ කැමත්ත මත යම් පුද්ගලයෙකු විසින් ලිංගිකව හැසිරීම සලකන්නේ ස්ත්‍රී දූෂණයක් ලෙසයි. එය "ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය" ලෙස හඳුන්වයි. එවැනි සිදුවීමක් වාර්තා වීමේ දී එය ස්ත්‍රී දූෂණයක් ලෙස සලකා දඬුවම් ලබා දීම සිදු විය.

කෙසේ නමුත් මෙම තත්වය ලිහිල් කිරීමට මේ වන විට අධිකරණ අමාත්‍යාංශය විසින් කෙටුම්පතක් කැබිනට් මණ්ඩලය වෙත යොමු කර තිබේ.

මොකක්ද මේ කෙටුම්පත?

වයස අවුරුදු 16ට අඩු ගැහැණු දරුවන් සමඟ ලිංගිකව හැසිරීම ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් ය' යන නීතිය වෙනස් කරමින්, වයස් අවුරුදු 14ත් 16ත් අතර ගැහැණු දරුවන් සිය කැමැත්තෙන් වයස අවුරුදු 22 දක්වා පිරිමි පුද්ගලයෙකු සමඟ ලිංගිකව හැසිරුණු අවස්ථාවක දී එය ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් ලෙස නොසලකා දඬුවම් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පිළිබඳ කෙටුම්පතක් පිළිබඳ ව 2024 මාර්තු 20 දින පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවක් කැඳවා තිබුණි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතීඥ තලතා අතුකෝරළ සභාපතීත්වය දරණ කාන්තාවන් සහ ළමුන් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් කැඳවා තිබූ මෙම සාකච්ඡාවට, ජාතික ළමාරක්ෂණ අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, සායනික මනෝවෛද්‍යවරුන් හා ළමා අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥයන් රැසක් එක් වී සිටි බව ජාතික ළමාරක්ෂණ දෙපාර්තමේන්තුවේ සභාපති ආචාර්ය උදය කුමාර අමරසිංහ බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළේ ය.

ඔහු පැවසුවේ එම කමිටු රැස්වීමට සහභාගී වී සිටි සියලු දෙනාගේ ඒකමතික තීරණය වූයේ මෙම සංශෝධනය නොකළ යුතු බව ය.

1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධිත පනතට අනුව වසය අවුරුදු 16ට වැඩි ගැහැණු දරුවෙකු සමඟ, ඇගේ එකඟතාවය හෝ කැමත්ත මත යම් පුද්ගලයෙකු විසින් ලිංගිකව හැසිරීම සලකන්නේ ස්ත්‍රී දූෂණයක් ලෙසය.

'අපි මේ සංශෝධනයට එකඟ නෑ'

ජාතික ළමාරක්ෂණ අධිකාරිය ඉහත කී සංශෝධනයට එකඟ නොමැති බව කමිටුව හමුවේ දැනුම් දුන් බව ආචාර්ය උදය කුමාර අමරසිංහ පැවසුවේ ය. "ගැහැණු දරුවාට වයස අවුරුදු 14 – 16 අතර වුණත් අපට එය අපරාධයක් නොවෙයි කියලා සලකන්න බෑ. ඒ නිසා අපි මේ යෝජනාවට එකඟ නැති බව දැනුම් දුන්නා. 18ට අඩු අය පමණයි ළමුන් හැටියට සලකන්නේ. නමුත් මෙතැන අවුරුදු 22ක් කියන්නෙ 18 සිට 22 දක්වා වයස් කාණ්ඩ හතරක වැඩිහිටියන් ලෙස සලකන පුද්ගල කණ්ඩායම් හතරක් ඉන්නවා. ඒ තරම් ලොකු ප්‍රමාණයකට දඬුවම් ලිහිල් කරන්නේ ඇයි කියන ප්‍රශ්නය තියෙනවා," සභාපතිවරයා පෙන්වා දුන්නේ ය. සභාපතිවරයා පැවසුවේ මෙම සංශෝධනය සඳහා සාධක වශයෙන් අධිකරණ තීන්දු කිහිපයක් ඉදිරිපත් කර තිබූ බවයි.

කමිටු සභා වාරයේ දී කිසිවෙකු මේ සංශෝධනයට එකඟතාවය පල නොකළ බව අධිකරණ අමාත්‍යාංශය වෙත දැනුම් දීමට කටයුතු කරන බවට කමිටුව අවසානයේ ප්‍රකාශය වූ බව සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ දැඩි විරෝධය

වෛද්‍ය විද්‍යාත්මක කරුණු පදනම්කරගෙන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ද මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය දක්වා තිබේ.

ළමා ගැබ්ගැනීම් ඉතාමත් අවධානම් සහගත බව ඔවුහු එයින් පෙන්වා දී තිබේ.

මෙම පනත් සංශෝධනයෙන් එවැනි අවධානමකට ඉඩකඩ ලබා දීම නිසා මෙය වහාම නවත්වා දැමිය යුතු බව ඔවුන්ගේ මතයයි.

පාර්ශව රැසක දැඩි විරෝධය

 යෝජිත සංශෝධනය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් ම විරෝධය දක්වා තිබුණි.

2024 මාර්තු 20 දින ජාතික සංවිධාන එකතුව විසින් පැවැත් වූ මාධ්‍ය හමුවක දී දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මෙම සංශෝධනය දැඩිව ප්‍රතික්ෂේප කළේ ය."මෙම සංශෝධනය අපි දකින්නේ ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී දූෂණ ළමා අපචාර ප්‍රචලිත කරන්න හදන උත්සාහයක් විදිහට.මේ වෙලාවේ මේ රටේ තියෙන දැවෙන ප්‍රශ්නයක් ද මේ කරන්න හදන්නේ? කවුද මේ සංශෝධන කරන්න කියලා ඉල්ලන්නේ?" මහලේකම්වරයා විමසුවේ ය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නිවේදනය පහළින්...




සම්බන්ධිත පුවත් | Related News

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.
කොටහේන වැනි සිදුවීම් මගින් පෙන්නවා දෙන්නේ සමාජයක් විදිහට අපි අසමත් බවත්, අප සියලු දෙනා මෙවැනි සිදුවීම් වලට වගකිවයුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට පැවසීය.
බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
කොළඹ විද්‍යාලයක 10 වන වසරේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවියක් පාසල තුලදීම ගුරුවරයකු අතින් අපයෝජනයට ලක්ව පසුව තවත් ටියුෂන් ගුරුවරයකු විසින් ප්‍රසිද්ධියේ අපහසුතාවට ලක්වන අයුරින් කටයුතු කිරීම හේතුවෙන් සියදිවි නසාගන්නා ලද ශිෂ්‍යාව වෙනුවෙන් යුක්තිය ඉල්ලා කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබිණි.
අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන කඩාවැටී තිබුණි.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එස්.එම්.පී. සූරිය බණ්ඩාර පත්කිරීමට ගනුලැබූ තීරණය අහෝසි කරමින් අභියාචනාධිකරණය ඊයේ රිට් ආඥාවක් නිකුත් කළේය.
බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩාවැටී ඇති බව වාර්තා වෙයි.
1945දී හිට්ලර්ගේ ආක්‍රමණික නාසි හමුදාව පරාජය කොට සෝවියට් හමුදා ලැබූ දැවැත්න ජයග්‍රහණයේ 80 වෙනි සැමරුම හෙට එනම් මැයි 9 දිනට යෙදී තිබෙනවා.

ප්‍රධාන පුවත්

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.