ඩොලරයේ අගය කඩා වැටෙන්නේ ආර්ථිකය හැකිලෙමින් තිබෙන නිසා - ගම්මන්පිල කියයි
ඩොලරයේ අගය කඩා වැටෙන්නේ ආණ්ඩුව මෙරට ආර්ථිකය සවිමත් කරන නිසා නොව මෙරට ආර්ථිකය හැකිලෙමින් තිබෙන නිසා බවත් මෙය අහිතකර තත්වයක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කරසිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
‘2024 ජනවාරි 1 දා රුපියල් 325ක් වුණු ඩොලරය මාර්තු 22 වන විට රු303 දක්වා පහත වැටී තිබෙනවා. ඩොලරය කඩා වැටෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිලිතුරු බඳින ආණ්ඩුව කියන්නේ ආර්ථිකය සවිමත් වන නිසා ඩොලරය පහත වැටෙන බවයි. ඒක ඇත්තක් ද?
ආර්ථික විද්‍යාව අනුව ඩොලරයේ වටිනාකම පහත වැටෙන්නේ ප්‍රධාන වශයෙන් හේතු දෙකක් මත. පළමු හේතුව තමයි අපනයන ආදායම, සංචාරක ආදායම සහ විදේශ ප්‍රේෂණ වැඩි වෙලා ඩොලර් සැපයුම ඉහළ නැගීමෙන්. දෙවන හේතුව තමයි ආනයන අඩු වෙලා ඩොලර් ඉල්ලුම පහත වැටීමෙන්. දැන් ඇත්තටම මොකද වෙලා තිබෙන්නේ? 2024 පෙබරවාරි මාසයෙන් අවසන් වුණු වසර තුල අපනයන ආදායම වැඩි වෙලා තිබෙන්නේ 1%යි. නමුත් ආනයන වියදම 18%කින් අඩු වෙලා. ආනයන අඩු වෙනවා කියන්නේ අපේ පරිභෝජනය අඩු වෙලා ආර්ථිකය හැකිලෙමින් තිබෙනවා කියන එකයි.
ආනයන අඩු වෙන විට පරිභෝජන භාණ්ඩ නම් අඩු වෙන්නේ දේශීය නිෂ්පාදන වැඩි වෙලා ඇති කියලා හිතලා ඒක හොඳයි කියන්න පුළුවන්. නමුත් ගිය වසරට සාපේක්ෂව අමුද්‍රව්‍ය ආනයනය ඩොලර් බිලියන තුනකින් අඩු වෙලා. යන්ත්‍ර සූත්‍ර වැනි ප්‍රාග්ධන භාණ්ඩ ආනයනය ඩොලර් බිලියන 2.6කින් අඩු වෙලා. යන්ත්‍ර සූත්‍ර සහ අමුද්‍රව්‍ය වලට තිබෙන ඉල්ලුම අඩු වෙනවා කියන්නේ අපේ කම්හල් වැසී යමින් පවතින බවයි. ඇයි අපට මෙහෙම වුණේ?
ආණ්ඩුව වසර ගණනාවක් පුරා අඩු මිලට විදුලිය සහ තෙල් විකිණීමෙන් සිදු වුණු පාඩුව අය කර ගන්න පසුගිය වසර තුල දැවැන්ත ලෙස වගේම ඉතාම අසාධාරණ විධියට විදුලි බිල සහ තෙල් මිල වැඩි කිරීම නිසා කම්හල් හිමියන්ට මුලින්ම මුහුණ දෙන්න වුණේ රෝල ගෙනි යන්න අතේ සල්ලි නැති වීමයි. ආර්ථික විද්‍යා භාෂාවෙන් කියනවා නම් කාරක ප්‍රාග්ධනය හිඟ වීම. ඒ වගේම මේ වගේ දැවැන්ත බිල් ගෙවලා භාණ්ඩයක් හැදුවාම ඒවායේ නිෂ්පාදන වියදම හරිම ඉහලයි. ඒ නිසා අපේ භාණ්ඩ වලට ජාත්‍යන්තර වෙළඳපොලේ තරග කරන්න බැරි වෙලා විකිණෙන්නේ නැතිව යනවා. ඒ නිසා කර්මාන්ත වැසී යනවා.
ඉහත තත්වය යටතේ ඩොලරය අගය පහත වැටීමෙන් පෙනී යන්නේ ආර්ථිකය සවිමත් වෙනවා කියන එක නොවේ. අපේ කර්මාන්ත ක්ෂේත්‍රය බලවත් කඩා වැටීමකට ලක් වෙලා කියන එකයි’
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්