
ඩොලරයේ අගය කඩා වැටෙන්නේ ආර්ථිකය හැකිලෙමින් තිබෙන නිසා - ගම්මන්පිල කියයි
ඩොලරයේ අගය කඩා වැටෙන්නේ ආණ්ඩුව මෙරට ආර්ථිකය සවිමත් කරන නිසා නොව මෙරට ආර්ථිකය හැකිලෙමින් තිබෙන නිසා බවත් මෙය අහිතකර තත්වයක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කරසිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
‘2024 ජනවාරි 1 දා රුපියල් 325ක් වුණු ඩොලරය මාර්තු 22 වන විට රු303 දක්වා පහත වැටී තිබෙනවා. ඩොලරය කඩා වැටෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිලිතුරු බඳින ආණ්ඩුව කියන්නේ ආර්ථිකය සවිමත් වන නිසා ඩොලරය පහත වැටෙන බවයි. ඒක ඇත්තක් ද?
ආර්ථික විද්‍යාව අනුව ඩොලරයේ වටිනාකම පහත වැටෙන්නේ ප්‍රධාන වශයෙන් හේතු දෙකක් මත. පළමු හේතුව තමයි අපනයන ආදායම, සංචාරක ආදායම සහ විදේශ ප්‍රේෂණ වැඩි වෙලා ඩොලර් සැපයුම ඉහළ නැගීමෙන්. දෙවන හේතුව තමයි ආනයන අඩු වෙලා ඩොලර් ඉල්ලුම පහත වැටීමෙන්. දැන් ඇත්තටම මොකද වෙලා තිබෙන්නේ? 2024 පෙබරවාරි මාසයෙන් අවසන් වුණු වසර තුල අපනයන ආදායම වැඩි වෙලා තිබෙන්නේ 1%යි. නමුත් ආනයන වියදම 18%කින් අඩු වෙලා. ආනයන අඩු වෙනවා කියන්නේ අපේ පරිභෝජනය අඩු වෙලා ආර්ථිකය හැකිලෙමින් තිබෙනවා කියන එකයි.
ආනයන අඩු වෙන විට පරිභෝජන භාණ්ඩ නම් අඩු වෙන්නේ දේශීය නිෂ්පාදන වැඩි වෙලා ඇති කියලා හිතලා ඒක හොඳයි කියන්න පුළුවන්. නමුත් ගිය වසරට සාපේක්ෂව අමුද්‍රව්‍ය ආනයනය ඩොලර් බිලියන තුනකින් අඩු වෙලා. යන්ත්‍ර සූත්‍ර වැනි ප්‍රාග්ධන භාණ්ඩ ආනයනය ඩොලර් බිලියන 2.6කින් අඩු වෙලා. යන්ත්‍ර සූත්‍ර සහ අමුද්‍රව්‍ය වලට තිබෙන ඉල්ලුම අඩු වෙනවා කියන්නේ අපේ කම්හල් වැසී යමින් පවතින බවයි. ඇයි අපට මෙහෙම වුණේ?
ආණ්ඩුව වසර ගණනාවක් පුරා අඩු මිලට විදුලිය සහ තෙල් විකිණීමෙන් සිදු වුණු පාඩුව අය කර ගන්න පසුගිය වසර තුල දැවැන්ත ලෙස වගේම ඉතාම අසාධාරණ විධියට විදුලි බිල සහ තෙල් මිල වැඩි කිරීම නිසා කම්හල් හිමියන්ට මුලින්ම මුහුණ දෙන්න වුණේ රෝල ගෙනි යන්න අතේ සල්ලි නැති වීමයි. ආර්ථික විද්‍යා භාෂාවෙන් කියනවා නම් කාරක ප්‍රාග්ධනය හිඟ වීම. ඒ වගේම මේ වගේ දැවැන්ත බිල් ගෙවලා භාණ්ඩයක් හැදුවාම ඒවායේ නිෂ්පාදන වියදම හරිම ඉහලයි. ඒ නිසා අපේ භාණ්ඩ වලට ජාත්‍යන්තර වෙළඳපොලේ තරග කරන්න බැරි වෙලා විකිණෙන්නේ නැතිව යනවා. ඒ නිසා කර්මාන්ත වැසී යනවා.
ඉහත තත්වය යටතේ ඩොලරය අගය පහත වැටීමෙන් පෙනී යන්නේ ආර්ථිකය සවිමත් වෙනවා කියන එක නොවේ. අපේ කර්මාන්ත ක්ෂේත්‍රය බලවත් කඩා වැටීමකට ලක් වෙලා කියන එකයි’
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
