ලිංගිකත්වය සඳහා කැමැත්ත පළ කිරීමේ අවම වයස අඩු කිරීමේ ප්‍රතිවිපාක මොනවා ද?
ශ්‍රී ලංකාවේ පවතින නීති රාමුවට අනුව වයස අවුරුදු 18ට අඩු ඕනෑම අයෙකු සැලකෙන්නේ දරුවෙකු ලෙසයි.
වයස අවුරුදු 18ට වඩා අඩු අයට විවාහ වීමට ද අවසර නොමැත.
1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධිත පනතට අනුව වසය අවුරුදු 16ට වැඩි ගැහැණු දරුවෙකු සමඟ, ඇගේ එකඟතාවය හෝ කැමත්ත මත යම් පුද්ගලයෙකු විසින් ලිංගිකව හැසිරීම සලකන්නේ ස්ත්‍රී දූෂණයක් ලෙසයි. එය "ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය" ලෙස හඳුන්වයි. එවැනි සිදුවීමක් වාර්තා වීමේ දී එය ස්ත්‍රී දූෂණයක් ලෙස සලකා දඬුවම් ලබා දීම සිදු විය.
කෙසේ නමුත් මෙම තත්වය ලිහිල් කිරීමට මේ වන විට අධිකරණ අමාත්‍යාංශය විසින් කෙටුම්පතක් කැබිනට් මණ්ඩලය වෙත යොමු කර තිබේ.
මොකක්ද මේ කෙටුම්පත?
වයස අවුරුදු 16ට අඩු ගැහැණු දරුවන් සමඟ ලිංගිකව හැසිරීම ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් ය' යන නීතිය වෙනස් කරමින්, වයස් අවුරුදු 14ත් 16ත් අතර ගැහැණු දරුවන් සිය කැමැත්තෙන් වයස අවුරුදු 22 දක්වා පිරිමි පුද්ගලයෙකු සමඟ ලිංගිකව හැසිරුණු අවස්ථාවක දී එය ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් ලෙස නොසලකා දඬුවම් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පිළිබඳ කෙටුම්පතක් පිළිබඳ ව 2024 මාර්තු 20 දින පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවක් කැඳවා තිබුණි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතීඥ තලතා අතුකෝරළ සභාපතීත්වය දරණ කාන්තාවන් සහ ළමුන් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් කැඳවා තිබූ මෙම සාකච්ඡාවට, ජාතික ළමාරක්ෂණ අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, සායනික මනෝවෛද්‍යවරුන් හා ළමා අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥයන් රැසක් එක් වී සිටි බව ජාතික ළමාරක්ෂණ දෙපාර්තමේන්තුවේ සභාපති ආචාර්ය උදය කුමාර අමරසිංහ බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළේ ය.
ඔහු පැවසුවේ එම කමිටු රැස්වීමට සහභාගී වී සිටි සියලු දෙනාගේ ඒකමතික තීරණය වූයේ මෙම සංශෝධනය නොකළ යුතු බව ය.
1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධිත පනතට අනුව වසය අවුරුදු 16ට වැඩි ගැහැණු දරුවෙකු සමඟ, ඇගේ එකඟතාවය හෝ කැමත්ත මත යම් පුද්ගලයෙකු විසින් ලිංගිකව හැසිරීම සලකන්නේ ස්ත්‍රී දූෂණයක් ලෙසය.
'අපි මේ සංශෝධනයට එකඟ නෑ'
ජාතික ළමාරක්ෂණ අධිකාරිය ඉහත කී සංශෝධනයට එකඟ නොමැති බව කමිටුව හමුවේ දැනුම් දුන් බව ආචාර්ය උදය කුමාර අමරසිංහ පැවසුවේ ය. "ගැහැණු දරුවාට වයස අවුරුදු 14 – 16 අතර වුණත් අපට එය අපරාධයක් නොවෙයි කියලා සලකන්න බෑ. ඒ නිසා අපි මේ යෝජනාවට එකඟ නැති බව දැනුම් දුන්නා. 18ට අඩු අය පමණයි ළමුන් හැටියට සලකන්නේ. නමුත් මෙතැන අවුරුදු 22ක් කියන්නෙ 18 සිට 22 දක්වා වයස් කාණ්ඩ හතරක වැඩිහිටියන් ලෙස සලකන පුද්ගල කණ්ඩායම් හතරක් ඉන්නවා. ඒ තරම් ලොකු ප්‍රමාණයකට දඬුවම් ලිහිල් කරන්නේ ඇයි කියන ප්‍රශ්නය තියෙනවා," සභාපතිවරයා පෙන්වා දුන්නේ ය. සභාපතිවරයා පැවසුවේ මෙම සංශෝධනය සඳහා සාධක වශයෙන් අධිකරණ තීන්දු කිහිපයක් ඉදිරිපත් කර තිබූ බවයි.
කමිටු සභා වාරයේ දී කිසිවෙකු මේ සංශෝධනයට එකඟතාවය පල නොකළ බව අධිකරණ අමාත්‍යාංශය වෙත දැනුම් දීමට කටයුතු කරන බවට කමිටුව අවසානයේ ප්‍රකාශය වූ බව සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ දැඩි විරෝධය
වෛද්‍ය විද්‍යාත්මක කරුණු පදනම්කරගෙන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ද මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය දක්වා තිබේ.
ළමා ගැබ්ගැනීම් ඉතාමත් අවධානම් සහගත බව ඔවුහු එයින් පෙන්වා දී තිබේ.
මෙම පනත් සංශෝධනයෙන් එවැනි අවධානමකට ඉඩකඩ ලබා දීම නිසා මෙය වහාම නවත්වා දැමිය යුතු බව ඔවුන්ගේ මතයයි.
පාර්ශව රැසක දැඩි විරෝධය
යෝජිත සංශෝධනය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් ම විරෝධය දක්වා තිබුණි.
2024 මාර්තු 20 දින ජාතික සංවිධාන එකතුව විසින් පැවැත් වූ මාධ්‍ය හමුවක දී දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මෙම සංශෝධනය දැඩිව ප්‍රතික්ෂේප කළේ ය."මෙම සංශෝධනය අපි දකින්නේ ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී දූෂණ ළමා අපචාර ප්‍රචලිත කරන්න හදන උත්සාහයක් විදිහට.මේ වෙලාවේ මේ රටේ තියෙන දැවෙන ප්‍රශ්නයක් ද මේ කරන්න හදන්නේ? කවුද මේ සංශෝධන කරන්න කියලා ඉල්ලන්නේ?" මහලේකම්වරයා විමසුවේ ය.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නිවේදනය පහළින්...

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්