News Category
From Date
To Date
Maximum Number of Result

මෛත්‍රී කර ඇත්තේ හත් වසරක් හිරේ යන්න වෙන වැඩක් - ගම්මන්පිල කියයි

Mar 26, 2024 at 07:44 AM
|

‘මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිතුමන් ත්‍රස්ත ක්‍රියාව ගැන තොරතුරු තමන් ලග තියාගෙන එය පොලීසියට දෙන් නෑ කීම හරහා එතුමන් හත්වසරක් හිරේ යන්න වරදක් කරලා තියෙනවා’ යයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කරසිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

“ත්‍රස්ත ක්‍රියාවක් පිළිබඳ තොරතුරු සැඟවීම පිළිබඳ ජනපති සිරිසේනව අත්අඩංගුවට ගන්න කියලා අපි කිව්වාම පොලිසියෙන් කියනවා අපේ ප්‍රකාශ පදනම් විරහිතයි. නීතිය අනුව එහෙම අත්අඩංගුවට ගන්න බෑ. සිරිසේන මහතාගේ ප්‍රකාශයක් අරගෙන ප්‍රකාශයෙන් හෙලි වෙන කරුණු අනුව තමයි ඒක කරන්න වෙන්නේ කියලා. ඒක වැරදියි.

ඔහු ලබා දෙන ප්‍රකාශය අනුව පාස්කු ප්‍රහාරයේ විමර්ශන ඉදිරියටත් ගෙන යනවා ද තවත් අය අත්අඩංගුවට ගන්නවා ද නඩු පවරනවා ද යනාදි වශයෙන් තීරණය කළ හැකියි. ඒ අනිත් අය ගැන. නමුත් ජනපති සිරිසේන දැනටමත් තමන් වරදක් කලා කියලා පිලිගෙන ඉවරයි. ඔහු ඉතාම පැහැදිලිව කියනවා පාස්කු ප්‍රහාරය කලේ කවුද කියලා මම දන්නවා. අධිකරණ නියෝගයක් ලැබුණොත් පමණක් මම හෙලි කරනවා කියලා. අපරාධයක් පිළිබඳ තොරතුරු දන්නා අය ඒක හෙලි කරන්නේ පොලිසියට මිස අධිකරණයට නොවේ. අධිකරණය ඉන්නේ විමර්ශන කරන්න නොවේ. උසාවියට ඉදිරිපත් කළ චුදිතයින් වැරදිකරු ද නිවැරදිකරු ද කියලා තීරණය කරන්න. විමර්ශනය කරන්නේ පොලිසිය. අපරාධයක් පිළිබඳ තමන් තොරතුරු දන්නවා නම් වහාම ඔහු පොලිසියට ඒ තොරතුරු හෙලි කළ යුතුයි. නැතිනම් එය දඬුවම් ලැබිය හැකි වරදක්. කොහෙද ඒක තිබෙන්නේ?

1979 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ පස්වන වගන්නතිය. ත්‍රස්තවාදී ක්‍රියාවක් පිළිබද තොරතුරක් හෝ ඒ පිළිබද තොරතුරක් දන්න කෙනෙක් ගැන තොරතුරක් හෝ දැන ගෙන එය පොලීසියට ඉදිරිපත් නොකර සිටීම මේ පනත යටතේ වසර හතක් දක්වා බරපතල සිරදඩුවම් ලැබිය හැකි වරදක්.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිතුමන් ත්‍රස්ත ක්‍රියාව ගැන තොරතුරු තමන් ලග තියාගෙන එය පොලීසියට දෙන් නෑ කීම හරහා එතුමන් හත්වසරක් හිරේ යන්න වරදක් කරලා තියෙනවා. පොලිස්පත්තුමනි නීතිය පැහැදිලියි. දැන්වත් ගිහිල්ලා මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමන්ව අත්අඩංගුවට අරගන්න. එය පොලීසිය සතු පැහැර හරින්න බැරි වගකීමක්

සාමාන්‍යෙයන් නම් කියන්නේ කියන්න පෙර සිතා බලනු කියයලිය. නමුත් සිරිසේන මහත්තය නම් ඉතිහාසය පුරාම ප්‍රකාශය කරල තමයි හිතන්න පටන් ගත්තේ. එතුමා කිසිම නමක් කිසිම දෙයක් ගැන තොරතුරක් හෙළිකරාවි කියලා මම නම් හිතන් නැ. නීතියේ නව පිටුවක් පෙරළමින් කැබිනට් ඇමතිකෙනෙක් අත්අඩංගුවට ගත්තා. වත්මන් පොලිස්පතිවරයා ගැන අපි සතුටු වෙනවා කැබිනට් අමාත්‍යවරයෙක් අත්අඩංගුවට ගන්න පොලිසිට හැකියාව තිබීම ගැන . හිටපු ජනපති කෙනෙක් අත්අඩංගුවට ගෙන පොලීසියේ ස්වාදීනත්වය සහ පෞර්ෂත්වය පෙන්නනාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

මහජන ආරක්ෂාව භාර අමාත්‍යතුමන් දිගින් දිගටම කිව්වා පාස්සකු ප්‍රහාරය ගැන අප සොයාගත් තොරතුරු වලට අනුව දැනටමත් විශාල පිරිසකට නඩු දාලා තියෙන්නේ අපි නොදන්නා දෙයක් ඔබ දන්නවා නම් පොලීසියට කියන්න කියලා. ඉන් පසු ප්‍රහාරය ගැන කයිවාරු ගසමින් හිටිය බොහෝදෙනෙක් නිහඩ වුනා. ඔන්න දැන් සිරිසේන මහත්තයා දන්න කෙනෙක් විදිහට ඉදිරියට ඇවිත්. කවුරු හරි එතුමාව ඉස්සරහට තල්ලු කරාද දන් නැ.

කොහොම නමුත් මාධ්‍යවලටත් මෙහි ගෞරවය හිමිවෙනවා. මොකද මාධ්‍ය ප්‍රශ්න ඇහුවේ නැත්නම් මේ රහස රැකගෙන සිරිසේන මහත්තයා මිය යන තුරුම ඉන්නවා”

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.
කොටහේන වැනි සිදුවීම් මගින් පෙන්නවා දෙන්නේ සමාජයක් විදිහට අපි අසමත් බවත්, අප සියලු දෙනා මෙවැනි සිදුවීම් වලට වගකිවයුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට පැවසීය.
බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
කොළඹ විද්‍යාලයක 10 වන වසරේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවියක් පාසල තුලදීම ගුරුවරයකු අතින් අපයෝජනයට ලක්ව පසුව තවත් ටියුෂන් ගුරුවරයකු විසින් ප්‍රසිද්ධියේ අපහසුතාවට ලක්වන අයුරින් කටයුතු කිරීම හේතුවෙන් සියදිවි නසාගන්නා ලද ශිෂ්‍යාව වෙනුවෙන් යුක්තිය ඉල්ලා කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබිණි.
අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන කඩාවැටී තිබුණි.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එස්.එම්.පී. සූරිය බණ්ඩාර පත්කිරීමට ගනුලැබූ තීරණය අහෝසි කරමින් අභියාචනාධිකරණය ඊයේ රිට් ආඥාවක් නිකුත් කළේය.
බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩාවැටී ඇති බව වාර්තා වෙයි.
1945දී හිට්ලර්ගේ ආක්‍රමණික නාසි හමුදාව පරාජය කොට සෝවියට් හමුදා ලැබූ දැවැත්න ජයග්‍රහණයේ 80 වෙනි සැමරුම හෙට එනම් මැයි 9 දිනට යෙදී තිබෙනවා.

ප්‍රධාන පුවත්

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.