
මෛත්‍රී CIDයට දුන් ප්‍රකාශය නීතිපතිට
පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයන් තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිදුකළ ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25දා) ඒ මහතාගෙන් පැය 6ක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ඊයේ පෙරවරු 9.50ට පමණ හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර ප්‍රශ්න කිරීම අවසන් වී ඇත්තේ සවස 4.30ට ය.
හිටපු ජනාධිපතිවරයා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමේ සහකාර පොලිස් අධිකාරිවරයකු සහ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකු ඒ මහතාගේ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා යොදවා තිබිණි.
හිටපු ජනාධිපතිවරයා පැවසූ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පසුව විවිධ පාර්ශ්වයන් විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිලි කර තිබුණේ හිටපු ජනාධිපතිවරයා කැඳවා මේ පිළිබඳව ප්‍රශ්න කළ යුතු බවටයි. මහජන ආරක්‍ෂාව භාර ඇමැති ටිරාන් අලස් මහතා විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන්නේ ඉන් අනතුරුවය.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ මංගල දෙහිදෙනිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළේය.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස එම දෙපාර්තමේන්තුව ඒ මහතාට දැනුම් දීමක් කර තිබිණි. එම දැනුම් දීමට අනුව ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත හිටපු ජනාධිපතිවරයා පැමිණි අතර ඒ මහතාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් ඇරැඹිණි.
හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට පැමිණෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ඇතුළු ආධාරකරුවෝ රැසක් එම දෙපාර්තමේන්තුව ඉදිරිපිටට රැස්ව සිටියහ.
මේ අතර මෛත්‍රිපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන ලද ප්‍රකාශය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයාට යොමු කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
